Wednesday, April 13, 2016

(62) බිරිඳ මගේ ඔබ - විශාරද නන්දා මාලිනී ගෝකුල සමඟින් විශාරද ගුණදාස කපුගේ



බිරිඳ මගේ ඔබ
නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..

ආදරයෙන් බැඳුන පෙම්වතුන් සැමටම විවාහ වන්නට ඔවුන් ජීවත් වන සමාජයෙන් ඉඩක් නොලැබේ.ඇතම් පෙම්වතුන්ට එක නොවී සදාකාලිකව වෙන්වීමට සිදුවේ.එවිට ඔවුන්ට සිදුවනුයේ තමන් ආදරය නොකළ,අපේක්ෂා නොකළ අයෙකු හා විවාහ වන්නට සිදුවීමයි.නමුත් එසේ බලෙන් එකතු කරන ලද ඔවුන් සාර්ථක පවුල් ජීවිත ගත කරනුයේ ස්වල්ප දෙදෙනකි.බොහෝ පවුල් ජීවිත තුළ ඝට්ටනයක් ඇතිවේ.ඇතමුන් එකිනෙකාට වෛර කරගැනීමට,ඔවුනොවුන් අඩ දබර කරගැනීමට පෙළඹෙනු දැකගත හැකිය.එකී ඝට්ටනය ඇතිවනුයේ ඔවුන් එකිනෙකාගේ අදහස් සිතුම් පැතුම් ඔවුන්ට වටහාගත නොහැකි නනිසා නොවේද?







මේ ගීතය තුළින්ද ප්රනතිනිර්මාණය කරනුයේ එලෙසින් තමා නොසිතූ අයෙකු හා විවාහ වන්නට සිදුවූ යුවළ අතර පවතින්නා වූ විසංවාදයයි.

බිරිඳ මගේ ඔබ
නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ

ඇය තමන්ගේ බිරිඳ යැයි ඔහු ඇයට කියයි.නමුත් ඇගෙන් ඔහුට ලැබෙන්නේ එයට විරුද්ධ ප්රතතිචාරයකි.ඇය ඔහුගේ බිරිඳ නොවන බැව් ඇය කියයි.ඔහුගේ හා ඇයගේ දෑඟිළි හුයකින් බැඳ දැමූ පමණින් ඈ ඔහුගේ බිරිඳ වන්නේදැයි ඈ ඹහුගෙන් විමසයි.ඔවුන් දෙදෙනා අතර පවතින්නා වූ නොගැලපීම මේ තුළින් ධ්වනිත වේ.අනෙක් අතට පෝරුවේදී දඟිළි එක් කරමින් දෑගිළි පැටලැව්වද දෙදෙනකුගේ සිත් එකතු කිරීමට තරම් බලයක් එම හුයට නැත.මොවුන් දෙදෙනා සමාජය ඉදිරියේ පමණක් සැමියා හා බිරිඳයි.ඹවුනොවුන් ඉදිරියේ ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාටම ආගන්තුකයින්ය.සාමාජයට පමණක් ඔවුන් සැමියා හා බිරිඳය.ඔවුන් දෙදෙනාටම වැටහෙන පරිද්දෙන් ඔවුන් තුළ කිසිදු සබඳතාවයක් නැත.මෙය වූ කලී ඔවුන් දෙදෙනා මුහුණ දී ඇති බරපතල ඛේදවාචකයක් නොවන්නෙහිද?මනුස්සකුට දිවියේ ලැබෙ ලොකුම භාග්යනය වනුයේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම නොවන්නෙහිද?එය අහිමිවී යෑම කොතරම් ඛේදනීයද?

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත..//

ඔවුන්ට මෙලසින් ඛේදනීය ඉරණමකට මුහුණපෑමට සිදුව ඇත්තේ කුමක් නිසාද?ඒ ඔවුන් දෙදෙනාටම තමන් පෙම්කල අය නොලැබුණු හෙයිනි.ඔවුන් විවාහ වූයේ ඔවුන්ගේ උවමනාවට නොව,අන් අයගේ උවමනාවටය.එනම් මා පියන්ගේ හා නෑදෑ හිතවතුන්ගේ උවමනාව පිටය.ඔවුන් එසේ මොවුන් දෙදෙනා විවාහ කොට දෙන ලද්දේ මොවුන් දෙදෙනාගේම සුභ සිද්ධිය උදෙසාය.එනමුත් එයින් ඔවුන්ට සිදුව ඇත්තේ කුමක්ද?තවමත් ඔවුන්ගේ දෑඟිළි පමණක් එකට බැඳී ඇත.එහෙත් සිත් බැඳෙන බවක් නම් පෙනෙන තෙක් මානයක නැත.ඔවුන් තවමත් සිතනුයේ අතීතයේ තමන් පෙම්කල අය පිළිබඳවයි.ඔවුන් ට තවමත් අතීත පෙම්වතා හා පෙම්වතිය අමතක කරදැමීමට නොහැකි වී ඇත.කෙසේ නමුත් ඔවුන් දෙදෙනා සැබවින්ම දැන් කළ යුත්තේ ඒ සියල්ල අමතක කොට දමා ඔවුනොවුන් හො ඳින් තේරුම්ගෙන සාර්ථක යුග දිවියක් ගත කිරීම නොවේද?

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද...//

ඔවුන් දෙදෙනා ගතින් එක්තැන් වුවද හදින් දෙතැනකය.ඔවුන් දෙදෙනාගේම හදවත තවමත් ඇත්තේ ඔවුන් අතීතයේ පෙම් බැඳි අය අසලය.එකම වහලක් යට විසුවද දෙදෙනකු ලෙසින් මිස එකකෙකු යයි ඔවුනට නොහැඟේ.ඒ ඹවුන් දෙදෙනාටම ඹවුනොවුන් වටහාගත නොහැකි නිසා නොව්නෙහිද?ඔවුන් දෙදෙනාටම ඔවුනොවුන්ගේ හද ගැහෙනා රාවය මිය යන තුරාවටම හඳුනාගත හැකිවේදැයි ඈ ඔහුගෙන් විමසයි.අපටද ඔවුන්ගෙන් අසන්නට ඇත්තේද එයමය.ඔවුනෙවෙුන් එකිනෙකා තෙරුම්ගෙන කවදා නම් එක්වේද? යන්නයි.

මෙම ගිතය තුළින් පවුල් සංස්ථාව තුළ ඇතිවී තිබෙන බරපතල ගැටළුවක් විවරණය කරයි.එහෙයින් මෙම ගීතය සමාජමය වටිනාකමකන්ද යුක්තය.මෙම අගනා ගීතයේ ගේය පද රචනාව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙනි.සංගීතය විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගෙනි.අඹු සඅමි යුවල ලෙසින් මෙම ගීතවය තම මධර මනොකර හඬින් ජීවය සපයනුයේ විශාරද නන්දා මාලිනී ගෝකුල සමඟින් විශාරද ගුණදාස කපුගේ ශූරීන්ය.






No comments:

Post a Comment