Wednesday, April 13, 2016

(63) සුළඟේ පාවී ඈ වෙත යාවී - මිල්ටන් මල්ලවාරච්චි


සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්...
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්

පාසලේ දි මා දිහා
නෙත් කොනින් බලා
ඔබ කියූ රහස් කතා
නෑ සැබෑ වුණේ

සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්

ගී පොතේ හි මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
බැලු බැලුම් පිරින්යේ

සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්

පාසැල් විය තුළ බොහෝ දෙනෙක් තුළ ප්රේනමනීය සිතුවිලි ඇතිකරයි.එනමුදු සාර්ථක වන්නේ නම් සියයට පහකටත් අඩු ප්රකමාණයක් යැයි කීම අසථ්යියක් නොවන බැව් දන්නෝ දනිති.මන්ද යත් පසැල් වියේ විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන්නා වූ අකාර්ශනය ප්රේ මයක් ලෙසින් වරදවා වටහා ගැනීමයි.එහෙයිනි පාසැල් ප්රේඅමය බොළඳ ප්රේරමයක් ලෙසින් හඳුන්වනුයේ.කෙසේ වෙතත් මෙම ගීතයද දිවයන්නේ හැබෑ නොවූ පසැල් වියේ බැඳ ප්රේ මනීය සිතුවිල්ලක් වෙතය.






සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්...
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්

ප්රේිමනීය සිතුවිල්ලෙන් බැඳෙන්නෝ සිහින ලෝකවල තනිවෙන්නෝය.ආහල්මාළිඟා තනමින් එම ලෝකයන්හි ප්රීවතියෙන් පසුවෙති.එනමුත් එම සිහින ලෝක බිඳී ගිය පසු සුසුමන් හෙළිමින් දෙනෙත කඳුළින් පුරවාගෙන ජීවිතය දුකින් යුතුව ගෙන යයි.මෙම පෙම්වතාද ඇය අතගෙන මල්මාවත්හි සැරිසරන හැටි සිහින මැවුවාය.අන් ප්රේනමවන්තයන්ට සේම ඔහුටද දහසක් පැතුම් තිබුනි.නමුත් අද ඒ සියල්ල සැබෑ නොවූ සිහිනයන්ය.අද ඒ සියල්ල සුළඟේ පාවී හෝ ඈ වෙත යන්නයැයි ඔහු පතයි.මන්ද ඇයට තම පැතුම් දන්වාලීමට ඔහුට අන් ක්රදමයක් නැත.එනමුදු ඒවා සුළඟේ පාවී කොහේ යාවිදැයි කිවනොහැක.

පාසලේ දි මා දිහා
නෙත් කොනින් බලා
ඔබ කියූ රහස් කතා
නෑ සැබෑ වුණේ

ගී පොතේ හි මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
බැලු බැලුම් පිරින්යේ

මා කලින් කීවාක් මෙන් පාසැල් වියේ ඇතිවන්නා වූ ප්රේීමනීය සිතුවිලි විවාහ බැඳුමින් කෙළවර වන්නේ ඉතා අල්පයකි.බොහෝ ආදරවන්තයින් හිමිවනුයේ කඳුළ සුසුම පමණි.ඇතුමුන් අධ්යා පනය පවා පසෙකට දමා ප්රේ මය පසුපස දුවයයි.එනමුත් තමන් දුවගොස් මිරුඝුවක් පසුපස යැයි ඔවුන් තේරුම් ගන්නා විට ප්රටමාද වී බොහෝ කල් ගොස්ය.මෙම කථකයා මෙන්ම ඈතුළද ප්රේරමනීය සිතුවිළි තිබී ඇත.ඇය පාසලේදී නෙතඝ බැලුම් හෙළා ඔහු හා ලෝචන සංවාදයේ යෙදී ඇත.ඔවුනොවුක් කෙඳුරූ රහස් කතා සැබෑවක් නම් වූයේ නැත.අද එය අතීතයට එක්වී හමාරය.ඔහුගේ දිවිය ශෝක ගීතයක් කරන ලද්දේද ඇයටග් නෙතඟබැලුම්ය.ඇයගේ බැලුම් ඔහුගේ දෙනෙතෙන් කඩා හැළෙන කඳුළෙහි උල්පතයි.

කරුණාරත්න අබේසේකර නම් වූ ප්රිතිභාපූර්ණ ගේය පද රචකයාගේ ගේය පද රචනාවෙන්ද ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතයෙන්ද මිල්ටන් මල්ලවාරච්චිගේ මධුර මනෝහර හඬින්ද අලංකෘත වූ මෙම ගීතය ප්රෙේමයේ ශෝකී රිද්මය සහෘදයාගේ සිත් සතන්හි ජනිත කරවන්නා වූ මනරම් ගී කාව්යගයන් ලෙසින් හඳුන්වා දිය හැකිය.කැලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතය මෙම ගීතයෙන් ප්රවකිශිත ශෝකී රසය තීව්රි කරලයි.මිලටන් මල්ලවාරච්චිගේ හඬෙහි ශෝකී රිද්මයන් සැඟවී ඇත්දැයි සිතෙන තරම් අපූරුවට ඔහු මෙම ගීතය ගායනා කරයි.සංගීතය ගායනය ,පද රචනාව යන ත්රිැලක්ෂණය මැනවින් සංයෝජනය වූ නිර්මාණයකට කදිම කිදර්ශනකි උක්ත ගීතය





No comments:

Post a Comment