Friday, June 17, 2016

(64) තනි වෙන්නට මගේ ලොවේ - වික්ටර් රත්නායක


සිංහල විරහ ගීත අතර නොමියෙන ගීතයක් ලෙස මෙමෙ ගීතයේ පද පෙළ රචනා කරන්නේ බුද්ධදාස ගලප්පත්ති මහතා. 1980 දශකයේ මැද භාගයේ ලියවුනු මේ ගීතය ඒ මහතාගේ අත්දැකීම් ඇසුරෙන් ලියන ලද්දක්. එය එතුමාගේ වචනයෙන්ම;
මේ ගීය ලියෑවුණේ අසූගණන්වල මැද. ප්‍රේමය ගැන අත්දැකීමක්‌. හැබැයි මගේම අත්දැකීමක්‌ කියා සම්පූර්ණයෙන්ම කියන්න බැහැ. කොටසක්‌ මගේ අත්දැකීමක්‌. සත්‍ය හා කල්පිතයන් අතර අත්දැකීම් පෙළක්‌ කියලා කිව්වොත් නිවැරැදියි.

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්