Monday, November 23, 2015

(32) මුතුකුඩ ඉහළන මල් වරුසාවේ - රෝහණ වීරසිංහ


ප්රේසමයේ විරහව වේදනාව හදවතෙහි සිතුවම් කළ අපූර්වතම ගී සිත්තමකි මුතුකුඩ ඉහළන මල් වරුසාවේ නම් ගීතය.ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද රචනයෙන්ද, රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනයෙන් මෙන්ම ගායනයෙන් ද අලංකෘත වූ මෙම ගීතය ප්රේරමයේ විරහ වේදනාව විඳි නොවිඳි සැම බෙහෙවින් ඇළුම් කරන්නකි.
ප්රේබමය නැමැති රැහැනින් බැඳෙන්නන් සැමදෙනාගේම ප්රේනමය විවාහයෙන්ම කෙළවර නොවන්නේය.ඇතමුන්ට අවසානයේ හිමිවනුයේ විරහව වේදනාවයි.එසේ ප්රොමයේ විරහව වේදනාවෙන් පෙ‍ලෙන පෙම්වතකුගේ ආත්ම කථනයකි මෙම ගීතය.ගීතය විටෙක වර්තමානය සමඟින්ද තවත් විටෙක අතීතාවර්ජනයක් ලෙසින්ද දිග හැරේ.

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිළී

සෙංකඩගල සිසාරා මල් වර්ෂාවක් ඇද හැලෙන මොහොතක කථකයා පාරේ ගමන් කරයි.හොඳින් හුරු පරුදු දෑසක් ඔහුගේ දෙනතට හසුවේ.හ් ඔහුගේ බැරණි පෙම්වතියයි.ඇය රිය කවුළුවෙන් ඔහුදෙස බලා නැවත
තම නෙත් රිය තුළටම ගත්තාය.මෙය මුතුකුඩ ඉහළන වරුසාවක් වුවද කථකයාට නම් එය කදුළු කැට විසුරු වන වර්ෂාවක්මැයි.වැහිළිහිණියන් වර්ෂාව පමණක් නොව ඔහුගේ ශෝකයෙන් අඳුරු වී ගිය මනස ද සංකේතවත් කරයි.

අඳුරු ලලා...
සෙංකඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ
තෙමි තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

එදා සෙංකඩගල සිසාරා ඇදහැළුණු වර්ෂාවේ ඔවුන් දෙදෙනා එක මඟක එකට ගිය සැටි ඔහුට සිහිපත්වේ.දෙදෙනාම එකම කුඩය යටින් තුරුළු වී යන්නට ඇත.එහෙත් දෛවයේ සරදම නිසාදෝ අද දෙදෙනා ගමන් කරනුයේ දෙමංසලකය.රිය පදවා ගෙන යනු ඇත්තේ ඇතැම්විට සැමියා විය හැකිය.ඇගේ දැෑසේ හිමිකාරිත්වය දැන් ඔහු සතුය.අදුරු ලලා යන යෙදුම මඟින් ඔහුගේ ශෝකී මනෝභාවයන් සංකේතවත් කරයි.දිය දහරා දේදුන්නේ පැහැය යයි කීම ද අපූර්ව කවි සිතුවිල්ලකි. එදා ඔවුන්ට ඇදහැළුණු ආදර මධු වැස්සයෙන් කථකාගේ සිත ප්රී තියෙන් පිරී පැවති අයරු එමඟින් ධ්වනිත වේ..

රිය ඇතුළේ...
උණුසුම ඔබෙ දිදී
නහවයි මා
රියසක මඩ වතුසර්
නෑ හිත රිදුසේ අදත් එදා සිහිවී
අසේ සබඳ කම් නෑ රිය සක දන්සන්

එදා ඇයගේ ප්රේෑමය ඔහුට කුරිරු වූවා සේම අද ඇයගේ රියද ඔහුටම සැහැසිකම් කරයි.මන්ද ඇයට උණුසුම සලසන රිය ඔහු පසුකර යන්නේ මඩවතුරෙන්ද සංග්ර හකරමිනි.නමුත් ඒ පිළිබඳව ඔහුගේ සිතෙහි ද්වේශයක් නම් ඇති නොවන්නේය.ඔහු හා ඇය තුළ තිබුනා වූ ප්රේ.මය රිය සක නොහඳුනනා බැවිනි.දෙකී සිද්ධි දාමයන් සියල්ල චිත්ත රූප ජනනය වන ලෙසින් ඉදිරිලත් කිරීමට රචකයා දැක්වූ ප්රිතිභාව අගය කළ යුතුමය.
ප්රේනමය් ශෝකී රිද්මය අපූර්ව කාව්යචමය සිතුවිල්ලකට හරවා රසිකයාගේ භාවයන් ප්ර කම්පනය වන අයුරින් නිර්මාණය කරන ලද්දා වූ අප්ර්ර්වත්ම ගී සිතුවක් ලෙසින් මෙය අවිවාදයෙන් එැඳින්විය හැක.එසේම තමා ප්රදතිභාපූර්ණ සංගීතඥයකු පමණක් නොව ප්රනතිභාපූර්ණ ගායකුද වන බැව් රෝහණ වීරසිංහයන් මෙම ගීතයෙන් මැනවින් සනාථ කරන්නකි මෙම ගීතය.එසේම මෙම ගීතය ලූෂන් බුලත්සිංහලයන්ලේ ගී මුතු වැලෙහි අගනා මුතුවක් ලෙසින් හඳුන්වා සිය හැකිය


1 comment:

  1. මගේ බොලොග් එකේ ලිපි හොරකම් කරලා දාගන්න උඹට ලැජ්ජ නැද්ද?http://sadarasyahana.blogspot.com/2015/10/blog-post.html

    ReplyDelete