Monday, November 23, 2015
(35) හිම දියවී හිමාලයේ - අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනී
සුභාවිත ගීත සාහිත්‍යයේ ඇති ගීත අතලොස්ස අතුරින් ඉතා අලංකාර ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැක. සුභාවිත ගීතයේ ඇති විශේෂත්වය නම් සංගීතය ඉතා මිහිරිය. ශ්‍රවණයෙන් රෝග පවා සුව කළ හැක. අරුත ඉතා ගැඹුරුය. රසිකයා වෙත කෙලින්ම ඉදිරිපත් නොකරයි. භාව රසයද ඉතා ඉහළය. හිම දියවී හිමාලයේ, ගීතයට හඬ මුසු කරන්නේ ගායන ශිල්පී අමරසිරි පීරිස් සමඟින් ශිල්පිනී වසන්තා තිලකාංගනීය. එතරම් ජනතාව අතරටනොගියද අර්ථ, භාව රසය ප්‍රිය කරනා රසිකයන්ගේ හද බැඳගත් ගීතයකි.
සදාතනික ආදරවන්තයන් වූ රාධා සහ ක්‍රිෂ්ණා යොදා ගනිමින් ප්‍රේමයේ හිනිපෙත්තටම නැග ශුංගාරය පිළිබඳ ඉදිරිපත් කරයි. රාධා සහ ක්‍රිෂ්ණා යනු ඉන්දියානු දේව සංකල්පයක් බැවින් හිමාලයද යොදා ගෙන ඇත. නමුත් ඒ උපමා සඳහා පමණි. මේ ගීතයට සවන් දෙන ඔබ විසින් චිත්ත රූප මවා ගත යුතුය.
හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..
අප කවුරුත් දන්නා පරිදි හිමාල කඳු වැටිය හිමෙන් වැසුනු ශිඛරයන්ගෙන් පිරි ඉතා සිත් ඇද ගන්නා දසුනකි. යමුනා ගඟේ ආරම්භය හිමාලය බැවින් දිය වන හිම යමුනා ගඟේ ජල ප්‍රවාහය වර්ධනය කරයි. ඉන් අලංකාරවත් රළ පෙළක් දැකිය හැකිය. හිම දිය වන්නේ කුමක් නිසාද. උණුසුම නිසාය. රාධා සහ ක්‍රිෂ්ණාද ප්‍රේමයෙන්
(34) දුරු කතර ගෙවාගෙන - කරුණාරත්න දිවුල්ගනේ
තම ප්රියාවගෙන් වෙන්වී නගරයේ රැකියාවට ගිය පුද්ගලයකු ඇයට කරනු ලබන සොඳුරු ආමන්ත්රණය මෙම ගීතය විෂය වී ඇත.
දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ //
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ //
බණ්ඩර මැණිකෙ යනු ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය විය යුතුය. ධනවාදී ආර්ථික ක්රමයත් සමඟ පුරුෂයන්ට පමණක් නොව කාන්තාවට පවා නිවසට වී සිටිය නොහැක. මුදල් සෙවීම සඳහා කොහෝ හෝ යා යුතුය. ඇතමුන් උපන් රටේවත් නොසිට විදෙස්ගතවෙයි. තවත් ඇතමුන් නොදන්නා නගරයන් හි රැකියාවන් සොයා යයි. මෙහි ථකයා ජීවිත සටන ජය ගැනීම උදෙසා ගමෙන් පිටමන් වී නගරයට පියමන් තැබුවෙකි. නමුත් ළයෙහි ඇණි කටුවක්
(33) සිරි යහනේ ලනු ඉහිරී - එඩ්වඩ් ජයකොඩි
ලූශන් බුලත්සින්හලයන් විසින් පබඳින ලද ඉතා මදුර මනෝහර රසයක් සහිත, ඉතාමත් ව්යන්ගාර්තයක් සහිත ගීතයක් තමයි "සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ " කියන ගීතය. අපි පොඩ්ඩක බලමු මේ ගීතයට මොන වගේ අර්තයක් ලැබෙයිද කියල.
