Friday, June 17, 2016
(64) තනි වෙන්නට මගේ ලොවේ - වික්ටර් රත්නායක
සිංහල විරහ ගීත අතර නොමියෙන ගීතයක් ලෙස මෙමෙ ගීතයේ පද පෙළ රචනා කරන්නේ බුද්ධදාස ගලප්පත්ති මහතා. 1980 දශකයේ මැද භාගයේ ලියවුනු මේ ගීතය ඒ මහතාගේ අත්දැකීම් ඇසුරෙන් ලියන ලද්දක්. එය එතුමාගේ වචනයෙන්ම;
මේ ගීය ලියෑවුණේ අසූගණන්වල මැද. ප්‍රේමය ගැන අත්දැකීමක්. හැබැයි මගේම අත්දැකීමක් කියා සම්පූර්ණයෙන්ම කියන්න බැහැ. කොටසක් මගේ අත්දැකීමක්. සත්‍ය හා කල්පිතයන් අතර අත්දැකීම් පෙළක් කියලා කිව්වොත් නිවැරැදියි.
තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්
Wednesday, April 13, 2016
(63) සුළඟේ පාවී ඈ වෙත යාවී - මිල්ටන් මල්ලවාරච්චි
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්...
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්
පාසලේ දි මා දිහා
නෙත් කොනින් බලා
ඔබ කියූ රහස් කතා
නෑ සැබෑ වුණේ
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
ගී පොතේ හි මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
බැලු බැලුම් පිරින්යේ
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්
පාසැල් විය තුළ බොහෝ දෙනෙක් තුළ ප්රේනමනීය සිතුවිලි ඇතිකරයි.එනමුදු සාර්ථක වන්නේ නම් සියයට පහකටත් අඩු ප්රකමාණයක් යැයි කීම අසථ්යියක් නොවන බැව් දන්නෝ දනිති.මන්ද යත් පසැල් වියේ විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන්නා වූ අකාර්ශනය ප්රේ මයක් ලෙසින් වරදවා වටහා ගැනීමයි.එහෙයිනි පාසැල් ප්රේඅමය බොළඳ ප්රේරමයක් ලෙසින් හඳුන්වනුයේ.කෙසේ වෙතත් මෙම ගීතයද දිවයන්නේ හැබෑ නොවූ පසැල් වියේ බැඳ ප්රේ මනීය සිතුවිල්ලක් වෙතය.
(62) බිරිඳ මගේ ඔබ - විශාරද නන්දා මාලිනී ගෝකුල සමඟින් විශාරද ගුණදාස කපුගේ
බිරිඳ මගේ ඔබ
නැ මා ඔබගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ නොවේ.. ඔබගේ බිරිඳ නොවේ
ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත
සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
ආදරයෙන් බැඳුන පෙම්වතුන් සැමටම විවාහ වන්නට ඔවුන් ජීවත් වන සමාජයෙන් ඉඩක් නොලැබේ.ඇතම් පෙම්වතුන්ට එක නොවී සදාකාලිකව වෙන්වීමට සිදුවේ.එවිට ඔවුන්ට සිදුවනුයේ තමන් ආදරය නොකළ,අපේක්ෂා නොකළ අයෙකු හා විවාහ වන්නට සිදුවීමයි.නමුත් එසේ බලෙන් එකතු කරන ලද ඔවුන් සාර්ථක පවුල් ජීවිත ගත කරනුයේ ස්වල්ප දෙදෙනකි.බොහෝ පවුල් ජීවිත තුළ ඝට්ටනයක් ඇතිවේ.ඇතමුන් එකිනෙකාට වෛර කරගැනීමට,ඔවුනොවුන් අඩ දබර කරගැනීමට පෙළඹෙනු දැකගත හැකිය.එකී ඝට්ටනය ඇතිවනුයේ ඔවුන් එකිනෙකාගේ අදහස් සිතුම් පැතුම් ඔවුන්ට වටහාගත නොහැකි නනිසා නොවේද?
(61) හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් - වික්ටර් රත්නායක
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්
වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...
අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...
ප්රේමමයක් දළු ලන්නට ස්භාවධර්මය ලැබෙනුයේ පුදුමාකර සහයෝගයකි.ගහ කොළ,අහස,නිල් පැහැ වළාකුළු,ගං ඉවුරු,වැව්,සඳ ,සීතල සුළඟ මේ හමදෙයක්ම ප්රේමමනීය හැඟුම් උද්දීපනය කරලීමට බලපායි.එනයින් බෑලූ කල ප්රේ්මය හා ස්භාවධර්මයා අතර ඇත්තේ අවියෝජනීය බැඳීමක්.ප්රේැමයේ අත්උදව් කරුවා ස්භාවධර්මයාය.ප්රේරමයට උදව් උපකාර කරන්නට ස්භාවධර්මයා සැදී පහැදී සිටී.එවැනි අවස්ථාවක් කාලිදාස විසින් විරචිත මේඝදූතයේ දැකගන්න පුළුවන්අලුත විවිහ වුණු යක් සෙනවියකු තම සේවය පැහැරහැරීම හේතුවෙන් කුවේරයාගෙන් දඩුවම් ලබවා.ඒ තඒ හේතුවෙන් ඹහුට තම බිරිඳගෙන් වෙන්ව සිටින්නට සිදුවේ.ඒ මොහෝතේ දුකින් පෙළෙන තම ප්රිවයම්බිකාව සනහා ලන්නට වළාකුළක් අතේ පණිවිඩයක් යවයි.
(60) සිනා පොදක් වී ඔබගේ දෑසේ - විශාරද දීපිකා ප්රියදරශනී
සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කදුළැල්ලක් වී ඔබගේ දෑසින්
ගිළිහී යන්නට උරුම කළේ ඇයි
සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කරදා සැගව ගියේ ඇයි
මල් කැකුළක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා පියවර අවුරා
අසරණ කරදා ඉවත ගියේ ඇයි
අහිමි වීම දරාගත නොහැකි වූ අවිහින්සක යුවතියක්ක් පාදක කරගෙන නිර්මානය වූ සින්හල ගීතාවලියේ අපූර්වතම නිර්මානයක් තමයි අද ගීයක අරුතක මුල් වෙන්නෙ. කුලරත්න ආරියවන්ශා ශූරීන් විසින් රචිත ඒ වගේම සන්ගීතවෙදී රෝහන වීරසින්හයන් විසින් සන්ගීතවත් කරන විශාරද දීපිකා ප්රියදරශනී ගායිකාව ගීතවත් කරන ඔබ අප ගොඩාක් ආස කරන මෙන්ම අද දක්වා ජනප්රියතාව බිඳුවකුදු අඩු නොවේඅ එන ගීතයක් තමයි " සිනා පොද වී" ගීතය
(59) දුරස් වන්නට මේ ලෙසින් - ආචාර්ය දයාරත්න රණතුංග
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//
අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද...
දුරස් වන්නට මේ ලෙසින්...
අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද...
ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් සංගීතවත් කොට ගායනා කරන මෙම ගීතය ප්රේ.මය විරහ වේදනාව තේමාකරගත්තකි.මෙම ගීතයේ ගේය පද රචනාව ආචාර්ය අංන්තා රණසිංහයන්ගෙනි.මෙහි කථක පෙව්වතා ප්රේ මයේ සොඳුරු බව මෙන්ම රුදුරු බවද අත්විඳ ඇති බැව් පෙනේ.
Subscribe to:
Posts (Atom)





