Wednesday, April 13, 2016

(61) හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් - වික්ටර් රත්නායක



හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...

ප්රේමමයක් දළු ලන්නට ස්භාවධර්මය ලැබෙනුයේ පුදුමාකර සහයෝගයකි.ගහ කොළ,අහස,නිල් පැහැ වළාකුළු,ගං ඉවුරු,වැව්,සඳ ,සීතල සුළඟ මේ හමදෙයක්ම ප්රේමමනීය හැඟුම් උද්දීපනය කරලීමට බලපායි.එනයින් බෑලූ කල ප්රේ්මය හා ස්භාවධර්මයා අතර ඇත්තේ අවියෝජනීය බැඳීමක්.ප්රේැමයේ අත්උදව් කරුවා ස්භාවධර්මයාය.ප්රේරමයට උදව් උපකාර කරන්නට ස්භාවධර්මයා සැදී පහැදී සිටී.එවැනි අවස්ථාවක් කාලිදාස විසින් විරචිත මේඝදූතයේ දැකගන්න පුළුවන්අලුත විවිහ වුණු යක් සෙනවියකු තම සේවය පැහැරහැරීම හේතුවෙන් කුවේරයාගෙන් දඩුවම් ලබවා.ඒ තඒ හේතුවෙන් ඹහුට තම බිරිඳගෙන් වෙන්ව සිටින්නට සිදුවේ.ඒ මොහෝතේ දුකින් පෙළෙන තම ප්රිවයම්බිකාව සනහා ලන්නට වළාකුළක් අතේ පණිවිඩයක් යවයි.






ඉහතින් සඳහන් කරන ලද්දේ සභාවධර්මයා පිහිට වූ අයුරය.එනමුත් ස්භාවධර්මයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්රේනමයට සතුරු කම්ද ඉඳහිට හෝ කරයි.මේ කථකයාට ද සිදුවන්නනට යන්නේ එවැන්නකි.ඔහු සූදානම්ව සිටින්නේ බොහෝ කලකට පසුව තම පෙම්වතිය සිතුසේ දැකගන්නටය.එය සොඳුරු මොහොතකි.වැසි වටෙන්නට පටන් ගතහොත් ඒ සොඳුරු මොහොත ක්ෂණකයෙන් අඳුරු වී යා හැක.එහෙයිනි ඔහු තම හිත මිතුරු සුළඟෙන් ල්ලා සිටින්නේ වැසි වළාවට කියන ලෙසින් අද නොවසින්නට කියා. ඔහු ස්භාවධර්මයේ මිතුරෙකි.එහෙයිනි ඔමු සුළඟට හිත මිතුරකු ලෙසින් ආමන්ත්රනණය කරන්නේ.ඔහු තම ආදරවන්තිය හංස ධේනුවකට සම කරයි.ඉන් ඈ සතඅ සුන්දරත්වය,නිරිමලත්වය සංකේතවත්වේ.

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

තම පෙම්වතිය හමුවන සොඳුරු මොහොතේ වැසි වැටුනහොත් කුමක් සිදුවේද?.එම සොඳුර මොහොත වැස්සට දියවී යනු ඇත. වීදි ජලයෙන් පිරී යනු ඇත.ඔවුන් යන මඟ මඬවලවල් සෑදෙනු ඇත.ඔහුට කම ආදරවන්තිය සමඟින් ආදර බස් මුමුණමින් තණනිල්ලේ ඇවිද යන්නට අවැසිය.එනමුත් වැසි කඩාහැලුනහොත් තණකිල්ලේ මඩගොහොරු සෑදෙයි.එවිට ඇගේ අත අල්ලාගෙන කෙසේ නම් තණ නිල්ලේ ඇවිද යන්නද?ඹහුට මුනිවත රැකගනිමින් ඈ සමඟින් අනන්තවට පියඹා යන්නට අවැසිය.වැසි වැටුනහොත් ඔහුට බාධාවකි.

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...
මොහු ආත්මාර්ථකාමී පෙම්වතෙක් නොව,ඔවු ඇගෙන්සමුගත් පසු ඕනෑරම් වැසි වැටුනාට කම් ැත යයි තම මිතුරු සුලඟට කියයි.ගං,වැව් යන ඔනෑම දෙයක් පිටාර ගලන තුරු වැසි වැටුනට කම් නැත.නමුත් ඊට ඔහු ඇගන් සමුගන්නා තුරු සිිය යුතුය.ඒ වෙුවෙන් හෝරාවන් දෙක තුනක්වත් සිටින්න යැයි ඔහු කියයි.එක් අතකින් මෙය අහිංක පෙම්වතකුගේ සොඳුරු ආයාචනයකි.ඔහු ඇතැම් මිනිසුන් මෙන් ස්භාවධර්මයාට අභියෝග කිරීමට නොයයි.ඔහු කරන්නේ ඉල්ලීමක් පමණි.ස්භාවධර්මයාට අභියෝග කිරීමට ගිය කල්හිය එය අපට පාඩම් උගන්වනුයේ.නාය යෑම් ,භූමි කම්පා ස්භාවධහම තම බලය අපට උගන්වන්නා වූ පාඩම්ය.

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...

මෙම ගීතයේ ගේය පද රචනාව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙනි.ස්වර රචනාව මෙන්ම ගායනයද වික්ටර් රත්නායකයන්ගෙනි.මෙම ගීතයට සපයා ඇති සංගීතයට විරිදු රිද්මයද මුසුකොට ඇත.එසේම වෙදා අසන ප්රේයම ගීතයන්ට වඩා තරමක් වෙනස් ආකාරයක ගීතයකි මෙය.එහෙයින් මෙම ගීතයේ අපූර්වත්වයක් දැකගත හැකිය.සිංහල ගීත සාහිත්යසය එළිය කළ තවත් අගනා ගී මිණක් ලෙසින් උක්ත ගීතය හැඳින්විය හැකිය.






5 comments:

  1. ගීතයේ මතුපිට අර්ථය පමණක් ඉදිරිපත් කිරීම පිළිබඳ කනගාටුයි

    ReplyDelete
    Replies
    1. පන්ඩිත කමට නොදන්න දේවල් කියවන්න ගිහින් නිකාන් පල් වෙනවා😂😂

      Delete
  2. මේකේ අරුත වැස්සක් ගැන නෙවෙයි

    ReplyDelete
  3. දන්න පත් තමා 😂

    ReplyDelete