Monday, November 23, 2015

(35) හිම දියවී හිමාලයේ - අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනී


සුභාවිත ගීත සාහිත්‍යයේ ඇති ගීත අතලොස්ස අතුරින් ඉතා අලංකාර ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැක. සුභාවිත ගීතයේ ඇති විශේෂත්වය නම් සංගීතය ඉතා මිහිරිය. ශ්‍රවණයෙන් රෝග පවා සුව කළ හැක. අරුත ඉතා ගැඹුරුය. රසිකයා වෙත කෙලින්ම ඉදිරිපත් නොකරයි. භාව රසයද ඉතා ඉහළය. හිම දියවී හිමාලයේ, ගීතයට හඬ මුසු කරන්නේ ගායන ශිල්පී අමරසිරි පීරිස් සමඟින් ශිල්පිනී වසන්තා තිලකාංගනීය. එතරම් ජනතාව අතරටනොගියද අර්ථ, භාව රසය ප්‍රිය කරනා රසිකයන්ගේ හද බැඳගත් ගීතයකි.

සදාතනික ආදරවන්තයන් වූ රාධා සහ ක්‍රිෂ්ණා යොදා ගනිමින් ප්‍රේමයේ හිනිපෙත්තටම නැග ශුංගාරය පිළිබඳ ඉදිරිපත් කරයි. රාධා සහ ක්‍රිෂ්ණා යනු ඉන්දියානු දේව සංකල්පයක් බැවින් හිමාලයද යොදා ගෙන ඇත. නමුත් ඒ උපමා සඳහා පමණි. මේ ගීතයට සවන් දෙන ඔබ විසින් චිත්ත රූප මවා ගත යුතුය.



හිම දියවී හිමාලයේ

යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..






අප කවුරුත් දන්නා පරිදි හිමාල කඳු වැටිය හිමෙන් වැසුනු ශිඛරයන්ගෙන් පිරි ඉතා සිත් ඇද ගන්නා දසුනකි. යමුනා ගඟේ ආරම්භය හිමාලය බැවින් දිය වන හිම යමුනා ගඟේ ජල ප්‍රවාහය වර්ධනය කරයි. ඉන් අලංකාරවත් රළ පෙළක් දැකිය හැකිය. හිම දිය වන්නේ කුමක් නිසාද. උණුසුම නිසාය. රාධා සහ ක්‍රිෂ්ණාද ප්‍රේමයෙන්

(34) දුරු කතර ගෙවාගෙන - කරුණාරත්න දිවුල්ගනේ


තම ප්රියාවගෙන් වෙන්වී නගරයේ රැකියාවට ගිය පුද්ගලයකු ඇයට රනු ලබන සොඳුරු ආමන්ත්රණය මෙම ගීතය විෂය වී ඇත.

දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ //


බණ්ඩර මැණිකෙ යනු ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය විය යුතුය. ධනවාදී ආර්ථික ක්රමයත් සමඟ පුරුෂයන්ට පමණක් නොව කාන්තාවට පවා නිවසට වී සිටිය නොහැක. මුදල් සෙවීම සඳහා කොහෝ හෝ යා යුතුය. ඇතමුන් උපන් රටේවත් නොසිට විදෙස්ගතවෙයි. තවත් ඇතමුන් නොදන්නා නගරයන් හි රැකියාවන් සොයා යයි. මෙහි ථකයා ජීවිත සටන ජය ගැනීම උදෙසා ගමෙන් පිටමන් වී නගරයට පියමන් තැබුවෙකි. නමුත් ළයෙහි ඇණි කටුවක්

(33) සිරි යහනේ ලනු ඉහිරී - එඩ්වඩ් ජයකොඩි


ලූශන් බුලත්සින්හලයන් විසින් පබඳින ලද ඉතා මදුර මනෝහර රසයක් සහිත, ඉතාමත් ව්යන්ගාර්තයක් සහිත ගීතයක් තමයි "සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ " කියන ගීතය. අපි පොඩ්ඩක බලමු මේ ගීතයට මොන වගේ අර්තයක් ලැබෙයිද කියල. 

සිරි යහනේ ලනු ඉහිරී
සුසුම් හෙලන රෑ
මකුලු දැලෙන් සිරි යහනේ
වියන් බඳින රෑ
යටලීයෙන් නාරි ලතා මල් පූදින්නේ //


සඳෙන් සඳට මුවා වෙලා
කලදවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුලු බින්දු
පැදුරට මුහු වෙලා හොරෙන්
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ //
යහන තලා සැප විඳිනා
පලදී නැතුවා පෙර පින්
මාල වලලු නොනිත් අයට
අප අමතක වෙලා ගිහින්
සිරි යහනේ.......

සිරියහන කියල සාමාන්යයෙන අපි හඳුන් වන්නෙ අලුත විවාහ පත් උන ජෝඩුවක් තමන්ට නිදා ගැනීමට යොදා ගන්නා සයනයට, සිරි යහන ඉකියන්නෙ බොහොම ලස්සනට පිලිවෙලට හදල තියන කොට්ට පෙරවන රෙදි එහෙම පිලිවෙලකට ස්ථාන ගත වෙල තියන අදහසක් නෙ. ඒ උනාට කතකය කියනව

(32) මුතුකුඩ ඉහළන මල් වරුසාවේ - රෝහණ වීරසිංහ


ප්රේසමයේ විරහව වේදනාව හදවතෙහි සිතුවම් කළ අපූර්වතම ගී සිත්තමකි මුතුකුඩ ඉහළන මල් වරුසාවේ නම් ගීතය.ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද රචනයෙන්ද, රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනයෙන් මෙන්ම ගායනයෙන් ද අලංකෘත වූ මෙම ගීතය ප්රේරමයේ විරහ වේදනාව විඳි නොවිඳි සැම බෙහෙවින් ඇළුම් කරන්නකි.
ප්රේබමය නැමැති රැහැනින් බැඳෙන්නන් සැමදෙනාගේම ප්රේනමය විවාහයෙන්ම කෙළවර නොවන්නේය.ඇතමුන්ට අවසානයේ හිමිවනුයේ විරහව වේදනාවයි.එසේ ප්රොමයේ විරහව වේදනාවෙන් පෙ‍ලෙන පෙම්වතකුගේ ආත්ම කථනයකි මෙම ගීතය.ගීතය විටෙක වර්තමානය සමඟින්ද තවත් විටෙක අතීතාවර්ජනයක් ලෙසින්ද දිග හැරේ.