සිරි යහනේ ලනු ඉහිරී
සුසුම් හෙලන රෑ
මකුලු දැලෙන් සිරි යහනේ
වියන් බඳින රෑ
යටලීයෙන් නාරි ලතා මල් පූදින්නේ //
සුසුම් හෙලන රෑ
මකුලු දැලෙන් සිරි යහනේ
වියන් බඳින රෑ
යටලීයෙන් නාරි ලතා මල් පූදින්නේ //
සඳෙන් සඳට මුවා වෙලා
කලදවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුලු බින්දු
පැදුරට මුහු වෙලා හොරෙන්
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ //
කලදවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුලු බින්දු
පැදුරට මුහු වෙලා හොරෙන්
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ //
යහන තලා සැප විඳිනා
පලදී නැතුවා පෙර පින්
මාල වලලු නොනිත් අයට
අප අමතක වෙලා ගිහින්
පලදී නැතුවා පෙර පින්
මාල වලලු නොනිත් අයට
අප අමතක වෙලා ගිහින්
සිරි යහනේ.......
සිරියහන කියල සාමාන්යයෙන අපි හඳුන් වන්නෙ අලුත විවාහ පත් උන ජෝඩුවක් තමන්ට නිදා ගැනීමට යොදා ගන්නා සයනයට, සිරි යහන ඉකියන්නෙ බොහොම ලස්සනට පිලිවෙලට හදල තියන කොට්ට පෙරවන රෙදි එහෙම පිලිවෙලකට ස්ථාන ගත වෙල තියන අදහසක් නෙ. ඒ උනාට කතකය කියනව
(32) මුතුකුඩ ඉහළන මල් වරුසාවේ - රෝහණ වීරසිංහ
ප්රේසමයේ විරහව වේදනාව හදවතෙහි සිතුවම් කළ අපූර්වතම ගී සිත්තමකි මුතුකුඩ ඉහළන මල් වරුසාවේ නම් ගීතය.ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද රචනයෙන්ද, රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනයෙන් මෙන්ම ගායනයෙන් ද අලංකෘත වූ මෙම ගීතය ප්රේරමයේ විරහ වේදනාව විඳි නොවිඳි සැම බෙහෙවින් ඇළුම් කරන්නකි.
ප්රේබමය නැමැති රැහැනින් බැඳෙන්නන් සැමදෙනාගේම ප්රේනමය විවාහයෙන්ම කෙළවර නොවන්නේය.ඇතමුන්ට අවසානයේ හිමිවනුයේ විරහව වේදනාවයි.එසේ ප්රොමයේ විරහව වේදනාවෙන් පෙලෙන පෙම්වතකුගේ ආත්ම කථනයකි මෙම ගීතය.ගීතය විටෙක වර්තමානය සමඟින්ද තවත් විටෙක අතීතාවර්ජනයක් ලෙසින්ද දිග හැරේ.
ප්රේබමය නැමැති රැහැනින් බැඳෙන්නන් සැමදෙනාගේම ප්රේනමය විවාහයෙන්ම කෙළවර නොවන්නේය.ඇතමුන්ට අවසානයේ හිමිවනුයේ විරහව වේදනාවයි.එසේ ප්රොමයේ විරහව වේදනාවෙන් පෙලෙන පෙම්වතකුගේ ආත්ම කථනයකි මෙම ගීතය.ගීතය විටෙක වර්තමානය සමඟින්ද තවත් විටෙක අතීතාවර්ජනයක් ලෙසින්ද දිග හැරේ.
මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිළී
සෙංකඩගල සිසාරා මල් වර්ෂාවක් ඇද හැලෙන මොහොතක කථකයා පාරේ ගමන් කරයි.හොඳින් හුරු පරුදු දෑසක් ඔහුගේ දෙනතට හසුවේ.හ් ඔහුගේ බැරණි පෙම්වතියයි.ඇය රිය කවුළුවෙන් ඔහුදෙස බලා නැවත
(31) පෙර දිනයක මා - ඩබ්.ඩී.අමරදේව
ප්රේමයේ විරහ වේදනාව හද තුළ සිත්තම් කරලීමට සමර්ථ මෙම ගීතය සුවහසක් රසිකයාගේ සිත දශක ගණනාවන් පුරාවටම ඇඳ බැඳ තබාගැනීමට සමත් වී ඇතැයි කීම යුක්ති යුත්තය.වැඩිහිටි පරපුර පමණක් නොව තරුණ පරපුර ද මහත් සේ ඇළුම් කරන ගීතයත් වශයෙන් ද මෙම ගීතය හඳුන්වා ලිය හැක.
ප්රේමය පෙම්වතුන්ගේ මුවට හසරුල්ලක් එක් කරලීමට සමර්ථ වන වා සේම පෙම්වතුන්ගේ දෙනත කදුළු කැට වලින් පුරවා ලීමට ද සමත් වන බැව් අප කොයි කවුරුත් හොඳින් දන්නා කරුණකි.මෙම ගීතය තුළින් කියවෙන්නේද තමා පෙම් කළ යුවතිය හිමි නොවනු පෙව්වතකුගේ සිතුවිලි සමුදායක් බව මාගේ හැඟීමයි.ඇතැම් විට තවත් අයකු මෙම ගීතය මීට වෙනස් ආකාරයකින් වුවද රසවින්දන කිරීමට ඉඩ ඇත.කෙසේ නමුදු මා විසින් මෙහිලා සටහන් කරනුයේ මේ ගීතයට සවන් දීමෙන් මා හට ඇති වුනා වූ හැඟීමයි.
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
කථකයාට දිනක් හදිසියේ මෙන් පෙර දිනයක තමා මුපු හදින්ම පෙම්නල යුවතිය හමුවේ.පුදුමයකට මෙන් එදා ඔවුන් ප්රේම කරනා සඳ ඔහුගේ හඬින් ගැයූ ගීත අද ඇයගේ හඬින් ඔහුට ඇසේ.නමුදු ඒ නැලවිලි
Sunday, November 22, 2015
(30) මගෙ දුවේ ඔබ අවදියෙන් නම් - කරුණාරත්ත දිවුල්ගනේ
පියකු විසින් තම දියණියක වෙත කරනු ලබන ආදරණීය ආමන්ත්රනණයක් ලෙසින් මෙම ගීතයේ අත්දැකීම විකාසනය වේ.පියා තම දියණියට ආමන්ත්ර්ණය කරනුයේ,මගෙ දුවේ ලෙසිනි.එමගින්කථක පියා තුළ තම දියණිය කෙරෙහි පැවතියා වූ අසීසිත වූ සෙනෙහස ධ්වනිත වේ.සාමනා්‍යෙයන් අප අසා තිබෙනුයේ ගීත එසේත් නැතිනම් පද්ය තුළින් සොඳුරුතම මොහොත ලෙසින් පෙන්වා දෙනුයේ උදෑසනයි! කවියා තම අපූර්ව වූ පරිකල්පන හැකියාව උපයුක්ත නොටගනිමින් රැයෙහි ඇති සුන්දරත්වය අපූරුවට විවරණය කරයි.කලාකරුවා වූ කලී අපර්ව නසතු නිර්මාණයෙහි ලා උපන් එපන්නුය යන්න රත්ත ශ්රීි නම් සහෘද කලාකරුවා කෙරෙහෙ අතිශයින්ම උචිතය.දොර ඇරගෙන එලියට එන්න යැයි පියා තම
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි
රැයේ සොඳුරුතම මොහොතේ ඇති මිහිරියාව කථකයා තම දියණියට
Subscribe to:
Posts (Atom)





