Tuesday, November 17, 2015

(09) පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් - ආත්මා ලියනගේ


දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය ‘පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්’

කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.




ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’

මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා.


පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්

නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්

ආවාට නොකියාම ජීවිතෙන්

නවතින්න හිතුවාද ආයෙමත්

ආදරෙන්



දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා

මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා

හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා

ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා



නුහුරු නුපුරුදු හීන අරන්

ළඟට ඇවිදින් තුරුළු වෙමින්

ආවාට නොකියාම ජීවිතෙන්

නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්



මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා

රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා

ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා

අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා



ගීයේ මූලික ටික නිර්මාණය කොට අවසන්. දැන් මේක කාටද දෙන්නේ. ගීතයේ ශෛලියට හුරු වූ ගායකයෙක් ඉන්නවා. ඒ ආත්මා ලියනගේ. ජංගම දුරතනයේ අංක ඔබමින් තිළිණ ආත්මාට ඇමතුමක් ගත්තේ ගීතය ගැන කියන්න.

අපෝ බැහැ මල්ලි. සිංදු කරමු කියලා පහුගිය කාලේ ඔයා වගේ අලුත් අය ගොඩ දෙනෙක් කතා කළා. ඔක්කොමේම තියෙන්නේ එකම ශෛලියක්නේ.

රිසීවරයේ එහා කෙළවරෙන් ආත්මාගෙන් අයහපත් ප්‍රතිචාරයක් ලැබුණා.

එහෙම කියන්න එපා අයියේ. අහලම බලලා සිංදුව ගැන කියන්නකෝ.

තිළිණගේ දැඩි පෙරැත්ත මත ආත්මා ගීය ඇහුවා.

ෂා, මගේ රේන්ජ් එකේමනේ සිංදුව යන්නේ. හරියට මටම හදපු එකක් වගේ.

ආත්මාගේ මුහුණ ඒ අන්දමින් වෙනස් වුණා.

මද්දහනේ හිරු මුදුන් වන යාමයක ආත්මා නාවින්නේ පිහිටා ඇති තිළිණගේ ශබ්දාගාරයට ආවා.

මල්ලි අපි ටක් ගාලා වැඩේ කරමු. මට තව වැඩ කිහිපයකට යන්න තියෙනවා.

ආත්මා මයික්‍රෆෝනය අසලට ගොස් හෙඩ්ෆෝනය හිසේ රුවා ගන්න ගමන් පැවසුවා.

එහෙත් එදා තිබූ කාල වේලාවට පටිගත කළ ගීතයට තිළිණ එතරම් සෑහීමකට පත් වූයේ නැති තරම්.

අයියේ මේ වැඩේ හරි යන්නේ නැහැ. වෙන දවසක රෙකෝඩිං එක කරමු.

තිළිණ පටිගත කළ ගීතය මකා දමමින් කීවා.

තවත් උදෑසනක ආත්මා ආවා. පටිගත කිරීම ඇරැඹියේ උදේ දහයට පමණ. හිතට දැනෙන අවශ්‍ය හැඩතල ආත්මාගෙන් ලබා ගනිමින් ගීතය පටිගත කොට අහවර වන විට රාත්‍රී අටත් පහුවෙලා.

උඹ අද මගේ නියපොත්තේ ඉඳලා ගැලෙව්වා. මාව මරව මරව කොහොම හරි ඕන විදිහටම සිංදුව රෙකෝඩ් කළා නේද?

ආත්මා , තිලිණගේ පිටට තට්ටුවක් දැම්මේ එහෙම කියමින්.

ගීය ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වන්න පටන් ගත්තා. ආත්මාගේ ජංගම දුරකතනයට නිවනක් නැහැ.

අනේ ඔයා අපිව ආයෙමත් පිස්සු වැට්ටුවා.

ආත්මාගේ පැරැණි රසිකාවියන් එහෙම කියූ වාර බොහොමයි. ලියතඹරාගෙන් පසු ආත්මාගේ හොඳම සිංදුව මේක. සමහරෙක් එහෙම කීවා.

