Monday, November 23, 2015

(34) දුරු කතර ගෙවාගෙන - කරුණාරත්න දිවුල්ගනේ


තම ප්රියාවගෙන් වෙන්වී නගරයේ රැකියාවට ගිය පුද්ගලයකු ඇයට රනු ලබන සොඳුරු ආමන්ත්රණය මෙම ගීතය විෂය වී ඇත.

දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ //


බණ්ඩර මැණිකෙ යනු ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය විය යුතුය. ධනවාදී ආර්ථික ක්රමයත් සමඟ පුරුෂයන්ට පමණක් නොව කාන්තාවට පවා නිවසට වී සිටිය නොහැක. මුදල් සෙවීම සඳහා කොහෝ හෝ යා යුතුය. ඇතමුන් උපන් රටේවත් නොසිට විදෙස්ගතවෙයි. තවත් ඇතමුන් නොදන්නා නගරයන් හි රැකියාවන් සොයා යයි. මෙහි ථකයා ජීවිත සටන ජය ගැනීම උදෙසා ගමෙන් පිටමන් වී නගරයට පියමන් තැබුවෙකි. නමුත් ළයෙහි ඇණි කටුවක්
මෙන් තම ප්රියාවියගේ මතකයන් ඔහුගේ ළය පාරවන හෙයින් ඔහුටද නොකියා ඇය බැලීමට පැමිණෙයි. එහෙත් ඔහු ඈ ගෙන් ඒ වෙනුවෙන් සමාව අයදියි. ප්රේමවතුන් අතර ප්රේිමය වැඩිවූ කල ද රණ්ඩු ඇතිවේතනමුත් එය වූ කලී ප්රේ මය වැඩිකම නිසා ඇති වන්නන් මිස වෛරය පදනම් කරගෙන ඇතිවන ඒවා නම් නොවන්නේමය. මැයද බොරුවට කේන්තියක් මොහුට පෙන්වනවා විය යුතුය. ඔහු පැමිනෙන්ණේ දුර කතර ගෙවා ගෙනය ඒ ඈ කෙරෙහි ඔහු තළ පැවතියා වූ අසීමිත බැඳියාව නිසා නොවන්නෙහිද?

දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා

කොළොම්තොට නාගරීකරණයට ලක්වූ හෙයින් ගමෙහි කථකයා දකින සුන්දරත්වය එහි නැත.එහි අහසේ ඇත්තේ නිල් පැහැ වළාකුළු නොව, කර්මාන්තශාලා හා රථවාහනාදියෙන් නිකුත් කරනු දුමාරයෙන් වැසීගිය අඳුරු වළාවන්ය.එම වළාකුළුවලින් පවා ඔහු දකිනුයේ ඇයයි.ඇයගේ මතකයන් වලින් ඔහු තදින්ම බැඳී ඇත.ඇය තද දෑසින් ඉඟිබිඟි පානු ඔහු මනසින් දකියි.ඇය ඔහුට දෑසින් ඉඟිබිඟි පාමින් නතර වන්නේ නම නැත.ඔහුට ගමට එන ලෙස දෑසින් ආයාචනා කරයි.ඔහු කෙසෙනම් ඒ දෑසට පිටුපාමින් ගමට නෑවිත් සිටින්නද? කතා කරන දෑස වූ කලී අපූර්ව කාව්යොකක්තියකි. ගතින් ෙකාෙළාම්ෙතාටට වී සිටියද ඔහු සිතින් නම් අැය අසළය.

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණාමහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා

කොළොම්තොට ඇත්තේ මහ මැඳුරු විනා ගමේ මෙන් පැල්පත් නොවන්නෙහිය.එම මැඳුරු උඩින් හඳ පායයි.නමුත් නෙදාට පායන හඳ නොව පුර හඳයි පායනු ලබන්නේ.ඒ පුර හඳවනාහහි ඔහුගේ පෙම්වතියා විනා අන් කවරක්ද?කථකයා මුළු අහස පුරාම දකින්නේද තම ප්රි යාවගේ මුවයි.ඇගේ මුහුණෙන්ඔහු දකිනුයේ තමාට ඇති සෙනෙහසයි.ඒ සෙනෙහස දකිනා කල ඔහු කෙසේ නම් ගමට නෑවිත් සිටින්නද?නෙසේ නමුත් ඇයට නොකියා පැමිණියාට ඈ ඔහුට මඳ කෝපයක් පෙන්වනවා විය යතුය.එහෙයිනි ඔහු හදිසියේ පැමිණියාට ඇයට හේතු කියාපාන්නේ.
මෙම ගීතයේ ගේය පද රචනය රත්න ශ්රීැ විජේසිංහගෙනි. ගායනය කරුණාරත්න දිවුල්ගනේගෙනි. ස්වර රචනාව එච්.එම්.ජයවර්ධනයන්ගෙනි. සිංහල ගීතය සරසන්නට එක්වූ තවත් අනගි ගීතයක් ලෙසින් මෙම ගීතය හඳුන්වාදිය හැකිය.




2 comments:

  1. මෙය අනුන්ගෙන් සොරකම් කර පලකල පෝස්ටුවක් නොවේද...???

    ReplyDelete
  2. මුහුණු පොතේ මා පළ කල විචාර සියල්ල මොහු හොරා කා ඇත.

    ReplyDelete