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිළී

සෙංකඩගල සිසාරා මල් වර්ෂාවක් ඇද හැලෙන මොහොතක කථකයා පාරේ ගමන් කරයි.හොඳින් හුරු පරුදු දෑසක් ඔහුගේ දෙනතට හසුවේ.හ් ඔහුගේ බැරණි පෙම්වතියයි.ඇය රිය කවුළුවෙන් ඔහුදෙස බලා නැවත

(31) පෙර දිනයක මා - ඩබ්.ඩී.අමරදේව


ප්රේමයේ විරහ වේදනාව හද තුළ සිත්තම් කරලීමට සමර්ථ මෙම ගීතය සුවහසක් රසිකයාගේ සිත දශක ගණනාවන් පුරාවටම ඇඳ බැඳ තබාගැනීමට සමත් වී ඇතැයි කීම යුක්ති යුත්තය.වැඩිහිටි පරපුර පමණක් නොව තරුණ පරපුර ද මහත් සේ ඇළුම් කරන ගීතයත් වශයෙන් ද මෙම ගීතය හඳුන්වා ලිය හැක.

ප්රේමය පෙම්වතුන්ගේ මුවට හසරුල්ලක් එක් කරලීමට සමර්ථ වන වා සේම පෙම්වතුන්ගේ දෙනත කදුළු කැට වලින් පුරවා ලීමට ද සමත් වන බැව් අප කොයි කවුරුත් හොඳින් දන්නා කරුණකි.මෙම ගීතය තුළින් කියවෙන්නේද තමා පෙම් කළ යුවතිය හිමි නොවනු පෙව්වතකුගේ සිතුවිලි සමුදායක් බව මාගේ හැඟීමයි.ඇතැම් විට තවත් අයකු මෙම ගීතය මීට වෙනස් ආකාරයකින් වුවද රසවින්දන කිරීමට ඉඩ ඇත.කෙසේ නමුදු මා විසින් මෙහිලා සටහන් කරනුයේ මේ ගීතයට සවන් දීමෙන් මා හට ඇති වුනා වූ හැඟීමයි.


පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා





කථකයාට දිනක් හදිසියේ මෙන් පෙර දිනයක තමා මුපු හදින්ම පෙම්නල යුවතිය හමුවේ.පුදුමයකට මෙන් එදා ඔවුන් ප්රේම කරනා සඳ ඔහුගේ හඬින් ගැයූ ගීත අද ඇයගේ හඬින් ඔහුට ඇසේ.නමුදු ඒ නැලවිලි

Sunday, November 22, 2015

(30) මගෙ දුවේ ඔබ අවදියෙන් නම් - කරුණාරත්ත දිවුල්ගනේ


පියකු විසින් තම දියණියක වෙත කරනු ලබන ආදරණීය ආමන්ත්රනණයක් ලෙසින් මෙම ගීතයේ අත්දැකීම විකාසනය වේ.පියා තම දියණියට ආමන්ත්ර්ණය කරනුයේ,මගෙ දුවේ ලෙසිනි.එමගින්කථක පියා තුළ තම දියණිය කෙරෙහි පැවතියා වූ අසීසිත වූ සෙනෙහස ධ්වනිත වේ.සාමනා්‍යෙයන් අප අසා තිබෙනුයේ ගීත එසේත් නැතිනම් පද්ය තුළින් සොඳුරුතම මොහොත ලෙසින් පෙන්වා දෙනුයේ උදෑසනයි! කවියා තම අපූර්ව වූ පරිකල්පන හැකියාව උපයුක්ත නොටගනිමින් රැයෙහි ඇති සුන්දරත්වය අපූරුවට විවරණය කරයි.කලාකරුවා වූ කලී අපර්ව නසතු නිර්මාණයෙහි ලා උපන් එපන්නුය යන්න රත්ත ශ්රීි නම් සහෘද කලාකරුවා කෙරෙහෙ අතිශයින්ම උචිතය.දොර ඇරගෙන එලියට එන්න යැයි පියා තම


මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි



රැයේ සොඳුරුතම මොහොතේ ඇති මිහිරියාව කථකයා තම දියණියට

(29) සුදු නැන්දා ඇයි - ගුණදාස කපුගේ


ප්රේමයේ විරහව වෙනුවෙන් ලියවුණු ගීත බොහොමයක් ශ්රී ලාංකීය ගීත සාහිත්යය තුළ දැකගත හැකිය.නමුත් කණගාටුවට කරුණ නම් එකී විරහ ගීත ගොන්න අතුරින් විශිෂ්ට යැයි කිවහැකි ගීත තිබෙනුයේ අතළොස්සකි. එබඳු අතළොස්සක් වූ ගීත අතුරින් එක් විශිෂ්ට ගීයකි "සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ" නම් ගීතය.ප්රේමයේ ප්රධාන සතුරා වන්නේ කුමක්ද?ඒ ධනයයි.එම සතුරා කථකයාගේ ප්රේමයට ද අකුල් හෙලා හමාරය.දුප්පත් ග්රාමීය පෙම්වතකුගේ අත්දැකීමක් මෙම ගීතයට වස්තු විෂය කරගෙන තිබේ.
මෙහි කථකයා සුපුරුදු පරිදි තම පෙම්වතිය බැලීමට ඇගේ නිවසට පැමිණේ.නමුත් වෙනදා මෙන් නොව මෙදින තත්වය වෙනස්ය.වෙනදා ඔහු වෙනුවෙන් ඇරුණු දොර මෙදින නෑරේ.ඔහුට කිසිත් සිතාගත නොහැකිය.එහෙයිනි ඇයිද ගේ දොර වැසුවේ? යැයි කථකයා සුදු නැන්දාගෙන් විමසනුයේ.වෙනදා ලෙන්ගතු මාමණ්ඩියද අද ඔහුව මඟහරියි.වෙනදා තමා එන විට දුවවිත් පිළිගන්නා තම පෙම්වතිය වන හීන් නඟා ද අද පෙනේනට නැත.ඇය නිවසේ මුල්ලකට වී ඉකි ගසමින් හඩයි.මෙහි පද රචකයා සියලු අවස්ථා රසිකයාගේ සිතෙහි මැවී පෙනෙන සේ රෑපණය කරයි.



සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ
මාමණ්ඩී මට ඇයි මඟ හැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇසෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ





වෙනදා ඔහු වෙනුවෙන් විවෘත වූ කඩුල්ල ම අද ඔහුට හරස් වේ..ඒ කඩුල්ල අන් කවරකවත් නොව,හීන් නඟාගේ දෙමාපියන්ය.ඔවුන් මෙම කථකයාට තම දුවණිය

(27) වැහිදිය මහ බිම තෙමුවට - දීපිකා පියදර්ශනී


ප්රේපමය මගින් ඇතිකරනු ලබන්නේ සොම්නස පමණක් නොව,දොමනසද ඇති කරලයි.එය වූ කලී ප්රේ‍මයේ ස්භාවයයි.ප්රේ මය නිසාම දොම්නසට පත්වූ තරුණියකගේ මනොභාවයන් මෙම ගීතය තුළින් විවරණය වේ.මෙම ගීතය ගායනා කරනු ලබන්නේ විශාරද දීපිකා පියදර්ශනී පීරිස් මහත්මය විසිනි.සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙනි.පද රචනාව නුවන් ලියනගේ ගෙනි.

වැහිදිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද
රැ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රැ විතරද
විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද...........


තමාගේ දුක කියාපෑමට ඇය ස්භාවදහමේ සිද්ධාන්තයන්ද උපයෝගී කරගනී.වැහිදිය මහපොළව තෙමුවද මහපොළව තෙමන්නේ වැහිදිය පමණක්ද?ඇයි කදුළු වලට පොළොව තෙමිය නොහැකිද?ඇගෙන් වැටෙනා කඳුලු බිංදු වලින් ද ධරණී තලය නැහැවෙයි.රෑ අහසේ තරු තිබුනද තරු තිබෙනුයේ

(26) ගමට කලින් හිරු - කරුණාරත්න දිවුල්ගනේ


අම්මා යනු මිහිපිට ඇති වටිනාම වස්තුවයි.ඔබ ,මම අපි සියල්ල මොලොවට බිහිවී ඇත්තේ මවගෙනි.විශිෂ්ට රුසියානු නවකතාකරුවකු වන මැක්සිම් ගෝර්කි අම්මා ගැන කියන්නේ මෙවන්නකි.ලොව ඇති සෑම හොඳ දෙයක්ම බිහිවන්නේ මවගේ කිරිවලිනි.මව යන උත්තරීතර වදනට සමකළ හැකි අන් කිසිවක් නැත.අප සතුව ඇති සෑම හොඳ දෙයක්ම අප ලබාගත්තේ මවගෙනි.ආදරය,සෙනෙහස,කරුණාව,දයාව මේ සියල්ලක්ම අපට ලැබී ඇත්තේ මවගෙනි.මෙකී උත්තරීතර චරිතය වෙනුවෙන් උපහාර ගීත ලිවීමට අමතක කිරීමට තරම් අප රටෙහි කලාකරුවන් අකෘත්යඋ නොවූහ.එසේ මව වෙනුවෙන් ලියවුණු විශිෂ්ට මව්ගුණ ගීතයකි ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා නම් ගීතය.

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා


අප කාටත් කලින් අවදිවන්නී මවයි.ඈ අවදි වූ විගස දිවයන්නේ මුළුතැන්ගෙටයි.අවදි වී ආහාර පිසයි.දරුවන් පාසැල් යැවීමට අවශ්යය කටයුතු සුදානම් කරයි.මේ සියල්ලම සියල්ලම සිදු කරන්නේ ඇගේ අතිනි.මෙයයි ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා යන්නෙන් සංකේතවත් කරනුයේ.ඇගෙන් ලබනා ආලෝකයෙනි

Saturday, November 21, 2015

(25) පුන්සඳ රෑට - නිරෝෂා විරාජිනි


පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට..

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගැමියෙකු තම බිරිඳ නිවසෙහි තනිකර දමා යෑම හේතුවෙන් තනිවී සිටින බිරිඳ තමන්ට නැගෙන සිතුවිලි දාමය මෙම ගීතයට විෂය වී ඇති බැව් පෙනේ.ස්වාමිපුරුෂයා හේනේ සිටිනුයේ තනිවමය.ඔහුගේ තනි නොතනියට පැමිණෙන්නේ පුන් සඳයි.රන්වන් ඉරිඟු සිඹිනවද යනු ශෘංගාරවත් යෙදුමකි.ඇය තම ස්වාමුපුරුෂයාට ආමන්ත්රයණය කරනුයේ රන්කද ලෙසිනි.සැබවින්ම බිරිඳකට තම ස්වාමියා රත්තරන් නොවන්නෙහිද?ඒ තුළින් ඇය තම ස්වාමියාට දක්වන අසීමිත වූ සෙනෙහසයි.





තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
ඇය නිවසට වී මුළු රඅය පුරාම සිහින දකී.නමුත් එසේ සිහිනයන් දැකීමෙන්

(24) ළඳුනේ - අමරසිරි පීරිස්


අමරසිරි-කේමදාස සුසංයෝගයෙන් බිහිවූ තවත් අගනා ගී මිණකි, ම විසින් රසවින්ය කරන්නට තෝරාගනු ලැබුවේ.එසේම මෙම ගීතය ඇසෙන මොහොතක් මොහොතක් පාසා අපහඳවත කම්පාවට කරන ගීකයකි මෙය.මෙහි ගේය පද රචනාව අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගෙනි.ස්වර රචනය ආචාර්ය ප්රේකමසිරි කේමදාසයන්ගෙනි.මෙම ගීතයට මධුර හඩින් ජීවය දෙනු ලබන්නේ විශාරද අමරසිරි පීරිස් විසිනි.


ගණිකා වෘත්තිය ලොව පැරණිම වෘත්තියක් ලෙසින් සැලකේ.බුදුන් වැඩසිටි සමයේ පවා අභිසාරිකාවන් නැතිනම් ලිංගික ශ්රමමිකයින් සිටි බැව් බෞද්ධ සාහිත්යැයයේ සඳහන් වේ.ඔවුන්ට බුදුන්වහන්සේගේ කරුණාව හා පිහිට හිමිවිය.නමුත් වත්මනයේ වීදි සරනා තරුණියන්ට කාගෙන් නම් පිළිසරණක් ලැබෙන්නෙහිද?සැබවින්ම එය වෘත්තියක් ලෙසින් සැලකිය හැකිද?යන ගැටළුව මම ඔෙබෙන් අසන්නෙමි.තමන්ගේ උතුම් ස්ථ්රී්ත්වයවිකුණාගැනීමට යුතුද?කෙසේ නමුත් ලංකාව තුළඳ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුය යන මතය ඇතමුන් විසින් දරයිතනමුත් එය ලංකාව වැනි රටකට එවැනි සංස්කෘතියක් උචිතද යන්න්මඳක් විමසා බැලිය යුතුය.මෙම වෘත්තියේ යෙදෙන බොහොමයක් තරුණියන් එහි නියැලෙන්නේ තම කැමැත්තෙන් නම් නොව,වෙන කරන්නට යමක් නොමැති නිසාය.එවැනි කතුන් දවසට සිය දහස් වාරයක් මනසින් මියැදෙයි. .එබඳු අවිහිංසක යුවතියකගේ ශෝචනීය දිවියෙන් බිඳක් මෙම ගීතයට වස්තු විෂය වී ඇත.මෙම යුවතිය පිළිබඳ රසිකයාගේ සිත් සතන්හි පහන් සංවේගයක්,කාරුණ්ය යක් ජනිත කරවීම කවියාගේ අරමුණ වූ බැව් පෙනේ.එසේම එවැනි වෘත්තියන්හි යෙදෙන කාන්තාවන් දෙසද අනුකම්පා සහගතව බැලිය යුතුය යන මහඟු පණිවිඩය කවියා සමාජගත කරයි.


ළඳුනේ //
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ.....






ගීතය සමාරම්භක වනුයේ ළඳුනේ යනුවෙන් යුවතියට කරනු ලබන

(23) දම් පාටින් ළා - ගුණදාස කපුගේ සහ මාලීනී බුලත් සිංහල


ජීවිතේ කවියක්...
ආදරේ එහි සොඳුරුතම වදනක්...

ජීවිතය කවියක් නම් ආදරය එහි සොඳුරුතම වදනක් වන්නේය.එකී සොඳුරුතම වදනට ආදරවන්තයින්ගේ මුවට හසරුල්ලක් සේම දෙනෙතට කඳුලක්ද එක් කළ හැකිය.මන්ද ප්රේමය වූ කලී මිනිසාගේ හඳ පත්ලෙන්ම එන්නක් බැවිනි.මා මේ කතාකරනුයේ බොලඳ පාසල් වියේ ප්රේමය පිළිබඳ නම් නොව අධ්යාත්මීය ප්රේමය පිළිබඳවයි.එය රාගයෙන් තොර වූද පරම පිවිතුරු ද වන්නකි.එය හුදු ආකර්ෂණයක් නොවන්නේය.මා කලින් කීවාක් මෙන් ආදරය නම් වූ සොඳුරු වදනට ආදරවන්තයිනගේ දෙනතට කඳුලක් එක් කළ හැකිය.ඒ කඳුල ඇතිවනුයේ පෙම්වතුන්ගේ වියෝගයෙන් ඇතිවන්නා වූ ශෝකය හේතුවෙනි.එකී ශෝකයද සාහිත්යයේ රසයක් ලෙසින් සැලකේ.එය විප්රලම්භ ශෘංගාරය ලෙසින් හඳුන්වයි.මා විසින් රසවින්දනයට ලක් කරනු ලබන ගීතය තුළින් ප්රතාශ වනුයේ විප්රලම්භ ශෘංගාරයමැයි.වියෝ දකින් සිටින නොසිටින බොහෝ දෙනාගේ හඳ බැඳි ඉතා රමණීය ගී කාව්යයක් ලෙසින් මෙය හැඳින්විය හැකිය.

දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි





පෙම්වතුන්ට උචිත අයුරින්

(22) සඳ කැන් වැසිලා - වික්ටර් රත්නායක


සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ 
සොයා එන්න ගණඳුර තරු නිවලා 
මගේ එළිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ

මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන`යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සිතුවිලි රළ අනුවය. 




"ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ"

(21) රුක් අත්තන මල මුදුනේ - නන්දා මාලනී


මෙම ගීතය තුළින් මහින්ද අල්ගමයන් සමඟින්න්නදා මාලිනිය අප සුන්දර වූ ග්රානමයකට රැගෙනයයි.එය සොඳුරුතම වූ අත්දැකීමකි.පියකු,මවක හාපුතකු අතර බැඳි අධ්යායත්මීය ප්රේරමයේ සුගන්ධය මෙම ගීතය තුළින් වහනයවන්නේයැයි කීම යුක්ති යුක්තය.මෙම ගීතය මගින් ඔවුන් අතර බැඳි සොඳුරුසෙනෙහස රසික හඳ තුළ සිතුවම් කරලයි.උදෑසනින්ම රැකියාව කරා ගිය තම ස්වාමියා එන තුරු ඔහුගේ බිරිඳ පුතු සමඟින් බලා සිටී.ඔහු එනතුරු පුතු මෙන්ම ඇයද නොඉවසිල්ලෙනි සිටින්නේ.මෙම ගීතයෙන් කියැවෙන අත්දැකීම මීට දශක් කිහිපයකට පෙරාතුව තත්වයයි.අද ඇතැම්විට පුතු සමඟ මඟබලා සිටින්නේ බිරිඳ නොව ස්වාමියාය.මන්ද නූතන ජීවන අරගලයට මුහුණ දීගත නොහැකිව අද බොහොමයක් බිරින්දෑවරන්ද රැකියාවල නිරත වන හෙයිනි.

රුක් අත්තන මල මුදුනේ
ඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...






මෙම ගීතය මඟින් අපට චිත්ර ණය කරනුයේ සොඳුරු ග්රාගමයකි.රුක් අක්තන මල් මුදුනේ ඹබරැ ගී ගයති,නටති.එහෙත් පරිසරය නිස්කලංකය.මව පුතු සමඟින් දෙනෙත් යොමාගෙන සිටිනුයේ උදෑසනින් ම පිට වී ගිය තම ස්වාමිපුරුෂයා එනතුරුය.ඔහු හනු දකිනා ඇගේ සිත ප්රීමතියෙන් පිනායයි.ඇය පුතුට ඔහු පෙන්වා

Tuesday, November 17, 2015

(20) කුමරියක පා සළඔ සැලුනා - පණ්ඩිත අමරදේව


මෙම ගීතයේ අර්ථය පිලිබඳ මා ගෙනෙන අර්ථය ඇතැම් විට නිවැරදි නොවෙන්නට පුළුවන.
සමස්තයක් වශයෙන් මෙහි කියවෙන්නේ, සැමියකු තවත් ගැහැනියක ගැන කල්පනා ලෝකයක නිමග්නව සිටිනවිට ඔහුගේ බිරිඳ ඔහු සිටින ස්ථානයට පැමිනෙනේ විට ඔහුගේ සිතේ ඇතිවන දුක මුසුවූ වරදක් කල යන සිතිවිල්ල ගැන යයි මට සිතේ.


මෙහි මුල්ම පද කීයෙන් කියන්නේ, ඔහු දෙනෙත් වසාගෙන කල්පනාවේ නිමග්නව සිටින විට කුමරියකගේ පා සළඔක ශබ්දයෙන් ඒ කල්පනාව බිදුණු ආකාරය ගැනය.
මනසෙන් නරැබූ ඒ කාන්තාවගේ විචිත්රත්වය මෙම කවියා දෙවන පද පේලියෙන් විස්තර කර තිබේ. ඔහු මේ මනසින් ගත කරන සඳ කාලය ඔහුට තව්තිසා දෙව්ලොව හා සමනය. තුන්වන පද පේලියෙන් ඔහු කවිය විග්රහ කරන්නේ, ඔහුගේ සිතුම් යදම් වලින් බැඳ තබා ඇති බවකි. ඔහු දැන් විවාහක පුරුෂයෙකි. ඔහුට තව දුරටත් වෙනත් ගැහැනියක ගැන සිතන්නට නොහැක. නමුත් ඔහු හිතින් දුක් වේදනා විඳින බවක් මේ ගීතය පුරාවටම කියය.






මේ ගීතයෙන් කියැවෙන්නේ විවාහක පුරුෂයකුට වෙනත් කෙල්ලකගේ පහස ලබන්නට තියන ආශාවන් නිසා දුකට පත් වන ආකාරයකි. ඔහු විටෙක මේ ගැන සිතන්නට පවා බය වේ. ඔහුගේ නිසල ජීවන තපෝ වනය විනාස වේ යය ඔහු විටෙක කල්පනා

(19) නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ


ප්ර්ථම ප්රේ මයේ සිහිනයට අපි සැවොම කඳුළු සලා ඇති. ජීවිතයේ අත්දකින්න පුළුවන් අති විශේෂ අත්දැකීම් වලින් එකක් ලෙස ප්ර්ථම ප්රේ මය හදුන් වන්නට පුළුවන්. අන්තිම හුස්ම පොද දක්වාම අපේ සිත් තුල මේ ප්රිථම ප්රේඑමයේ මිහිර රැඳී තිබේ.

මේ ගීතයේ කියවෙන්නෙත් ප්ර‍ථම ප්රේනමයේ විරහව හිතින් දරා ගෙන දුක් වන ප්රේ මවන්තයින් දෙදෙනෙක් ගැන බවය් මගේ හැගීම. මේ ගීතයට විවිද අර්ථකතන විවිද පුද්ගලයන් විසින් ලබාදී ඇති නමුත්, මේ ගීය රසාස්වාදනය කරන විට මට දැනුනු තේරුම මෙහි ලියන්නට මා උත්සහ කරමි.





සැබෑ ජීවිතයේදි එකතු වෙන්න බැරි පෙම්වතුන් දෙන්නෙක් රාත්රීල යහනේ සිහිනෙන් හෝ එකතු වෙන්නර වෙර දරන ආකාරය කියවේ.
මේ දෙදෙනා එකතු වීමට තිබුණු සියලු බලාපොරොත්තු අද සුන් වෙලා ගිහින්. රාත්රීන අහසේ සඳත් නැහැ, අඩුම තරමින් තාරුකා වත් අහසේ දකින්නට නැහැ.

