Sunday, January 22, 2017

(66) සඳ කැන් වැටිලා අදුරේ එතිලා - වික්ටර් රත්නායක


සඳ කැන් වැටිලා අදුරේ එතිලා
ඝණදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝණදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි...
ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ...//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ....
සඳ කැන් වැටිලා...
‍මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැදගෙන හිදිමි බලා...//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා...
සඳ කැන් වැටිලා...



ගීතය විදියට මම තෝරගත්තේ විශාරද වික්ටර් රත්නායක මහත්මයගේ "සඳ කැන් වැටිලා" කියන ගීතය. ඇත්තටම ගීතය තෝරගන්න හේතු වුනේ මේ ගීතයේ තියෙන අර්ථයට හා සංගීතයටයි. ගීතය ගැන සරල අදහසක් මට දැනෙන විදියට ඔයාලට දෙන්න හිතුවා ඒත් අඩුපාඩු හා තවත් මෙයට එකතු වෙන්න ඕනෙ දේවල් තියෙනවනම් එකතු කරන්න කියල ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

"සඳ කැන් වැටිලා අදුරේ එතිලා - ඝණදුරු රෑ තනිකම නෑ" ඉතාම සරලව කිව්වොත් මෙයින් අපට මැවෙන රූපය නම් විශිෂ්ඨයි. රාත්‍රියේ සදේ එලිය වැටී ඒ එලිය අදුරත් එක්ක මුසුවෙලා හිතට තනිකමක් දැනෙන වෙලාවක, ඒ ඝණදුරු රාත්‍රිය කිසිම තනිකමක් නැති බව අගවනවා. එයිනුත් පසුව ඒ තනිකම නැතිවෙන්න, ඒ ඝණදුර නැතිවෙන්න නම් ඔහුගේ ජීවිතයට එළිය වුනු කෙනෙකුට ආරාධනාවක් කරනවා. නමුත් ඒ ආරාධනාව පිළිගනීද...?

ගීතයේ අන්තරා කොටසට පිවිසෙන කොට ගීතය රසවිදින අපට එහි අර්ථය මනාව පැහැදිලි වෙනවා...‍එය පෞද්ගලිකව මම මේ ගීතයේ ඉතාම ප්‍රිය කරන කොටසක් ද වෙනවා. තමන් ජීවිතයේ හදවතින්ම ආදරය කරන කෙනාගේ සිදුවන යම් වෙනස් වීමක් ගැන ඉතාම හැඟුම්බරව මෙයින් කියා සිටිනවා...එනම් මේ ලොව මාහට හිමි එහෙත් ඈට අයිති ඈගේ නෙත් වෙනත් කෙනෙකු, අසල්වාසියෙකු සොයනු ඇතැයි පැවසෙනවා...මෙම අදහස ගීතයට එක් කර ඇති අයුරු නම් විශිෂ්ඨයි...

"මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ..."

මෙවන් අත්දෑකිමක් නැතත් ඉතාම හොදින් සංගීතයත් සමග මේ ගීය රසවිදින්න පුළුවන් කියලයි ‍මගේ අදහස. ‍ඉතාම කෙටියෙන් සරලව මගේ ඇති අවම දැනුමෙන් මේ ගීතය ගැන කෙටි අදහසක් තමයි මේ විදියට ඔයාලට ලබා දුන්නේ. ඉතින් විචාරයක් ඉදිරිපත් කිරීම විවෘත හින්දා හැමෝටම ආරාධනා කරනවා අදහසක් දක්වන්න කියලා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
By මහාචාර්‍ය තොම්සන්


No comments:

Post a Comment