විශ්වවිද්‍යාලයේ නිවාඩුව අවසන්. රචිතා කලා පීඨයට ඇතුළුවන මාවත දිගේ ඇවිදගෙන ආවා. විශ්වවිද්‍යාලය පුරා ‘ආයෙමත් ආදරෙන්’ ජනප්‍රිය වෙලා. රචිතාට ඒ වග දැනුණේ කිහිප දෙනෙකුගේම ජංගම දුරකතනය නාද වීම සඳහා එය යොදාගෙන තිබූ නිසා. මේ කතාවේ පෙම්වතුන් යුවළට රචිතා මේ ගීතයේ සත්‍ය කතාව කිව්වා. ඒ අයට හරිම පුදුමයි. මේ සංවේදී ගීතය ඔවුන්ගේ නෑදෑ සනුහරයම අහලා. අලුත්ම ආරංචිය වන්නේ මේ ගීතය ඒ පෙම්වතුන් යුවලට සදහටම එකතු වන්නට ආශිර්වාද කර ඇති බවයි.






(08) කඳු පාමුල සිට - ආත්මා ලියනගේ

කඳු පාමුල සිට... දැහැනට සම වැද
මා ගයනා ගී ... ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන
ආල වඩන සද... කිඳුරු ළියේ
මිටියාවත් කඳු... ශිඛර සිසාරා
සඳ බැස යන තුරු... අවර වන පෙතේ
ඔබ කියු රහසින්... මා සැළුනේ නැත
ඔබ අන් සතු බව... මම දැන සිටියෙමි
ඇළ දොළ ගංඟා... සයුරු සිසාරා
ඉර නැඟ එන විට ...පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන්... මා සැළුනේ නැත
ඔබ අන් සතු බව... මම දැන සිටියෙමි
________________________________________

තේමාව - අන්සතු යුවතිය

කාලයක සිට ඔහු ඇයට පෙම් බඳින්නට විය. ඒ කෙතරම් කලක සිටදැයි කීමට මම නොදනිමි. ඇයද ඒ වග නොදනී. මන්ද ඔහුගේ ‍ප්රේඳමය ඔහුට පමණක් සීමා වූවක් නිසාවෙනි. නමුත් කාලය ගත විය ඇය තමාගේ නොවන බව ඔහුට වැටහුනි. ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටී. මෙය ඔහුට එකවර දරා ගත හැකි දෙයක් නොවේ. මේ පිළිබඳ සිත් තැවුලෙන් කන්දක් පාමුල හුදෙකලාව ගීතයක් ගයයි.

සිතුවිලි සියල්ල සෘණාත්මකය. ඔහු ගීතය තුළින් සිත තුළ ධනාත්මක ස්වභාවයක් ඇති කර ගැනීමට උත්සාහ දරයි. අළුයම් කාලයේදී, මිටියාවත්, කඳු, ශිඛර සිසාරා ගොස් අඳුරැ වන පෙත තුළ සඳ බැස යයි. නමුත් ඔබ කී දෙයින් මා සැළුනේ නැත. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි. ඔහු එසේ ප්ර කාශ කළද හදවතින් ඔහු තවම පසු තැවෙයි.

උදෑසන කාලයේදී ඇළ, දොළ, ගංඟා, සයුරු සිසාරා ඉර නැඟ එන දර්ශනය මනරම්ය. එම දසුනට අපේ සිතුවිලි වෙනස් කළ හැක. නමුත් ඔබේ නෙත් යුවලේ කාන්තියට මගේ සිතුවිලි නැවත වෙනස් කළ නොහැක. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.
නමුත් මේ ගීතය පුරාවටම ඔහු කියන තවත් දෙයක් ඇත. “මා ගයනා ගී ... ඔබට ඇසෙනවද, කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන, ආල වඩන සද... කිඳුරු ළියේ” . ඔහුගේ සිතුවිලි කෙතරම් දුරට එක් තැන් වී ඇතිදැයි සිතීම ඔබට බාරයි.




(07) ගහක මල් පිපිලා - කරුණාරත්න දිවුල්ගනේ


සඳකඩපහණක කැටයම් ඔපලා ගීතයට පසු වැඩිම පිරිසක් අරුත පිළිබඳ සොයා බලන ගීතය මෙයයි. ඇත්තෙන්ම එයටද විශේෂ හේතුවක් ඇත. අහන්නන් වාලේ ගීත ඇසුවද ගීතයක අරුත ගැන සොයා බලන්නේ තව කවුරුහරි ඉඟියක් දුන් විටය. මෙයද එවැනි ගීතයකි. ඔබ මෙම ගීතයේ අරුත සොයන්නේ කවුරුන් හෝ මේ ගීතය පිළිබඳව අමුතු ආකාරයේ අදහසක් දුන් නිසා බව මා දනිමි. එසේ නම් අපි ක්රමයෙන් ගීතය තුළට අවතීර්ණ වෙමු.

ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි



මේ පද ටික ඇසූ කල ඔබට අර ඉහත කියූ අමුතු ආකාරයේ අදහස පිළිබඳ කිසිම හැඟීමක් ආවේ නෑ නේද? සාමාන්යෙයන් හැඟී යන්නේ පෙම්වතෙක් තම පෙම පිළිබඳව ප්රකාශ කරන්නකි.

කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

තද අව්වට දැවෙන කාන්තාරයේ ඇති වැලි කැට ලොව දකින්නේ හිරුට පෙම් බඳින බවය. එය ලෝක සම්මතයයි. නමුත් මේ දැවෙන කාන්තාරයේ වැලි කැට කාලෙකින් ඇද හැලෙන මඳ වැස්සට පෙම් බඳී කියා ඔබ සිතනවාද? ලොවට නොපෙනුනාට ඉඳ හිට ඇද හැලෙන වැස්සට පෙම් බඳින වැලි කැට කතරේ තිබෙන්නට පුළුවනි. නමුත් කාටවත් එය තහනම් කළ හැකිද?

සඳට සදහට සෙනෙහෙ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්රේමය
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්

රාත්රී අහස පුරා විසිරී ඇති දහසක් තරු පිරි අහස ඒකාලෝක කරන්නේ සඳයි. එබැවින් සඳට පෙම් බඳින දහසක් තරු ලෝකයාට රහ සක් නොවේ. අප දන්නා තරමින් හිරුද තරුවකි. එසේ නම් තරු හිරුට පෙම් බැඳීම අසම්මත පෙමක් බව ඔබට වැටහෙන්නේ යැයි සිතමි.
සමස්ථයක් ලෙස ගත් කල මෙයින් කියවෙන්නේ ලොව සාමාන්යෙයන් සිදු නොවන ආකාරයේ ආදරයක් පිළිබඳවය. විටෙක ඉතා අසාමාන්ය වූ සම්මත ආදරයක් ගැනත් තවත් විටෙක ලෝක සම්මත නොවන සමලිංගික ආදරයක් ගැනද හැඟී යයි. සමලිංගික විවාහයන් නීතිගත කිරීමට යන කලෙක මේවාද අරුමයක් නොවේ. නමුත් මෙතරම් ගැහැණු පිරිමි ඉන්න සමාජයේ මෙවැනි දෑ අනුමත කළ නොහැක.




(06) සයුරක් නොදුටු ගඟුලක් - සුනිල් එදිරිසිංහ


ගීත සාහිත්යයේ සුභාවිත ගීතයද ජනප්රිය ගීතයද ඇතැම් විට එකම මාවතක ගමන් කරයි. නමුත් මේවා කිසි විටෙකත් එක මාවතකම යන බව ඉන් කිව නොහැක. සුනිල් එදිරිසිංහයන්ගේ සයුරක් නොදුටු ගඟුලක් ගීතය සහ රූකාන්ත ගුණතිලකගේ ළඳේ මුලා වී ගියා නම් ගීතය උදාහරණයට ගනිමි. ගීත දෙකටම පාදක වී ඇත්තේ දෙදරා ගිය ආදරයකි. නමුත් එය රසිකයා වෙත ඉදිරිපත් කරන්නේ ආකාර දෙකකිනි. ඉතා ගැඹුරින් බලා සාධාරණීයකරනය කරන සුනිල් එදිරිසිංහයන් කියන්නේ,

සයුරක් නොදුටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ



සත්තකින්ම ගඟුල සැම විටම සොයා යනුයේ මහා සාගරයයි. සාගරය නොවන්නට ගංගාව කොතැනක නතර වේද? ඇතැම් විට එසේ වී නම් ගඟුල නොගලා තිබෙන්නට හැක. එසේම සයුර සැම විටම උත්සාහ කරන්නේ වෙරළ කරා පැමිණීමටය. නමුදු වෙරළක් නොතිබෙන්නට සයුර මෙසේ හඬයිද? නමුදු ගීත රචකයා තවම කතාවේ හරයට පැමිණ නොමැත. එහෙත් රූකාන්ත ගුණතිලකගේ ගීතය ගත් කල එය මෙසේය.

ළඳේ මුලා වී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාද වී දැන්

මුල් පදයෙන්ම සිදුවීම වැටහේ. තම පෙම්වතා හැරදා වෙනකෙකු හා ගොස් මුලා වී නැවත පෙර පෙම්වතා කරා පැමිණි පෙම්වතියකි. නමුත් පෙම්වතා ඇයව ප්රතික්ෂේප කරයි. කතාවෙන් බාගයක්ම හමාරය.
සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයේ කතාවකට වඩා ඇත්තේ උපදේශයකි.