(18) දවසක් පැල නැති හේනේ - ගුණදාස කපුගේ


තාත්ත නැති ගෙයත් හරියට පැලක් නැති හේනක් වගේ ඒ තරම් වටින කියන දෙයක්
අද මට රජරට මිතුරියක් හමු වුන නිසා හිතුන මේ ගැන පොඩි අදහසක් සහිත ගීයක් තෝරගන්න,

ඈත එපිට රජරට පොඩි ගමක් පොඩි පෞලක් හිටිය ගොඩක් දුප්පත් මේ ගෙදර තාත්ත නෑ, අම්මයි පුතයි හිටියෙ, අම්ම මේ පුතාට හරි ආදරෙයි, අම්ම කුලී වැඩ කරන්නෙ . ඒකයි මම කිව්වෙ පිය සෙනෙහස නැති ගෙයත් හරියට පලක් නැති හේනක් වගේ කියල, මේ අම්ම බොහොම අමාරුවෙන් දරුව බලගෙන රස්සාවක් කරනව, මේ අතරතුර මේ සැමිය නැති කනවැඳුම් දිරිය ගැහෙනියට ගමෙ අනෙක් පිරිමින්ගෙන් අයුතු යෝජනාත් නොයෙනවම නෙවේයි. ඒත් දරුව ගැන හිතන අම්මා මේ කිසි දෙයක් ගැන කල්පනා නොකර තමාගෙ දරුව වෙනුවෙන්ම කට්යුතු කරනව, මේ පුන්චි දරුවත් කෙමෙන් කෙමෙන් ලොකු වෙලා පාසල් ගිහින් හොඳට විබාග එහෙම පාස් වෙල දිසාපති විබාගයත් පාස් කරල නුවරට එනව දිසාපතිකම වැඩ බාරගන්න






කාලයක් ගිහින් නුවර කුමාරි හාමිනේ කෙනෙක්ම විවාහ කරගෙන ජීවත් වෙනකොට මේ කන්තෝරුවෙ හිටපු අය බොරු ප්රශනයක් දාල මෙයාව රස්සාවෙන අයින් කරනව හැමෝම මෙයාට නින්දා අපහාස කරන්න ගතිපු නිසා බිරිඳත් මොහුට නොකියාම මොහුව දාල යනව. කර කියාගන්න දෙයක් නැතිවෙන මේ අහින්සක මනුස්සය කොලඹට ගිහින් පොඩි රස්සාවක් හොයාගෙන ජීවත් වෙනව, එක දවසක තමාගෙ බොඩිමෙ ඉන්න වෙලාවක ලොකු වැස්සක් වහිනව මේ අඳුරු පරිසරයත් මුහුදෙ සද්දයත් එකක මොහුට මතක් වෙනව තමන්ගෙ පොඩිකාලය හ ගෙවුන ජීවිතේ. මොහුට හිතෙනව

(17) සෙනහසක අරුතක් පුරවන්නට - අසංක ප්රියමන්ත පිරිස්


අපි කාලාන්තරයක් පුරාවට අත් විදි සෙනහසේ අර්ථය ගැන මට තේරුම් ගන්නට තවමත් අපහසුය. මම අහසේ තරු ගැනීමෙන් වෙරළේ රල පෙළ දිහා දෑස දල්වාගෙන මේ සෙනහස තේරුම් ගැනීමට දරු උහ්සහයෙන් අද පලක් වී නොමැත. ඒ කෙසේ වෙතත් මට කියන්න ඔබ එදා පැවසු පරිදි ආදරයේ ආදරයේ සීමාවක් නොමැති නම් අය අද අපි මෙලෙස දෙතැනක තනිවී වෙන්වී සිටින්නේ.




මල් පඳුරක සිඟිති මල් කකුලක් සිඳී ගියවිට එහි නටු මත ඇතිවන විස වගේම, මගේ හදවතේ පිපුණු ඒ සෙනෙහසේ මල් කකුල සිඳී ගියෙන් මගේ හදවතෙන් විස තිබුනා. ඔබ දන්නවද බිඳුණු බඳුනක් කොපමණ පිළියම් යෙදුවත් එහි කැළලක් මතුවේ පෙනෙනවා, ඒ හා සමානව ඔබ මගේ සෙනෙහස සිඳී බිඳ දමා මගේ හදවතෙන් කැළලක් ඇති කරනු ලැබුවා.

(16) කතරක තනිවී ඔබ යන අයුරු - මර්වින් පෙරේරා


අද සමාජයේ බොහෝ පෙම්වතියන්, තමන්ගේ පෙම්වතුන් තොරා ගන්නේ ඔහුගේ වත්කම් ගැන තකීමෙන් පමණක් බව බොහෝ අවස්ථාවන් වලදී අපට පෙනෙන්නට තිබේ. නමුත් ඒ හැම අවස්ථාවකදීම ඔවුන් අමතක කර සිටින්නේ, වත්කම් යන්න අස්ථීර දෙයක් බවයි. මෙමෙ ගීතයෙන් කියැවෙන්නේ, එසේ බොරු ආලයකින් සිත බිදී තනිව මේ සමාජයේ වෙසෙන කාන්තාවකට ස්ථීර ආලයකින් වේලි සිටි අයගේ කලින් පෙම්වතා අයට නොදැනෙන්නට අයට උදව කරන ආකාරයකි.

ෙහි මුල් පද කීපයෙන් මේ කවියා කියන්නේ, ඔහු අද කොය් තරම් සමාජයේ ඉහළින් සිටියත් ඔහුට ඔහුගේ පරණ පෙම්වතිය කාන්තාරයක තනිවී යන ගමන දැක ඔහුගේ හදවත පෑරුණු අකරයය්. ඔහුගේ පෙම්වතිට ඔහු අනුකම්පා කරන අතරම ඔහු අවවාදයක් සමගින් ඇය ඔහුට අත් කල දරුණු වේදනාව ගැන මතක කර දෙය. ඔහු පවසන්නේ ගිම්හානය මගේ ලොවට එදා නොඅවා කියා මා දමාගිය පෙම්වතියට, ගිම්හානය හැමදාම එකතැනක නොරැදී අද ඔහු ලඟට පැමිණි බවකි. ඔහු ඇගෙන් විමසන්නේ ඇය් ඔබේ නොසිතුවේ පැමිණෙන දුක් කරදර වලින් ඔහු උගත් පාඩම ගැන, ඔබ එදා සිතුවේ ඔහුගේ පරාජය මිස ඔහු ඒ පරාජයෙන් ලැබූ දේ නොවේ, ඒ පරාජය පමනය්.




