Wednesday, April 13, 2016

(60) සිනා පොදක් වී ඔබගේ දෑසේ - විශාරද දීපිකා ප්රියදරශනී



සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කදුළැල්ලක් වී ඔබගේ දෑසින්
ගිළිහී යන්නට උරුම කළේ ඇයි

සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කරදා සැගව ගියේ ඇයි

මල් කැකුළක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා පියවර අවුරා
අසරණ කරදා ඉවත ගියේ ඇයි



අහිමි වීම දරාගත නොහැකි වූ අවිහින්සක යුවතියක්ක් පාදක කරගෙන නිර්මානය වූ සින්හල ගීතාවලියේ අපූර්වතම නිර්මානයක් තමයි අද ගීයක අරුතක මුල් වෙන්නෙ. කුලරත්න ආරියවන්ශා ශූරීන් විසින් රචිත ඒ වගේම සන්ගීතවෙදී රෝහන වීරසින්හයන් විසින් සන්ගීතවත් කරන විශාරද දීපිකා ප්රියදරශනී ගායිකාව ගීතවත් කරන ඔබ අප ගොඩාක් ආස කරන මෙන්ම අද දක්වා ජනප්රියතාව බිඳුවකුදු අඩු නොවේඅ එන ගීතයක් තමයි " සිනා පොද වී" ගීතය






සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කදුළැල්ලක් වී ඔබගේ දෑසින්
ගිළිහී යන්නට උරුම කළේ ඇයි


පල වෙනි පදයෙන් අපිට දෙන්නෙ සාමාන්ය විදියෙ අර්තයක්. සාමාන්යයෙන් කෙනෙක්ගෙ හිතට සතුටක් ආවාම ඒ කෙනාගෙ ඇස් දිලිසෙනව කියල අපි කියනව. ඒ දිලිසෙන්නෙ කඳුලු වලට ඒ කන්දුලු වලට අපි කියන්නෙ සතුටු කඳුලු කියල. ඉතින් මේ කතිකයට එනම් මේ යුවතිය තමන්ගෙ පෙම්වතාගේ ජීවිතේ තුල සතුටක් වෙලා ඉන්න මහා ගොඩාක් පෙරුම් පුරන් හිටපු බවක් තමයි ගීය තුලින් මතු වෙලා පේන්නෙ නමු වෙලා තියෙන්නෙ අර සතුටු කඳුලු වෙලා ඇසේ දිලිසි දිලිසි හැමදාම රැඳෙන්න නෙවෙයි දුක් කඳුලක් වෙලා ඒ ආදරනීය ජීවිතෙන් සමුගන්න. බලන්න උපමාවන් යොදා ගැනීම තුලින් හදවතක ඇති වෙන හැඟීම් විස්තර කරන අපූර්වත්වය



සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කරදා සැගව ගියේ ඇයි



මේ තරුනිය නැත්නම් යුවතිය තම පෙම්වතාගෙන් ප්රශ්නයක් අහන්නෙ ඒත් ඒ ප්රශ්න වලට උත්තර දෙන්න පෙම්වතා දැන් ඇය ලඟ නැහැ.. හෙවනැල්ල කියන්නෙ අපේ ජීවිතේ අපෙන් කවදාවත් වෙන් නොවෙන වෙනස් නොවෙන එකම දෙය. මේ යුවතියත් තම පෙමවතාගේ හෙවනැල්ල වගේ ජීවිත කාලෙම එකට ඉන්න සිහින මාලිගා හදපු යුවතියක්. එත් වෙලා තියෙන්නෙ වෙන දෙයක් මේ යුවතිය පෙම්වතාගෙන් අහනව මිර්ඟුව දක්වා නෙත්යුග රවටා වල්මත් කරදා සැඟව ගියේ ඇයි? මිරිඟුව කියන්නේ මායාවක් නැත්නම් බොරුවක්. කෙනෙක් මිරිඟුව පස්සෙන් යන්න යන්න ඒ මනුස්සය තවත් හති වැටෙනව මිසක් අර මිරිඟුව හම්බුවෙන්නෙ නෑ. ඒත් ඒ මිරිඟුව පස්සෙ යන මිනිස යන්නෙ තමන්ට තියන වතුර පිපාසාවට. තමන්ට ජලය ඔනෙම නිසා. මෙතන වල්මත් වෙනව කියල අදහස් වෙන්නේ. අදාල දෙයකට තියන දැඩි කැමැත්ත කියන එක. මේ උපමාව තුලින් හන්ගල තියන යතාර්තය හරි සරලයි. මේ පෙම්වතා ආදරය හා විවාහය කියන මිරිඟුව මේ තරුනියට පෙන්නල. විවාහය කියන දේ අත්යාවශ්ය තැනේදි. එනම ඇයට ඔහුව අවශ්ය තැනේදි ඇයව අත හැර යනව. යුවතිය අහනව ඇයිද කියල එත් උත්තර දෙන්න පෙම්වතා ඇය ලඟ නෑ. ඒත් ඇයි මේ යුවතිය මෙතරම් මේ තරුනයා පසුපස යන්නෙ කියන අබිරහසට සාදාරනීය පිලිතුරල්ක් අවසන් පද පේලි දෙකේදි අපිට ලැබෙනව



මල් කැකුළක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා පියවර අවුරා
අසරණ කරදා ඉවත ගියේ ඇයි



කාන්තාවක් විකසිත වෙන අවස්තා දෙකක් ගැන සින්හල සාහිත්යයේ සඳහන් වෙනව එකක් තමයි වැඩි වියට පත්වීම හා කන්යාබාවයෙන් මිදීම කියන දෙක එතකොට මේ යුවතියටත් පැතුමක් තිබිල තියනව තම ප්රේමවන්තයගේ ජීවිතය තුල විකසිත වෙන්නට. ඒත් අවසානය සිද්ද වෙලා තියෙන්නෙ ඇගේ සිතට මාහා ගින්දරක් දුකක් දීල ඒ වගේම ඇගේ ඉදිරි ගමන අඩාල වෙන්න යමක් කරල ඇයව සමාජය තුලා අසරන වන්නට දීල ඔහු යන්න ගිහින්. එහෙනම් අපි ඇයට යොදපු යුවතිය හා තරුනිය කියන පද දෙක අර්ත ශූන්ය පදයක් පමනක්ම වේවි






No comments:

Post a Comment