කඳුලක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සත්තකින්ම සිනාසීමට හැක්කේ හැඟීම් ඇත්තවුන්ටය. කඳුළක් හෙළනුයේ දුක නම් වූ හැඟීම ඇති වූ විටකය. එනම් සිතට හැඟීමක් දැනී ඇත. එසේම සතුටක් ඇති වන්නේද හැඟීම් පිළිබඳ අවබෝධයක් ඇත්තවුන්ටය. ඔහු කියන්නේ බලාපොරොත්තු නොවිය හැකි දේවල් බලාපොරොත්තු නොවිය හැකි අයගෙන් නොපැතිය යුතු බවය. එසේම කවදාවත් පෙමක් බිඳී ගිය කල නැවත එහි සෙනෙහස සෙවීමෙන් ඵලක් නැත. මෙයම රූකාන්ත ගුණතිලක ඉදිරිපත් කරන්නේ මෙසේය.

පර වුණාම මලේ සුවඳ නෑ
බොර වුණාම ජලේ පැහැය නෑ
බිඳුනු පෙමක නැවුම් රසේ නෑ
හැර ගියාට මා තනිවුන් නෑ

පර වුණාම මලේ සුවඳ ගිලිහී යන්නාක් මෙන්, බොර වුණාම ජලේ පැහැදිලි පැහැය නැති වන්නාක් මෙන් බිඳී ගිය කල පෙමක තිබුණු නැවුම් රසයද ගිලිහී යයි. කෙතරම් උත්සාහ කළද පෙර සේ සිටිය නොහැක. ඔබ මා හැර ගියද මා තනි වූයේ නැත.

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

පෙර කී ලෙසම ඔහු කියන්නේ බලාපොරොත්තු නොවිය හැකි දේවල් බලාපොරොත්තු නොවිය හැකි අයගෙන් නොපැතිය යුතු බවය. රූකාන්ත ගුණතිලක නම් කියන්නේ වෙනත් දෙයකි.

මැණිකෙ අගය කණා දන්නෙ නෑ
නමුත් අගය බාල වෙන්නෙ නෑ
පළුදු බඳුන ඕන වෙන්නෙ නෑ
වැරදුනාම හරී කිවුවෙ නෑ

කණාට මැණිකක් පය වැදුනත් ඉන් ඵලක් නැත. එනමුදු එහි අගය බාල වන්නේ නැත...ආදරයේ අරුත දන්නේ සැබෑ පෙම්වතුන්ය. රැවටිලිකාරයන් සිටියද සැබෑ ආදරය සදා පවතියි...












Sunday, November 15, 2015

(05) පෙරුම් පුරාගෙන ආ සංසාරේ - සේනානායක වේරලියද්ද


දවසක් එක් ස්වාමීන් වහන්සේ නමක් දුම් රියකින් බනකට වඩිනව, මේ ස්වාමීන් වහන්සේ ගීත ලියන්න බොහොම දක්ශ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මෙහෙම දුම් රියේ යන වෙලාවෙ මෙ ස්වාමීන් වහන්සේ කොල කෑල්ලකුයි පෑනයි අතට අරගෙන කල්පන කරනව ලියන්න යමක්. එක පාරටම විලාපයක් එක්ක මේ කෝච්චියේ ගමන නතර වෙනව හැමෝම දඩි බිඩි ගාල කෝච්චියෙන් බැහැල ඉස්සරහ පැත්තට දුවනව, ස්වාමින්වහන්සෙත් ගිහින එන පුද්ගලයෙක්ගෙන් අහනව ඇයි මොකද වෙලා තියෙන්න කියල, ඒ පුද්ගලය මෙහෙම උත්තරයක් දෙනවා
"කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.."
"අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්"
මේක ඇහුන ස්වාමීන් වහන්සේගේ අත ඉබේටම ක්රියාත්මක වෙලා යමක් ලියවෙනවා
මේ ඒ වදන් කිහිපයයි


පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ...
කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...
දුම්රිය මොහොතක් නතර වුනේ....
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමන වේ..//
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ...
පෙරුම් පුරාගෙන...
වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ..//
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සතුටක්දෝ
පෙරුම් පුරාගෙන...

ආදරය හා ජීවිතය ගැන අපූර්වතම පනිවිඩයක් දෙන ගීතයක් තම්යි. අපිට වඩාත්ම වැදගත් විය යුත්තේ අපහුසුවෙන ලබා ගත්තාවූ මේ මනුස්ස ජීවිත රැක ගැනීම නොවන්නේද?
ආදරය වෙනුවෙන් තම ජීවිතය අහිමි කර ගැනීම හෝ අන් ජීවිතයක් අහිමි කිරීමෙන් අදාල ප්රශ්න වලට විසඳුම් ලැබෙන්නෙද ?




