Monday, November 23, 2015

(33) සිරි යහනේ ලනු ඉහිරී - එඩ්වඩ් ජයකොඩි


ලූශන් බුලත්සින්හලයන් විසින් පබඳින ලද ඉතා මදුර මනෝහර රසයක් සහිත, ඉතාමත් ව්යන්ගාර්තයක් සහිත ගීතයක් තමයි "සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ " කියන ගීතය. අපි පොඩ්ඩක බලමු මේ ගීතයට මොන වගේ අර්තයක් ලැබෙයිද කියල. 

සිරි යහනේ ලනු ඉහිරී
සුසුම් හෙලන රෑ
මකුලු දැලෙන් සිරි යහනේ
වියන් බඳින රෑ
යටලීයෙන් නාරි ලතා මල් පූදින්නේ //


සඳෙන් සඳට මුවා වෙලා
කලදවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුලු බින්දු
පැදුරට මුහු වෙලා හොරෙන්
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ //
යහන තලා සැප විඳිනා
පලදී නැතුවා පෙර පින්
මාල වලලු නොනිත් අයට
අප අමතක වෙලා ගිහින්
සිරි යහනේ.......

සිරියහන කියල සාමාන්යයෙන අපි හඳුන් වන්නෙ අලුත විවාහ පත් උන ජෝඩුවක් තමන්ට නිදා ගැනීමට යොදා ගන්නා සයනයට, සිරි යහන ඉකියන්නෙ බොහොම ලස්සනට පිලිවෙලට හදල තියන කොට්ට පෙරවන රෙදි එහෙම පිලිවෙලකට ස්ථාන ගත වෙල තියන අදහසක් නෙ. ඒ උනාට කතකය කියනව
සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ සිරි යහනක් උනාට ලනු ඉහිරිල ඒ කියන්නෙ කිසි පිලිවෙලක් නෑ. යහනක් සාමායෙන් පිලිවෙලක් නැත්නන් බොහෝ වෙලාවට ඒ පිරිමි කෙනෙක් නිදා ගතිපු යහනක් නෙ මොකද පිරිමි අය නිදා ගන්න යහන පිලිවෙලකට තියා ගන්න්න ලොකු උත්සහයක් දරන්නෙ නැහැ. මේ සයනයෙ නිදාගන්න කෙනා රේට සුසුමුත් හෙලනව, සුසුම් කියන්නෙ බොහෝ විට දුකකදී කනගාටුවකදී අසරන කමකදි දක්වන ප්රතිචාරයක්නෙ ඇයි මේ පුද්ගලය එහෙනම් සුසුම් හෙලන්නේ අපි බලමු ඉස්සරහට,
මකුලු දැලෙන් සිස්රි යහනේ වියන් බඳින රෑ, සාමන්යයෙන් සිරි යහනක ලස්සනට වියන් බැඳල තියනව. නමුත් මේ සිරි යහනේ වියන් බඳින්නෙ මකුලුවෝ. යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ, මේ ගීතයට වස්තු බීජය වන පුද්ගලයා තනිකඩ විවාහ නොවුනු පිරිමි පුද්ගලයෙක්, විවාහ නොවුනට ඔහු ආස කරන කාන්තාවන් මේ ලෝකෙ ඉන්නවනෙ ඉතින් රෑට නිඳට අඳට ගියාම මේ පුද්ගලයට තමන් ඒ ආසා කරන කාන්තාවන් එකින් එක සිහියට එනව, උඩ බලාගෙන සයනයේ වැතිරිල ඉන්න ඔහුට හරියට චිත්රපටියක බලන්නා වගේ මේ රූප මැවිල පෙනව.
සඳෙන් සඳට මුවා වෙල කල වායසත් ගෙවී ගිහින්, සඳක් උදා වෙන්නෙ මසකට එක සැරයයි ඒ පෝය දවසක්. මෙහෙම පෝයවල උදාවෙල ගෙවිල ගිහින් කල ඩවසත් ගෙවී ගිහින්, සාමාන්යයෙන් අපෙ ගැමි වහරෙ කල වයස කියන්නෙ කොලු පැටියෙක් විවාහ වෙන්න ඔනෙ වයස නේ ඉතින් මේ තරුනයගෙ කල වයසත් බොහොම වේගයෙන් ගෙවිල ගිහින්, "මාල වලලු නොනිත් අයට අප අමතක වෙලා ගිහින්"
නොනිත් කියන්නෙ එපා වෙන්නෙ නැති කියන අර්තය. එහෙනම් මාල වලලු එපා වෙන්නෙ නැති අය කවුද? මාල වලලු එපා වෙන්නෙ නැත්තෙ කාන්තාවන්ට, මොහු කියනව කාන්තාවන්ටත් මාව අමතක වෙලා ගිහින්, කල වයසත් ගෙවී ගිහින්
යහන තලා සැප විඳිනා - පලදී නැතුවා පෙර පින්
යහන තලා විඳින සැපය මොකක්ද? යහන තලා විඳින සැපය තමයි සම්බෝඅග සැපය එහෙමත් නැත්නම් කාන්තාවක් එක්ක ලබන ලින්ගික තෘප්තිමත් වීම, මෙම කතකයා කියනව යහන තලා විඳිනා සැප පලදී නැතුවා පෙර පින් මේ ලින්ගික අතුට ලබන්න ඔහුට පෙර පින් නැහැ, පින් තිබුනත් ඒ පින් පල දීල නැහැ, කොයි තරන් නම් අසරනද මේ පුද්ගලාය්. ස්ත්රියක් හා විවාහ වීමට කොයිතරම් අශාවෙන් ඉන්න පුද්ගලයෙක්ද මේ.
"නෙතට නුහුරු කඳුලු බින්දු - පැදුරට මුහු වෙලා හොරෙන්"
අඬනවිට විට වැටෙන කඳුලු බිඳුවක් පැදුරට මුහු වීම සාමන්ය දෙයක් නමුත්?
නෙතට නුහුරු කඳුලු බිඳුවක් තමයි මේ පැදුරට මුහු වෙලා තියෙන්නෙ, ඒ කියන්නෙ කඳුලු බිඳුවට හැරෙන්න වෙන මොනවා හරි බිඳුවක් පැදුරට මුහු වෙලා තියනව, බොහෝ විට මෙයින් අදහස් වන්නේඅ මොහු මේ රාත්රී කාලයේදී යට ලීයේ මැවෙන නාරි ලතා රූප දිහා බලගෙන ස්වයන් වින්දනයේ යෙදෙනවා විය හැකියි.
කෙසේ නමුත් ලූශන් බුලත්සින්හලයන් රචනා කල, රෝහන වීරසින්හයන් රචනා කර, විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරින් ගායනා කරන තවත් අපූරු ගීතයක් තමයි අද මම ඔයාල වෙනුවෙන් ගීයක අරුත තිස් දෙවන දිඅ හැරුමට තෝඅරා ගත්තේ.




1 comment:

  1. මෙය අනුන්ගෙන් සොරකම් කර පලකල පෝස්ටුවක් නොවේද...???

    ReplyDelete