Wednesday, April 13, 2016

(39) අන්දරයායේ වැව් තාවුල්ලේ - කරුණාරත්න දිවුල්ගනේ


දිනේ පටන් මා උපන්න
ඔබ විඳි දුක් බැහැ කියන්න
දොහොත් මුදුනෙ තබා මෙන්න
ව්න්දිමි පියෙනි පින් ලබන්න

තාත්තා කියන වචනයට මගේ අරුතක් දෙනවට වඩා මගේ මිත්රියෙක් ඒ වචනෙට අපූරු අරුතක් එක් කරල තිබුන මේ බුකියෙ. ඔක්කොටම කලින් ඒක චුට්ටක් කියවල ඉන්න, මේ අපූර්වතම මගේ ඔන්ලයින් මිත්රය තමයි Saar Chanuka

("තාත්තා.....මොන තරම් බරක් හිතට දැනෙන වචනයක් ද...ජිවිතේ මම දන්නා විදිහට අම්මා කියන්න කලින් තමා අපි තාත්තා කියන්නේ...එහෙම කියන්නේ මගේ අම්මා...මම මුලින්ම කිවුවේ තාත්තා කියලලු...සමහර විට ඒ නිසා වෙන්න ඇති තාත්තගේ ආදරේ බරට දැනෙන්නේ...මගේ තාත්තා මට මිල කරන්න බැරි අමිල වස්තුවක්...තාත්තා අපේ ලෝකේ රජෙක් ඒ වගේම වීරයෙක්...තාත්තෙක් ගේ ආදරේ බර අපේ පපුවට දැනෙන්නේ කවදාහරි ඒ පුතා තාත්තා කෙනෙක් උනාම...ඒ දුව දීගෙක යනකොට...අම්මා වගේ ලේ කිරි කරලා නොපෙව්වට...තාත්තගේ දහඩිය ලේ වලට සමයි.....අපි අද යම්