(04) සඳකඩපහණක කැටයම් ඔපලා (සැඟවුන අරුත) - සුනිල් එදිරිසිංහ


සඳකඩ පහනක ගීතය සැඟවුන අරුත... .
හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්ර එදිරිසිංහයන් අධ්යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟු තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්යක්ෂණය වීමත් සතිස්චන්ද්ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්රපට අධ්යක්ෂණය වීමත් හැරුණු විට ප්රතිභාපූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය.
ගීත කලාව පිළිබඳව උනන්දුවක් ඇති වූ අවධියේ සිටම මේ ගීතයේ අරුත් පාදා ගැනීමට මා කළ උත්සාහය සඵල වූයේ දිගු කලකට පසුවය. මා මේ පිළිබඳව මට වඩා දැන උගත් විවිධ පුද්ගලයන්ගෙන් විමසන ලදුව පිළිතුරු ලෙස ලැබුණු විවිධ අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය.

සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

මෙහි සඳහන් වන කැටයම් ඔබන ලද සඳකඩ පහන කාන්තාවක් නම් නැත්නම් අපි හැමෝම දන්න විදියට ගනිකාවකට උපමා කලොත් මෙම ගීතයේ අරුත කොඉ දිහාවකට යාවිද?පාවෙන දේදුනු නැමති සල්ලාලයින් එනව ඇයත් එක්ක යහන්ගත වෙන්න ඒ යහන් ගත වීමත් එක්ක එන රාගික හැඟීම මේ දෙන්නටම හොඳටම දැනෙනව

යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී

මේ කාන්තාව මේ වුර්තිය කාලයක් දිගටම කරගෙන යද්දි සමජය විසින් මේ කන්තාව ගනිකාවක් ලෙස සමජගත කරනව,
මේ කන්තවකගේ අසම්මත ප්රෙමයකින් ලැබුනු දරුවෙක් ඉන්නව, අම්මගෙ තාත්තගෙ උනුසුම නොලබෙන මේ දරුවත් තනියම ජීවත් වෙනව කියන කාරනාව ගීය පද රචකය ගීතයට ඇතුලත් කරල තියන ව්දිය කොතරම් ලස්සනද බලන්න

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

ගව්වක උසට බලාපොරොත්තු තිබුනත් යහපත් රැකියාවක් කරන්න
ආසාවක් තිබුනත් හෙමදාමත් මේ කාන්තවට සිද්ධ වෙන්නෙ කා හෝ සමග යහන්ගත වෙන්න තමය්. ගීය පඩ රචකය විසින් මේ සන්සර්ගයේ හැසිරීම හා එහි අවසානය බොහොම අපූරුවට පද පෙලිදෙකකින් දක්වල තියනව

"අහසක් ගුගුරා කලුවක් වපුරා
එ හා මුසු වන වැහි බින්දු"

සන්සර්ග අහස ගුගුරා අකුනු ගහල කරුවල වෙලා හිතට බිය දැනෙන කර්කශක දෙයක් ලෙසත් එහි අවසානය ගොරවල අකුනු ගහල අන්තිමට පොද වැස්සක් වගේ අස්වාද ජනක අවසානයක් ලෙසත් කවිය හඳුන් වනවා. එක්කෙනෙකු සමග අවසන්වී අවසන්වී එලියට බෙස්සත් ත්වත් එක්කෙනෙක් ඇය හ සම්ග යන්න එලියෙ ලේස්ති වෙලා ඉන්නවලු

හද විල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැඳුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා

කවියා අවසානයට මෙම ගීතය අවසන් කරන ආකාරය හරිම සන්වේදි ජනකය්
මේ කාන්තව තමගේ රැකියව නිස තමගේ දියනිය කෙදිනක හෝ අපහසු තාවයට පත් වේ කියල ඇයව ඇත නැයෙකු ගාවට ඇඬු කඳුලෙන් යවනව.ඒ එයට උරුම වෙලා තියන රිදුනු තැවුන ජීවිතය තමන්ගෙ හඩවත්නැමති එක් ටැම් ගෙය් පමනක් තියාගෙන තම දරුවගේ ජීවිතය සැපවත් කරන්න.
මෙය මා සින්හල සාහිත්යයේ මෙතෙක් දුටු හොඳම ගීත නිර්මනයය්.