දෙවන පද පේලියෙන් කියවෙන පරිදි, ඇය එදා සඳට පෙම් බැන්දද, ඒ සඳට එලිය දෙන්නේ හිරු බව අයට අමතක වී ඇති බවකි. ඒ ලෙසම ඔබට නොදැනෙන්න මා හැමදාම ඔබට සේවනේල්ලක් මෙන් ඔබ පහු පසින්ම සිටිමි. මා අද විවාහකයෙක්මි, කුල සිරිත් වලට අනුව අද මට ඔබ එදිරියට පැමිණ උදව කල නොහැක. මා හට ඒ කුල සිරිත් බිඳ දමන්නට නොහැක, එමෙන්ම මට ඔබව තනි කල නොහැක. ඔබ මට අත් කල ඒ දරුණු වේදනාව අමතක කර අද මම ඔබ වෙනුවෙන් ඔබේ පසුපසින් සිටිමි. ඔබේ සාර්ථකත්වය දැක මම නිහඩවම සිනාසෙනු හැර මට වෙන කිසිවක් කල නොහැක. නමුත් ඔබට මේ කාන්තාරයේ ගමනට මා එක හිතින්ම, ඔබට නොපෙනෙන ලෙස උදව කරමි.

සත්ය ප්රේමයක විරහව විඳින සබැ පෙම්වතකුගේ හිතේ

(15) දහසක් හිරැ සඳු පායාලා - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි


තමන් පන වගේ ආදරේ කරපු ඒත් ඒ ආදරේ අහිමි උන වෙලාවක ඒ පෙම්වතිය හෙට විවාහ වෙනව කියල දැනගත්තු පෙම්වතාගේ හැඟීම් තම ගීය ශක්තිය තුලින් ප්‍රෙක්ෂකයාට ඉදිරිපත් කරන අපූර්වතම ගීතයක් තමයි මම අද පහලොස්වන දිග හැරැමට තෝර ගත්තෙ

ඉතාමත් සරල අර්තයක් සහිත ගීයක් අහන ඕනෙ කෙනෙක්ට සංවේදී වෙන
විරහ වේදනාවෙන් පෙලෙන කෙනෙක්ට ඇසට කඳුළු උනන මිහිරි ස්වරයෙන් ගයන්න චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ශූරීන්ට පුලුවන් වෙලා තියනව


දහසක් හිරැ සඳු පායාලා
ඔබ යන මග මල් පීදේවා
කඳුලැල් දෙනෙතින් පාවීලා
බිඳුවක් ලතැවුල් නෑසේවා
හිමිකාරි මගේ මනමාලිය වී
යන දාට සුභාසිරි දෑසේ යාවේ
සිඳු ගැඹුරේ මුතු කැට සේ
හද පතුලේ මගෙ රැඳි සෙනෙහේ
අද නිම වේවී නොසැලෙන් ආයේ
පහන ලෙසින් ඔහු දේ ආලෝකේ
එක අහසේ හිරැ සඳු සේ
හමු නොම වේ මතු අපි ලඳුනේ
ඉරනම් කාරී හෙට මනමාලී
අහිතක් නෑ අද මාගේ ලෝකේ
දහසක් හිරැ සඳු පායාලා




(14) ඉකි ගසා හඬන - අමරසිරි පීරිස්


එය 1992 එක්තරා දිනකි. වදීෂ නම් වූ ඔහු සාමාන්යත පෙළ සිසුවෙකි. දිනක් අහම්බයෙන් ඔහු පාරේ වැටී තිබූ ලියුමක් අහුලා ගනී. එහි තිබුණේ පෙම්වතියක් තම පෙම්වතාට ලියූ පෙම් හසුනකි. (SMS යුගයට පෙර) එහි කියා තිබුණේ සෑම වසරකම මාර්තු 7 වන දා ඇය පෙම්වතා හමු වීමට කුමාරි උද්යාපනයට එන බවයි. තැපැල් කරුගේ නොහොඹිනා කම් නිසා මඟ වැටී ඇති ලිපිය ඇය වෙත නැවත ලබා දීමට වදීෂ තීරණය කරයි.

ඔහු මාර්තු 7 වන දා ලිපියේ තිබූ පරිදි කුමාරි උද්යාමනයට යයි. පැය ගනනාවක් බලා සිටියද තනිව සිටි කෙනෙකු සොයා ගත නොහැකි විය. ඔහු නැවත ආපසු යන්නට සැරසෙන විට වයස තිහක පමණ කාන්තාවක් පැමිණ බංකුවක හිඳ ගන්නා අයරු දකියි. මේ ඇයද කියා සැක සිතුනු ඔහු අසල තිබූ වෙනත් බංකුවක සිට ඇය දෙස බලා සිටින්නට විය. ඔහුට පැමිණි කරුණ අමතක වූවාක් මෙනි. ඔහුගේ සිතට මොන යම් හෝ අමුතු හැඟීමක් එන බව ඔහුට දැනෙයි. ඇය පැය ගණනක් එහි බලා සිට යන්නට විය. නිසැකවම මේ ලිපියේ සිටි පුණ්යාකම බව ඔහුට හැඟුණි. ඔහුද ඈ පසු පස ඇගේ නවාතැන ආසන්නයටම පැමිණෙයි. නමුත් ඔහු ලිපිය දුන්නේ නැත.

