Wednesday, April 13, 2016

(59) දුරස් වන්නට මේ ලෙසින් - ආචාර්ය දයාරත්න රණතුංග



දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//

අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද...

දුරස් වන්නට මේ ලෙසින්...

අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද...


ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් සංගීතවත් කොට ගායනා කරන මෙම ගීතය ප්රේ.මය විරහ වේදනාව තේමාකරගත්තකි.මෙම ගීතයේ ගේය පද රචනාව ආචාර්ය අංන්තා රණසිංහයන්ගෙනි.මෙහි කථක පෙව්වතා ප්රේ මයේ සොඳුරු බව මෙන්ම රුදුරු බවද අත්විඳ ඇති බැව් පෙනේ.





දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//



ස්ත්රීප පුරුෂයෝ ප්රේකමයෙන් බැඳෙති.එනමුදු විවාහයෙන් අවසන් වන්නේ නම් ඒ කිහිපයකි.බොහෝ දෙනෙකුට සිදුවන්නේ ප්රේෙමයේ දුක්බර මතකයන් පමණක් හදවතට තුරුළු කොටගෙන ජීවත් වීමටයි.මෙම කථකයාටද සිදුව ඇත්තේද එයමය.ප්රේපමය බිදුණු කල කුමකට ප්රේෙමයෙන් බැඳුනාඳ එසේ ප්රේාමයෙන් නොබැඳී සිටියා නම් මෙවැනි වේදනායක් හඳට නොදැනේවි යැයි ඇතැම්විට සිතයි.මෙහිදී මතක් වන ගී කොටසක් ඇත.එය මෙසේ සටහන් කරමි.



අතීතය සිහිනයක් පමනයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ



සැබවින්ම එදා ප්රේඳමයෙන් නොබැඳනි නම් මෙදා වියෝවක් ඇත්තේද නැත.එලෙසින්ම කථකයාද සිතයි.වෙන්වන්නට අප දෙදෙනාට සිදුවූයේ නම් ඇයිද අප හමුවුනේ?අප එකිනෙකා වේදනාවට පත් කරලන්නට පමණක්ද?කතකයාගේ හද විරහවේදනාව විසින් ගිලන් කොට ඇ.ඇය නොලැබෙන්නේ නම් ඇයිද ඔහු උපත ලැබුවේ යැයි ඔහු තමාගෙන්ම ප්රවශ්න කරයි.විවධ බාධක හේතුවෙන් බිඳී ගිය ප්රේුමවන්තයින්ගේ සැබෑ මනෝභාවයන් මීට වෙනස් විය හැකිද?



අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද...



කථකයාගේ සිත ‍පීරී පවතින්නේ ඇය ලිඵිබඳ මතකයන් වලිනි.නමුත් ඇයට ඔහු සමඟ ගෙවූ අතීතය මතකදැයි ද ඔහුට සැක සහිතය.ඔහු ඈ හා අත්වැල් බැඳගෙන මං මාවත් දිගේ ඇවිඳ ගිය සැටි මතකදැයි ඇගෙන් විමසයි. ඔවුන් දෙදෙනා වැස්සට එකම කුඩය යටින් යන්නට ඇත.ඇය හුරතටලන් ඔහු හා සිනාසෙන කල ඔහුට ඇය කුඩා දැරියක් යැයි සතිණි.එනමුදු ඇයට ඒවා මතකදැයි ඔහු ඇගෙන් ප්රහශ්න කරයි.ඔහුගෙන් නෙවී ගියද ඈට හම මතකයන් නම අමතකවීමට ඉඩක් නැත.



අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද...



පෙම්වතුන්ව සිටියදී ඔවුන් අහස් මාළිඟා තැනීමට දක්ෂයෝය.එනමුදු ප්රෙමමය බිඳීගිය කල එම අහස් මාළිඟා බිදී යන්නේ විදුලි වේගයෙනි.මොහුටද එවැනි කාලායක් තිබුණි.එනමුදු පෙම්වතියට එය මතක නැතුවා වත්ද ඔහු ඇගෙන් විමසයි.ඒ කිසිවක් නොව අඩුම තරමේ ඇයට ඔහු කලක් ඇගේ පෙම්වතා ලෙසින් සිටි බව වත් මතකදැයි විමසයි.ඇතැම් විට ඈ ඒ සියල්ල අමතක කොට දමා ඔහුගෙන් වෙන්වී යන්නට ඇත.කෙසේ් වුවත් ඒ සියල්ල ඔහුගේ හදවත වේදනාවට පත් කරයි.
ප්රේෙමයේ විරහ වේදනාව අපූරුවට හද තුළ සිත්තම් කරලන ගීතයක් ලෙසින් උක්ත ගීතය හඳන්වා දිය හැකිය.ප්රේවමයේ වෙදනාවෙන් පෙළෙන්නකුගේ මනොභාවන් අපූරුවට වචනවලට හරවාලීමට අජන්තා රණසිංහයන් දක්වා ඇති ප්රයතිභාව අගය කළ යුතුය.එසේම දවාරත්න රණතුංගයන්ගේ ගායනය මෙන්ම සංගීතයද අගය කළයුතුය.ඔහු විසින් නිර්මාණය කරන ලද්දා වූ සංගීතය මඟින් කථකයාගේ හදවතෙහි පැවතියා යූ ශෝකී රිද්මය වඩ වඩාත් තීව්ර්කරවයි.එය මෙම ගීතයේ සාර්ථකත්වය මනා පිටුවහලක් වී ඇත.



පනස් නමයක් දක්වා දිරිමත් කල අතහිත දුන් සිඅයලු දෙනාටම ස්තූතියි

"මේ පුන්චි රටේ යලි කවදා හෝ මතු කවදා හෝ ඔබ අප හමුවේ"

මේ ලිපිය අවසන් කරන්න කලින් මෙයටම ගැලපෙන ගීතයක් පොඩ්ඩක් ලියල යන්න හිතුන
අද අරුතයි ඊයෙ අරුතයි කොච්චර හිතට වදිනවද බලන්න

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි //

ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි

මා ඉතින් යන්න යනවා...

සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි
මා ඉතින් යන්න යනවා...








1 comment:

  1. Betway: Buy your ticket for a huge payout when you lose - ThTopBet 메리트 카지노 쿠폰 메리트 카지노 쿠폰 12bet 12bet 888Best online betting sites【2021】top 10

    ReplyDelete