Sunday, November 15, 2015

(04) සඳකඩපහණක කැටයම් ඔපලා (සැඟවුන අරුත) - සුනිල් එදිරිසිංහ


සඳකඩ පහනක ගීතය සැඟවුන අරුත... .
හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්ර එදිරිසිංහයන් අධ්යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟු තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්යක්ෂණය වීමත් සතිස්චන්ද්ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්රපට අධ්යක්ෂණය වීමත් හැරුණු විට ප්රතිභාපූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය.
ගීත කලාව පිළිබඳව උනන්දුවක් ඇති වූ අවධියේ සිටම මේ ගීතයේ අරුත් පාදා ගැනීමට මා කළ උත්සාහය සඵල වූයේ දිගු කලකට පසුවය. මා මේ පිළිබඳව මට වඩා දැන උගත් විවිධ පුද්ගලයන්ගෙන් විමසන ලදුව පිළිතුරු ලෙස ලැබුණු විවිධ අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය.

සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

මෙහි සඳහන් වන කැටයම් ඔබන ලද සඳකඩ පහන කාන්තාවක් නම් නැත්නම් අපි හැමෝම දන්න විදියට ගනිකාවකට උපමා කලොත් මෙම ගීතයේ අරුත කොඉ දිහාවකට යාවිද?පාවෙන දේදුනු නැමති සල්ලාලයින් එනව ඇයත් එක්ක යහන්ගත වෙන්න ඒ යහන් ගත වීමත් එක්ක එන රාගික හැඟීම මේ දෙන්නටම හොඳටම දැනෙනව

යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී

මේ කාන්තාව මේ වුර්තිය කාලයක් දිගටම කරගෙන යද්දි සමජය විසින් මේ කන්තාව ගනිකාවක් ලෙස සමජගත කරනව,
මේ කන්තවකගේ අසම්මත ප්රෙමයකින් ලැබුනු දරුවෙක් ඉන්නව, අම්මගෙ තාත්තගෙ උනුසුම නොලබෙන මේ දරුවත් තනියම ජීවත් වෙනව කියන කාරනාව ගීය පද රචකය ගීතයට ඇතුලත් කරල තියන ව්දිය කොතරම් ලස්සනද බලන්න

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

ගව්වක උසට බලාපොරොත්තු තිබුනත් යහපත් රැකියාවක් කරන්න
ආසාවක් තිබුනත් හෙමදාමත් මේ කාන්තවට සිද්ධ වෙන්නෙ කා හෝ සමග යහන්ගත වෙන්න තමය්. ගීය පඩ රචකය විසින් මේ සන්සර්ගයේ හැසිරීම හා එහි අවසානය බොහොම අපූරුවට පද පෙලිදෙකකින් දක්වල තියනව

"අහසක් ගුගුරා කලුවක් වපුරා
එ හා මුසු වන වැහි බින්දු"

සන්සර්ග අහස ගුගුරා අකුනු ගහල කරුවල වෙලා හිතට බිය දැනෙන කර්කශක දෙයක් ලෙසත් එහි අවසානය ගොරවල අකුනු ගහල අන්තිමට පොද වැස්සක් වගේ අස්වාද ජනක අවසානයක් ලෙසත් කවිය හඳුන් වනවා. එක්කෙනෙකු සමග අවසන්වී අවසන්වී එලියට බෙස්සත් ත්වත් එක්කෙනෙක් ඇය හ සම්ග යන්න එලියෙ ලේස්ති වෙලා ඉන්නවලු

හද විල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැඳුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා

කවියා අවසානයට මෙම ගීතය අවසන් කරන ආකාරය හරිම සන්වේදි ජනකය්
මේ කාන්තව තමගේ රැකියව නිස තමගේ දියනිය කෙදිනක හෝ අපහසු තාවයට පත් වේ කියල ඇයව ඇත නැයෙකු ගාවට ඇඬු කඳුලෙන් යවනව.ඒ එයට උරුම වෙලා තියන රිදුනු තැවුන ජීවිතය තමන්ගෙ හඩවත්නැමති එක් ටැම් ගෙය් පමනක් තියාගෙන තම දරුවගේ ජීවිතය සැපවත් කරන්න.
මෙය මා සින්හල සාහිත්යයේ මෙතෙක් දුටු හොඳම ගීත නිර්මනයය්.




No comments:

Post a Comment