තැනක ඉන්නවා නම් ඒ අම්මගෙ වගේම තාත්තගේ දහිරිය ශක්තිය මග පෙන්වීම නිසයි...තාත්තට පපුවේ තියෙන ආදරේ සෙනෙහස පෙන්නන්න බෑ...පෙන්නන්න බෑ නෙමෙයි තාත්තට ඒක පෙන්නන්න තේරෙන්නේ නෑ...ඒත් ඒ හිත ඇතුලේ තියෙන රටක් හොල්ලන්න පුළුවන් තරම් ආදරයක් සෙනෙහසක් දරු කැක්කුමක් තියෙනවා...එහෙම නෑ කියන්න මටවත් ඔයාලටවත් අයිතියක් නෑ...අපි දඟ වැඩක් කළාම අපිට තාත්තා බැන්නොත් හරි ගැහුවොත් හරි අපේ හිත මහා ගොඩක් රිදෙන්නේ අපිට තාත්තගේ ආදරේ මහා මෙරක් වගේ දැනෙන නිසා...මට මගේ තාත්තා අමිලයි...මං දන්නවා ඔයාලටත් එහෙමයි...මගේ අම්මා බුදු වේවා කියනවා වගේ මගේ තාත්තා බුදු වේවා කියන්න බැරි ඇයි අපිට...තාත්තගේ ගුණ ගයන්න පියවරුන්ගේ දිනයක්ම ඕනෙද...තාත්තා අපිට ඇදුමක් අරන් දෙන්නේ...අපි දිහා බලන්නේ ලෝක ළමා දිනයට විතරද...අම්මගෙ ලේ කිරි වලට පඬුරක් දෙනවා නම් තාත්තගේ දහඩිය කදුළු වලට කෝ තැනක්....මට මගේ අම්මා තාත්තා මගේ ඇස් දෙක වගේ..අපිට අපේ ඇස් දෙකට වටිනාකමක් ඉල්ලුවොත් ඇස් දෙකට වටිනාකම් දෙකක් දෙන්න බෑ...ඒ වගේම තමයි අම්මට එක වටිනාකමක් තාත්තට එක වටිනාකමක් දෙන්න බෑ.....෴තාත්තේ තාත්තගේ ආදරේ මට මහමෙරක් වගේ...ඒ ආදරේ බර මට මහමෙරක් වගේ දැනෙනවා...ඔබ වැනි පියෙක් ලබන්නට මම පින් කර ඇත්තෙමි...මතු උපදින හැම භවයකම ඔබ මගේම පියා වී ඉපදේවා කියා පතමි...වෙන මට ඔබෙන් වැඳ වැටී ඉල්ලන්නට දෙයක් නැත...මන්ද ඔබ මට මා ඉල්ලු හැමදේම අඩුවක් නැතුව දී ඇති බැවිනි...ඔබේ ණය මට කවදාවත් ගෙවා නිම කර ගන්නට බැරි බැවින්...ඔබ මට දෙන ආදරයෙන් දශමයක් හෝ ඔබට දෙන්නට උත්සහ කරමි...මට ඇත්තටම කියන්න ඕන උනේ මගේ තාත්තට මං මහා ගොඩාක් ආදරෙයි කියලා..
මං දුවෙක් උනා නම් ඔන්න තාත්තා එක්ක කරට කර දාගෙන ඉන්න තිබුනා...
ඒත් මොකද්දෝ කරුමෙකට අද වෙනකොට තාත්තා එක්ක සම්බන්ධ තාවය මට මිස් වෙලා...
ඒක ඇති කරගන්නත් බැරි තරම්..
මං දන්නවා මේ ලෝකේ මගේ පලවෙනි වීරයා ඔහු...
මට මොන දැනුමක් තිබුනත්
සමාජය ගැන මගේ තාත්තට වඩා දැනුමක් මට නෑ...
මට කම්ප්යුටර් එකේ ෆෝල්ඩර එකක් create කරන්න පුළුවන් උනාට
තාත්තට මුළු පවුලක්ම කරගහගෙන යන්න හයියක් තිබුනා...
සමහරවිට මාත් දවසක අද තාත්තා ඉන්න තැනට යයි....
මුලින් කඩවල් වල සිකියුරිටි රස්සාවක් කරලා ඒ ගමන් වේටර් වැඩෙත් කරලා
තාත්තා අද ලොකු ගමනක් ඇවිත්
අමාරුවෙන් ඇඳ ගත්ත සෙරෙප්පු කෑලි දෙක දාගෙන ඉස්කෝලේ ගිහින් එකම කලිසමයි ෂර්ට් එකයි හැමදාම හෝද හෝද ඇඳගෙන තාත්තා කාපු කට්ට මට කන්න ඉඩ දුන්නේ නෑ...
තව අවුරුදු ගානකින් මාත් තාත්තා කෙනෙක් වෙයි...
එයාලාට දුක් විඳින්න හේතුවක් නෑ එදාට..
ඒ ළමයින්ගේ ළමයින්ට හොඳ දියුණුවක් තියෙයි...
ඒත් හැමදේම කරගන්න මුල් ශක්තිය උනේ මගේ තාත්තා...
බොරුවට මසල්ස් හදාගෙන ඔහු වීරයෙක් උනේ නෑ...
ඇඟ පත නොතිබුනාට ලොකුවට ඔහුගේ හිතේ ශක්තිය ජෝන් සීනාටවත් නැහැ කියලා මං ඉර හඳ වගේ දන්නවා...
මගේ ලෝකයේ හිරු ඔබයි...ඒත් අද ඒ ඉරට මට කිට්ටු වෙන්න බැරි කියාගන්න බැරි හේතුවක් දුවනවා...
ගොඩක් පුත්තුන්ගේ කතාව මේක මං දන්න තරමින්...
අපිට අද ඔබේ ආදරය රැකවරණය දැනෙන්නේ නැතුව නෙමෙයි...
ඒත් ඒක පෙන්නන්න අපිට ලොකු හයියක් නෑ...
ජිවිතයේ ආයෙත් මොන ආත්මෙක ඉපදුනත්
මං ප්රාර්ථනා කරන්නේ එකම දෙයයි.
මේ ආත්මේ හම්බ උන තාත්තම මට ආයෙත් ඉපදෙන හැම ආත්මෙකම දෙන්න පුලුවන්නම් ??" (copied from : Saar Chanukas wall)

පියා නැතිතම් "අප්පච්චි" යනු අපේ ජීවිතයේට එළිය දුන්නු තවත් එක් චරිතයක්.මවට ගෙදර බුදුන් කියනවාක් මෙන් පියාට නොකිවුවද,පියා ද ඒ හා සමාන වූ පූජනීයත්වයෙන් අදහන චරිතයකි.මවගෙ ආදරය මෙන්ම පියාගෙ රැකවරණය ද අපට මහ මෙරක් තරම් වටී.ඒ නිසාම පියාට අප ජීවිතයෙ සුවිශේෂි තැනක් හිමිවේ.මව් සෙනෙහස ගැන තරමටම පිය සෙනෙහස ගැන ගී ගියැවී නැතත් පිය සෙනෙහස ගැනත් යම් තරමකට හෝ ගී ලියැවී ඇත.ඒ අඩුවය ටී.එම් ජයරත්නයන් ඉගිකරනුයේ "පිය සෙනෙහසට කව් ගී ලියවුණා" මදි යනුවෙන් .එසේ පිය සෙනෙහස ගැන ලියවුණු අල්පයක් තරම් වු ගී අතුරින් ඉතා විශිෂ්ට නිර්මාණයකි "අන්දර යායේ වැව් තාවුල්ලේ" නම් වූ සොදුරුතම ගීතය.මෙහි පද රචකයා වන්නේ ප්රතිභාපූර්ණ ගේය පද රචකයෙකු වන "කුමාර ලියනගේ" මහතාය.මෙම ගීතය රචනා කිරීමේදී එතුමාගේ පියා වස්තු විෂය කොටගත්තද,මෙය සමස්ත පියවරුන් වෙනුවෙන්ම රචනා කරන ලද විශිෂ්ට පියගුණ ගීතයකි.


මෙම අපූර්වතම ගීතය ගැන කුමාර ලියනගේ මහතා මෑතකදී දැක්වූ අදහසකි මේ


"වෘත්තියෙන් ගුරුවරයකු වූ, පොළොව එක්ක ඔට්ටු වුණු තාත්තා ගේ දේහය මට දෑසින් දැක ගන්නට ලැබුණේ නැත. ඒ වනවිට මාරාන්තික ලියුකේමියා රෝගයෙන් පෙළෙමින්, මහරගම පිළීකා රෝහලේ ප්රතිකාර ලබමින් සිටි එකම සහෝදරයා දැඩි ලෙස ගිලන් ව සිටි බැවින් ඔහු දමා තාත්තා ගේ මළගමට යෑමට මට ද නොහැකි විණි. පසුව නිවසට ගිය විට මට දෑසින් දැක ගන්නට ලැබුණේ තාත්තා ආදාහනය කෙරුණු සොහොන පමණි."


මෙම ගීතයට සංතීතය නිර්මාණය කළ "රෝහණ ධර්මකීර්ති" නම් වූ සංගීතවේදියා සිළුමිණ පුවත්පතට පළකොට තිබූ අදහසකි පහත දැක්වෙනුයේ.


“මේ ගීතය මටත් සුවිශේෂී අත්දැකීමක් වුණා. මගේ පියාත් අප යහමග යවා රටට වැඩදායි පුද්ගලයින් කරන්නට වෙහෙසුණු දහසක් සිසුන්ට මග නොමඟ කියා දුන් විදුහල්පතිවරයෙක්. මේ ගීතය දුටු විගස මගේ නෙතට කඳුළු නැඟුණා.
මා සංගීත ප්රසංගයකට පිටරට ගොස් සිටි මොහොතක මගේ පියාගේ ජීවිතය නැති වුණේ. එහෙත් අප ගොස් තිබුණේ කණ්ඩායමක් වශයෙන් නිසා මගේ පියාගේ අවසන් මොහොත මට දකින්නට ලැබුණෙ නැහැ. මගේ මුළු ආත්මය ම කඩා වැටුණා වගේ වුණා. මා එතෙර සිට පියා වෙනුවෙන් වැළපුණේ අසරණවයි".


