“දුවේ ඔයාගේ හොඳම යාළුවා තමයි අම්මා. ඒ නිසා ජීවිතේ වෙන ඕනෑම දෙයක් අම්මට කියන්න පුළුවන්කම ඔයාට තියෙන්න ඕනැ.”
ඉස්ස ඉස්සෙල්ලම රස්සාවට යන්න පිටත් වෙච්ච දවසෙ තාත්තා එහෙම කිව්වේ ආදරයෙන් මගෙ හිස අතගාලා.
දැන් මගෙ වයස අවුරුදු විසිතුනයි. දැනුත් අම්මගෙයි තාත්තගෙයි ආදරය එදා වගේම ලැබෙනවා. එහෙම වුණත් මං කොහොමද ඒ ඇස් මඟ අරින්නේ.
අලුත් රස්සාවට ගිහිල්ලා මේ ගතවෙන්නේ දෙවැනි මාසේ. මං අලුත් රස්සාවට ගිය දවසෙ ඉඳලා ඒ ඇස් මගෙ පස්සෙන්මයි.
“ඔයා අද හරි ලස්සනයි. හරියට මගෙ හිතේ ඉන්න සිහින කුමරිය වගේ.” එයා දවසක් මගෙ මේසේ ඉස්සරහටම ඇවිල්ලා කිව්වා.
“ගෑනු ළමයෙක් වුණහම පිරිසුදුවට පිළිවෙළට අඳින්න ඕන. එතකොට තමයි දකින අයට පි‍්‍රය වෙන්නේ.” අම්මා එහෙම කිව්වේ මට අලුත් රස්සාවට පත්වීමේ ලිපිය ලැබුණු දවසෙ. මගෙ ඇඳුම් තෝරලා දුන්නේ අම්මා.
“දූට ලස්සන ඔසරිය” අම්මා සාරි ගෙනැල්ලා හැට්ට මහලා ඇඳුම් පිළියෙල කරලා දුන්නා. මං හැමදාම කන්තෝරුවට ගියේ ඔසරිය ඇඳලා දිග කොණ්ඩය තනි කරලට ගොතලා. මං ලස්සනයි කියලා මං දන්නවා.
ඉස්කෝලේ යන කාලෙත් සම වයසේ පිරිමි ළමයිගෙ ඇස් මගෙ වටේ කැරකුණා.
ඒත් මං මුල් තැන දුන්නේ ඉගෙනීමට. අම්මගෙ තාත්තගෙ හීනය වුණේ පවුලේ වැඩිමලි හැටියට මං හොඳට ඉගෙන ගන්නවා දකින්න.
අලුත් කන්තෝරුවේ හැඩකාර තරුණයෝ කිහිප දෙනෙක්ම ඉන්නවා. හැමෝම වගේ එකමුතු වුණමත් මගෙ පස්සෙන්ම එන ඒ ඇස් දෙක අමතක කරන්න මට අමාරුයි.
එයා කිහිප දවසක් ම මං තනිවෙනතුරු ඉඳලා මගෙ ළඟට ආවා.
“මං එන්න ද ඔයාගේ ගෙදරට?”
“ඒ මොකටද?” මං ඇහුවේ පුදුම වෙලා. ඔයාගේ අම්මා තාත්තා හමුවෙන්න. ඇත්තම කිව්වොත් මං ඔයා ගැන පැහැදීමෙන් ඉන්නේ.”
එයා එහෙම කිව්වේ මගෙ ඇස් දෙක දිහා කෙළින්ම බලාගෙන.
අද රටේ වෙන දේවල් බැලුවහම කොහොමද මිනිසුන්ව විශ්වාස කරන්නේ. ඒත් එයා එහෙම නෑ... හරිම වැදගත්... මන්දන්නෑ මගෙ හිත අතරමං වෙලා වගේ.
රාත්‍රියෙ නිදිවරාගෙන මං කල්පනා කළා. අම්මට මගෙ වෙනස තේරෙන්න ඇති.
“ඊයේ රෑ මං බලාගෙන අවදියෙන් ඉන්නවා. මුකුත් ප්‍රශ්නයක් ද දූ”
අම්මා උදේ පාන්දරම මගෙ ළඟින් වාඩිවෙලා අහනවා.
“අම්මට කොහොම කියන්න ද? ඒත් අම්මට ඇරෙන්න වෙන කියන්න කෙනකුත් නෑ. මං හිත හදාගෙන අම්මට කන්තෝරුවෙදි මගෙ වටේ කැරකෙන ඒ ඇස් දෙක ගැන කිව්වා.
“මං හිතුවා... අපි තාත්තටත් කියමු.”
අම්මා ඊට පස්සේ ඒ විස්තරේ තාත්තටත් කිව්වා. අපි ඒ දරුවට ගෙදර එන්න කියමු බලන්න. දූගෙ හිතෙත් කැමැත්තක් තියෙනවනම් මේ ගැන හොඳට හොයමු. අද කාලේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැ. බාහිරින් බලලා හොඳ නරක කියලා මිනිස්සු වෙන්කරන්න බැහැ. ඒ දරුව ගැන එයාගේ දෙමවුපියෝ ගැන හොයලා බලමු.”
අම්මත් තාත්තත් එකම තීරණයකට ආවා. මගෙ හිතට දැනුණේ පුදුම සැහැල්ලුවක්. හැම දෙයක්ම හිතේ තියාගෙන ඉන්නවට වඩා ඒක කියන්න ඉන්න සුදුසුම කෙනාට කිව්වට පස්සේ හිතට දැනෙන සහනය පුදුමාකාරයි.
අපේ අම්මයි තාත්තයි කවදාවත් මගෙ හිත අවුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ. අපේ අම්මා හැම තිස්සෙම අපි ගැන අවධානයෙන් හිටියේ. ඒ නිසා අපේ හිතේ තිබුණ පුංචිම වෙනසත් අම්මාට දැනුණා.
මගෙ පස්සෙ කැරකෙන ඒ ඇස් දෙකට මට දැන් කෙළින්ම මුහුණ දෙන්න පුළුවන්. සඳුදා කන්තෝරු ගියහම මට එයාට කතා කරන්න පුළුවන්. ඉරිදා දවස ගෙවිලා ගියේ හිමින් හිමින්. හැන්දෑවේ ගුවන් විදුලියෙන් ඇසුණු ගීතය මම හිමින් මිමිනුවා. ඒක අම්මෙකුයි දුවෙකුයි ගයන යුග ගීතයක්. ඒ ගීතය ලියලා තියෙන්නේ රත්මලේ බන්දුල ගුණවර්ධන සංගීතය විජේරත්න රණතුංගයන්ගේ. එය ගයන්නේ විශාරද නිර්මලා රණතුංග හා සෙව්වන්දි රණතුංග.
දුව - සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නළාගන්න හිතයි දෝතට මල්
කොහොම වඩින්නේ
අම්මා - කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙළා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ
නළාගන්න හිතයි දෝතට මල්
කොහොම වඩින්නේ
අම්මා - කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙළා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ
https://www.facebook.com/profile.php?id=100010224228817
ReplyDeleteමේ එකවුන්ට් එකේ තියන පෝස්ට් නේද මේ උස්සල තියෙන්නෙ ?