Sunday, November 22, 2015

(26) ගමට කලින් හිරු - කරුණාරත්න දිවුල්ගනේ


අම්මා යනු මිහිපිට ඇති වටිනාම වස්තුවයි.ඔබ ,මම අපි සියල්ල මොලොවට බිහිවී ඇත්තේ මවගෙනි.විශිෂ්ට රුසියානු නවකතාකරුවකු වන මැක්සිම් ගෝර්කි අම්මා ගැන කියන්නේ මෙවන්නකි.ලොව ඇති සෑම හොඳ දෙයක්ම බිහිවන්නේ මවගේ කිරිවලිනි.මව යන උත්තරීතර වදනට සමකළ හැකි අන් කිසිවක් නැත.අප සතුව ඇති සෑම හොඳ දෙයක්ම අප ලබාගත්තේ මවගෙනි.ආදරය,සෙනෙහස,කරුණාව,දයාව මේ සියල්ලක්ම අපට ලැබී ඇත්තේ මවගෙනි.මෙකී උත්තරීතර චරිතය වෙනුවෙන් උපහාර ගීත ලිවීමට අමතක කිරීමට තරම් අප රටෙහි කලාකරුවන් අකෘත්යඋ නොවූහ.එසේ මව වෙනුවෙන් ලියවුණු විශිෂ්ට මව්ගුණ ගීතයකි ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා නම් ගීතය.

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා


අප කාටත් කලින් අවදිවන්නී මවයි.ඈ අවදි වූ විගස දිවයන්නේ මුළුතැන්ගෙටයි.අවදි වී ආහාර පිසයි.දරුවන් පාසැල් යැවීමට අවශ්යය කටයුතු සුදානම් කරයි.මේ සියල්ලම සියල්ලම සිදු කරන්නේ ඇගේ අතිනි.මෙයයි ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා යන්නෙන් සංකේතවත් කරනුයේ.ඇගෙන් ලබනා ආලෝකයෙනි
අප සියළු දෙනාම ජීවිතය ලබනුයේ.ජිවිතය යනු කුමක්දැයි අපට වටහා දෙනුයේද,අපගේ බුද්ධිය අවදි කරනුයේද ඇයයි.අගෙන් ලබනා ආලෝකයෙනි අපගේ බුද්ධිය නම් කුසුම විකසිත වනුයේ.ඇගෙන් අප දිවියට ලද ආලෝකය කිසාය අප අද සුවයක් විඳගනුයේ.වැව යනු සංහල ගැමියාගේ ප්රා ණය හා සමාන වස්තුවකි.හහෙයිනි වැවට ගැමියන් දේවත්වයක් පවා ආරෝපණය කරනුයේ.මව ද කලා වැවේ නිල්වන් දියට සදාන කිරීමෙන් කවියා මව යනු අප සතු උතුම්ව වස්තුව වනවා යන්න අවධාරණය කරනවා පමණක් නොව,ඇයට දේවත්වයක් ද ආරෝපණය කරයි.

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
සිත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදින්නේ

කොතරම් රෑ බෝ වුවද තම දරුවන් එනතුරු නිදිවරමින් බලා සිටින්නී මවයි.ඇය නෙතට පමණක් නොව සිතට ද විවේකයක් නොදෙයි.ඇය නින්දට ගිය ද සිහිනෙන් පවා සිතනුයේ හෙට දින ඇය විසින් කළ යුත්තේ කුමක්ද? යන්නයි.මවක් මුළු දවස පුරාම පමණක් නොව ඇය ජීවත්වන කාලය පුරාවටම සිතනුයේ තම දරුවන් පිළිබඳවයි.තම දරුවන් විවාහ වී ඔවුන්ද දරුවන් ලැබූ පසු වුවද මව තම දරුවන් ගැන සිතීම අත් නොහරයි.ඒ සෙනෙහස ,ලබැදියාව බිඳක් වත් අත් නොහරියි.

වෙල් එළිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මඟ නෙත් හමුවේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා

වෙල් එළිවල ඇවිදින කල ඇගේ දෙපා රිදෙන්නට පුළුවන.එවිට ඇයට පක්ෂීන්ගේ සුමිහිරි ගීතයන් බණපද වේවා!යිද ඊට ඇගේ තුන් සිත නිවන්නට හැකිවේවායි!යනුවෙන් කවියා ප්රාේර්ථනා කරයි.මේ තුළින් කවියා තුළ තම මව කෙරෙහි ඇති අපිරිමිත වූ ආදරය ගම්යනමාන නොවන්නෙහිද?තවත් විටෙක කවියා මව ඇත් රැජිනියකට සම කරයි.මන්ද අප දිවියේ සිටින දැවැනතම ශක්තිව යන්නී මවයි.මෙය කවියා මැනවින් අවබෝධ කොටගෙන ඇත්තේය.ඇව විසින් ගයනා නැළවිළි ගීතය ලොවම නිවනා කවියක් වේවායි!කවියා පතයි.මන්ද මව යනු රටකට ජාතියකට සීමා වූවක් නොව.එය මුළු ලොවටම එකසේ අයිති උත්තරීතර වස්තුවකි.
ගේය පද රචනය,සංගීතය හා ගායනය යන ත්රිූලක්ෂණයෙන්ම මනා සේ පරිපූර්ණ වූ ගීතයක් ලෙසින් මෙම ගීතය සැලකිය හැකිය.සුනිල් දයානන්ද කෝණාරගේ විශිෂ්ට ගේය පද රචනයෙන් මෙන්ම ස්වර රචනයෙන්ද අලංකෘත වූ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ කරුණාරත්න දිවුල්ගනේ නම් විශිෂ්ට කලාකරුවාණන් විසිනි.උත්තරීතර මව වෙනුවෙන් පිදුණු සෙනෙහෙබර තිලිණයක් ලෙසින් සිංහල ගීත සාහිත්ය තුළ තිබෙන්නා වූ ගී මිණක් ලෙසින් මෙම ගීතය හැඳින්විය හැකිය.




3 comments:

  1. ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔබගේ මේ වෑයමට..

    ReplyDelete
  2. මියුසික් ගැන කථා කරන්නම ඕනි ගීයක්..මේක ගීයක් නිසා

    ReplyDelete