"අන්දරයායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී" යනුවෙන් ඇසෙනවිට අපට අපේ පියා මැවී පෙනේ. "දොලේ දියයි ඔබ හිතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චී" යනුවෙන් රචකයා ප්රකාශ කරනුයේ තමාගේ මුළු ජීවිතයම තම පියා බවයි.එසේම තමාගේ වටිනාම වස්තුව තම පියාබව කියයි.එසේම "වළාකුළේ ඩාබිඳු තවරා මහ පොළොවට මහ වැසි ගෙනෙනා" යනුවෙන් රචකයා තම පියා තමා වෙනුවෙන් තම ජීවිතය කැපකළ සැටි රචකයා සිහි කරයි.එසේ තම දාඩිය වගුරවමින් පියෙක් වෙහෙසෙනුයේ තම දරුවාට යහපත් ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසාලීමටය.ජීවිත ගමනේ හමුවූ අනන්ත අප්රමාණ වූ බාධකයන්ගෙන් තමා මුදවාගෙන තම ජීවිත ගමනේ ඉදිරියට එන්නට මාවත සැකසූයේ තම පියා බව කථකයා සිහිපත් කරනුයේ මෙසේය. "ඒ දඬු මං බැඳ සත්කුළු පවු බිඳ සිදාදියට එන මං තැනුවා".මෙහි කථකයා තම පියා සිහිකරනුයේ ජීවිත ගමනේ කදු මුදුනේ සිටය.කදු මුදුනක සිට බලන්නෙකුට පහළ හොඳින් දර්ශනය වන්නා සේම ජීවිතයේ දුරක් ගිය කල්හිය ජීවිතය වැටහෙන්නේ.කථකයාට තම පියා පිළිබද මතකය හොදින්ම දැනෙන්නේ එම මොහොතේය.කථකයාට පමණක් නොව අපටද එසේමය.රචකයාගේ පරිකල්පන හැකියාව අපූර්වය.පියා ගැන සිහිපත් කරන එම මොහොතේ කඳුළැලි එනුයේ අපටත් නොදැනීමය.


මෙම ගීතයට තම මධුර මනෝහර හඩින් ජීවය කවනුයේ ප්රවීණ ගායක කරුණාරත්න දිවුල්ගනේ මහතාය.ඕනෑම ගීතයක් සාර්ථක වීමට නම් සංගීතය,පද රචනය හා ගායනය නම් වූ අංග ත්රිත්වයෙන්ම මනා දායකත්වයක් තිබිය යුතුය.එයින් එක් අංගයක හෝ දායකත්වය බිද වැටුන හොත් එය ගීතයේ අසාර්ථකත්වයට හේතුවිය හැක.එසේ බලන කළ මෙම ගීතය අදාළ අංග ත්රිත්වයෙන් මනාව සැදුම්ලත් විශිෂ්ට ගීතයක් බව කිවයුතුය.එසේම මේ ගීතය රස නොවිදින ලද අයෙක් සිටීනම් මෙය රසවිදින මෙන් ඉල්ලා සිටිමි.එවිට ඔබට ඔබේ පියා ගැනත් හොඳින්ම දැනේවි.

අන්දරයායේ වැව් තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි ඔබ කෙතේ නිලයි
ගහවැලේ මලයි මට අප්පච්චී

වළාකුළේ ඩාබිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
ඒ දඬු මං බැඳ සත්කුළු පවු බිඳ
සිදාදියට එන මං තැනුවා

තුරුහිස් මුදුනේ මල් පළඳ්ර
කැකුළු මුවට පල වැල නෙලුවා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුළැලි සැලුවා

අනේක විද දුක් කම් කටොලු දරා...
මා ඉපදුන දා සිට.. මගෙම....
සෙවනැල්ල සේ උන්..
මගේම බුදු තාත්තාටත්
මේ ලෝකයේ සිටින සියලු පියවරුන්ටත් උපහාරයක්ම වේවා




                                           



1 comment:

  1. http://holmesarea.blogspot.com

    මේකෙ තියන පෝස්ට් නේද මේ අරගෙන තියෙන්නෙ

    බොහොම කැතයි

    ReplyDelete