Sunday, November 15, 2015

(05) පෙරුම් පුරාගෙන ආ සංසාරේ - සේනානායක වේරලියද්ද


දවසක් එක් ස්වාමීන් වහන්සේ නමක් දුම් රියකින් බනකට වඩිනව, මේ ස්වාමීන් වහන්සේ ගීත ලියන්න බොහොම දක්ශ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මෙහෙම දුම් රියේ යන වෙලාවෙ මෙ ස්වාමීන් වහන්සේ කොල කෑල්ලකුයි පෑනයි අතට අරගෙන කල්පන කරනව ලියන්න යමක්. එක පාරටම විලාපයක් එක්ක මේ කෝච්චියේ ගමන නතර වෙනව හැමෝම දඩි බිඩි ගාල කෝච්චියෙන් බැහැල ඉස්සරහ පැත්තට දුවනව, ස්වාමින්වහන්සෙත් ගිහින එන පුද්ගලයෙක්ගෙන් අහනව ඇයි මොකද වෙලා තියෙන්න කියල, ඒ පුද්ගලය මෙහෙම උත්තරයක් දෙනවා
"කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.."
"අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්"
මේක ඇහුන ස්වාමීන් වහන්සේගේ අත ඉබේටම ක්රියාත්මක වෙලා යමක් ලියවෙනවා
මේ ඒ වදන් කිහිපයයි


පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ...
කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...
දුම්රිය මොහොතක් නතර වුනේ....
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමන වේ..//
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ...
පෙරුම් පුරාගෙන...
වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ..//
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සතුටක්දෝ
පෙරුම් පුරාගෙන...

ආදරය හා ජීවිතය ගැන අපූර්වතම පනිවිඩයක් දෙන ගීතයක් තම්යි. අපිට වඩාත්ම වැදගත් විය යුත්තේ අපහුසුවෙන ලබා ගත්තාවූ මේ මනුස්ස ජීවිත රැක ගැනීම නොවන්නේද?
ආදරය වෙනුවෙන් තම ජීවිතය අහිමි කර ගැනීම හෝ අන් ජීවිතයක් අහිමි කිරීමෙන් අදාල ප්රශ්න වලට විසඳුම් ලැබෙන්නෙද ?




No comments:

Post a Comment