Wednesday, April 13, 2016

(55) අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - ටී.එම්.ජයරත්න



අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.
ගෙදර බුදුන් අම්මා කියල හැමෝම කියද්දි තාත්ත කියන කෙනාට කවුරුවත් ගෙදර බුදුන් නොකියන්නෙ ඇයි. මොන දේ වුනත් මොන ප්රවශ්නෙ ආවත් මට නම් මගෙ අම්මයි තාත්තයි දෙන්නම එක හා සමානව වටිනා. මගේ ගෙදර බුදුන්ල දෙන්නයි. ඒ මගේ අම්ම තාත්තා

මේ ගීතය අද ඉදිරිපත් කරන්න හිතුනේ ඊයෙ දවසෙ සමාජ ජාල වෙබ් අඩවිය පරික්ශා කරන කොට හම්බු උන ඉතා සන්වේදී රූප දෙකක් නිසා. මේ ලිපිය සමග අමුනා ඇති ඒ රූප දෙක ටිකක් බලන. තම පුතුට රොටි කවන පිය තුමාගේ ඇස් වලි වැටෙන කඳුලු කැට. මුහුනේ ඉරියව් වලින් ඒ උත්තම පුරුශයගෙ හදවතේ තියන ශෝකය වේදනාව අපේ හදවත් වලට කොච්චර දැනෙනවද. අපේ තාත්තලත් අපි නිසා කොච්චර දුක් විඳල ඇත්ඩ.
සමස්ත පියවරුන්ටම මේ ගීතය මෙන්ම විචාරයද උපහරයක් වේව

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් ඔබේ ලෝකය එලිය වුනී
රැකුමට පූතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලිය වුනා මදී




...සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ . .
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ . . .

මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ .

මෙහි රචකයා පලමුව උපමා රූපක ඔස්සේ පිය සෙනෙහස විස්තර කරන අයුරු විශිෂ්ටයි.මෙහි මව සඳටද පියා හිරුටද දු දරුවන් ලෝකයටද උපමා කර ඇත.සැබැවින්ම සඳට ආලෝකය ලබාදෙන්නෙ හිරුය.නමුත් ලෝකයට දෘෂ්යමාන වන්නේ සඳුගේ ආලෝකය පමණි.එනම් පිය සෙනෙහස බොහො විට ගුප්ත,අදෘෂ්යමාන සෙනෙහසකි.දරුවන්ට දිස් වන්නේ මවගේ විවෘත වු සෙනෙහස පමණි.කෙසේ වුවත් ලෝකයෙ නැතිනම් දරුවන්ගේ පැවැත්මට හිරු සඳු දෙකේම සුසංයෝගය අත්යවශ්යය.

අම්මා සඳකි
මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් ඔබෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදි

මෙයින් පියාගේ භාවයන් උද්දීපනය වේ.මෙහි ඔහු දරුවාගෙන් අසන පැනය මෙයයි.දසමසක් කුස තුල නොදැරුවත් දරුවන්ගේ අනාගත්ය සාක්ෂාත් කීරිම අරඹයා දිවි බර කරට ගන්නෙ පියායි.දරුවන්ගේ රුධිරගත සහසම්බන්ධය පවතින්නේ පියාටයි.

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයෙ නොදැරුවත් දිවිබර මට දැනුනි
මහ මෙරකට උසයි දරු පෙම හඳ පතුලෙ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ

අවසානය පිය හැඟිම් වල උත්කෘෂ්ටම අවස්ථාවට එළඹේ.ඔහු මුලු සමාජ සංහතියෙන්ම පැනයක් අසයි.දරුවා ඉපදුන දා සිටම මවගේ පිටුපසින් ගොඩනැගුණු අද්වීතිය සෙවනැල්ල පියායි.නමුත් බොහො විට දරුවන්ට ගොචර වනුයේ මවගේ සෙනෙහස පමණි.ඔහු සමස්ථ සමාජයටම නගන පැනය මෙයයි.

මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නෙ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නෙ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.




2 comments: