Sunday, November 22, 2015

(30) මගෙ දුවේ ඔබ අවදියෙන් නම් - කරුණාරත්ත දිවුල්ගනේ


පියකු විසින් තම දියණියක වෙත කරනු ලබන ආදරණීය ආමන්ත්රනණයක් ලෙසින් මෙම ගීතයේ අත්දැකීම විකාසනය වේ.පියා තම දියණියට ආමන්ත්ර්ණය කරනුයේ,මගෙ දුවේ ලෙසිනි.එමගින්කථක පියා තුළ තම දියණිය කෙරෙහි පැවතියා වූ අසීසිත වූ සෙනෙහස ධ්වනිත වේ.සාමනා්‍යෙයන් අප අසා තිබෙනුයේ ගීත එසේත් නැතිනම් පද්ය තුළින් සොඳුරුතම මොහොත ලෙසින් පෙන්වා දෙනුයේ උදෑසනයි! කවියා තම අපූර්ව වූ පරිකල්පන හැකියාව උපයුක්ත නොටගනිමින් රැයෙහි ඇති සුන්දරත්වය අපූරුවට විවරණය කරයි.කලාකරුවා වූ කලී අපර්ව නසතු නිර්මාණයෙහි ලා උපන් එපන්නුය යන්න රත්ත ශ්රීි නම් සහෘද කලාකරුවා කෙරෙහෙ අතිශයින්ම උචිතය.දොර ඇරගෙන එලියට එන්න යැයි පියා තම


මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි



රැයේ සොඳුරුතම මොහොතේ ඇති මිහිරියාව කථකයා තම දියණියට
කියාදෙන්නේ අව්යා ජ ජන කවියෙනකු මෙනි.මේ මොහොතේ සේපාලිකා මල් පවා බිමට බැස ඇත.ඔවුන්ට ඇවිදයන්නට කාගෙන් නම් තහංචිද? නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි යන්න වූ කලී අපූර්ව කාව්යෝංක්තියකි.තාරකාවන්හි ඡායාව වැව් දියට වැටී ඇත.ඒ දෙස බලන්නකුට පෙනෙනුයේ වැව් පතුලේ තාරකා ඇති බවකි.කවියා මෙය හඳුන්වන්නේ නිල් තරු කැට වැව් දියට පෙම් බැඳීමක් ලෙසිනි.මෙය කොතරම් රමණීය කාව්යහයක් නොවන්නෙහිද?එනයින් බැලූ කල මෙම විශවය වූ කලී මනුෂ්යතයා ලද සොදුරතම දායාදයක් නොවන්නෙහිද?


සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කොතරම් සුන්දරද
මගෙ දූ තනියම හිනාවෙයි


යමෙකු ගණ කළුවරට පෙම් බඳියි නම් ඔහු ඉර හඳට ණයගැති විය යුතුයැයි ඔහු තම දියණියට කියාදෙයි.එයින් ඔහු තම දියණියට කියන්නේ,ඉර හඳට කෟතඤ විය යුතු බැව් නොවේද?අවසාන පාද දෙකෙන් පියා තම දියණියට පමණක් නොව සමසත් දරු දැරියන්ටම වටිනා වූ ඔවදනක් ලබාදෙයි.එනම් ඔබ ලොවට ආදරේ නම් මුලු ලොවම ඔබටත් ආදරේ යන්නයි.සැබවින්ම අප ලෝකයාට පෙම් බැඳිය යුතු නොවේද?ලෝකය විනාශ කිරීමට ගිය කල්හි විනාශ වන්නේ ලෝකය පමණක් නොව අපද විනාශ වේ.එහෙයින් ස්භාවඹර්මයා රැකගැනීම වනාහි අපම රැකගැනීම නොවේද?එස් මහින්ද හිමි,ආනන්ද රාජකරුණා කුඩා දරුවන් යොදාගනිමින් ස්භාවධහමේ අගය කියාදුන්නාක් මෙන් රත්න ශ්රීහ විජේසිංහ කවියාද අපට කියාදෙන්නේ ස්භාවධහමේ අසිරිය නොවේද?


ගන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි


මෙම ගීතයේ ගේය පද රචනය ප්රතවීන ගේය පද රචක රත්ත ශ්රීප විජේසිංහ මහතාගෙනි.සංගීතය රෝහණ වීරසිංහයන් විසින් සපයන අතර ගායනය කරුණාරත්ත දිවුල්ගනේ ගෙනි.සරල බස් වහක් යොදාගත්තද ඉන් සමාජයට දෙනු ලබන පණිවිඩය මහත්ය.




No comments:

Post a Comment