මේ කතාව ආරම්භ වන්නේ මෙතැනින්ය. වදීෂ යනු වාදනය හා ගායනයට කුසලතාව උපතින්ම රැගෙන ආ අයෙකි. කාලය මෙසේ ගත වී යයි. පුණ්යා පිළිබඳ වදීෂ තුළ හට ගත් ගුප්ත ප්රේිමය ඔහුටත් නොදැනීම ඔහු තුළ දළු ලා එන්නට විය. සැම විටම ඔහුට මතක් වන්නේ පුණ්යාාවය. නමුත් ඔහුට නැවත ඇය හමු වූයේ නැත.

එය 1993 වර්ෂයේ මාර්තු 7 දිනය. වදීෂ නැවතත් කුමාරි උද්යා නයට යන්නේ පුණ්යානගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. සිහිනයක් මෙන් ඇයද එදින පැමිණෙයි. නමුත් එදිනද ඔහු කරන්නේ පෙර දා මෙන් ඈත සිට ඈ දෙස බලා සිටීමය. එදිනද ඔහු ඇයට ලිපිය දීමක් හෝ ඈ සමඟ කතා කිරීමක් හෝ සිදු නොවේ. නමුත් වැදගත්ම සිදුවීම වන්නේ මේ සිද්ධිය වදීෂගේ වැඩිමහලු සොයුරාට ආරංචි වීමයි. එදින ඔහු සියළු සිදුවීම් සොයුරාට පවසන අතර ලිපිය සොයුරා ලබා ගනියි. ඔහු වදීෂට තරයේ අවවාද කර සියළු දෑ අමතක කර දමන ලෙස පවසයි.



වදීෂ වෙනස් වන්නේ මෙතැන් පටන්ය. ඔහු පුණ්යාුව අමතක කරන අතර ජීවිතයද අමතක කර දමයි. පසුව ඔහු දැඩි ලෙස මතට ඇබ්බැහි වන අතර ලෝකයට වෛර කිරීමට පටන් ගනී.

දැන් මේ සිදුවීමෙන් වසර විස්සක් ගතවී ඇත. මේ වන විට වදීෂ ලංකාවේ සුප්රවසිද්ධ සංගීතවේදියෙකි. ඔහු දැන් විවාහකයෙකි. නමුත් ඔහු තම බිරිඳට හා දරුවාට සලකන්නේ හතුරන්ට මෙනි. මීට හේතුව දන්නේ වදීෂගේ සොයුරා පමණි. දිනක් ඔහු වදීෂට වටිනා තෑග්ගක් ලබා දෙයි. ඒ අන් කිසිවක් නොව එදා ඔහුගෙන් උදුරාගත් පුණ්යා ගේ ලිපියයි. වදීෂ නැවතත් අතීතයට දිව යයි. මාර්තු 7 වන දා ඔහු නැවත කුමාරි උද්යා නයට යයි. මෙය අදහා ගත නොහැකි පුදුමයකි. පුණ්යා් එදිනද එහි පැමිණ සිටියි. වෙනසකට ඇත්තේ එදා ඇගේ තිබූ තරුණ පෙනුම වෙනුවට අද සුදු හිසකේ ඇති මහළු කාන්තාවක් වීමය. වදීෂ ඇය වෙත ගොස් ඇයට කතා කරයි. ඇය ඔහුව හඳුනා ගන්නේ වදීෂ දේවමින්ද නම් සුප්රතසිද්ධ කලාකරුවා ලෙසටයි. නමුත් එදින ඔහු ඇයට අතීත කතා පවසන්නේ නැත. ඔහුගේ ඒක පුද්ගල ප්රකසංගයකට ඇයට ආරාධනා කරයි.
මේ ප්රේසංගය පවත්වන දිනයයි. පුණ්යාිද එයට පැමිණෙයි. එදින ඔහු ගයන්නේ මෙතෙක් කල් සිත තුළ සඟවාගෙන සිටි ඔහුගේ ගුප්ත ආදරය ගැනයි.

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම
යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම
වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා




(13) මා සනසා - මර්වින් පෙරේරා



මචං ඊළඟට “මා සනසා...” ගහමු. මේ වදන් පෙළ නොඇසූ කෙනෙකු නැති තරම්ය. ඒ තරමටම මේ ගීතය ලාංකික රසික හදවත් තුළ තැන්පත් වී ඇත. උත්සව අවස්ථාවලදී විශේෂයෙන් මංගල අවස්ථාවලදී, විනොද චාරිකාවලදී සහ විශේෂයෙන්ම තරුණයන් විනෝද වන විටදී. එනම් අපේ භාෂාවෙන් නම් සෙට් වුන වෙලාවට අනිවාර්යයෙන් මේ ගීතය අසන්නට ලැබේ. ඔහේ කියන්නංවාලේ කියනවා ඇරෙන්න ඒකෙන් කියවෙන්නෙ මොකක් ගැනද කියලා ඔබ කවුරුවත් නිකමටවත් සිතා තිබේද?



මේ ගීතය අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ප්ර වීණ ගායන ශිල්පී මර්වින් පෙරේරා විසින් ගයන ලද්දකි. මෙහි ඉතා හොඳින් විඳිය හැකි තනුවක් ඇති නිසා රසික හදවත් තුළට පහසුවෙන් ඇතුළු විය. ඇත්තටම මෙහි කියන්නේ කුමක් ගැනද?



මා සනසා මා නළවා//
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
හදේ ලැගුම් අයදී


මා සනසමින් නළවමින් පැමිණි සුරංගනාවිය ඇත්තෙන්ම කවුරුන්ද? ගීතයේ ඉදිරිය පිළිබඳ සොයා බලන කල වැටහී යන්නේ මේ කත අන් කිසිවෙකුත් නොව රාත්රී් සමාජ ශාලාවක සිටින රෑ මනමාලියක් බවයි. රචකයා සතුට සොයා සමාජ ශාලාවක් වෙත ගිය මොහොතක එවන් කතක් පැමිණ ඔහුට යෝජනාවක් කරයි.


විතක් මධු පෙරා ගෙනල්ලා
සුරන් රවටලා
ඇසක් ඉඟි මරා රැඟුම් පා
මුවට යා කලා
හැඟුම් තෙරපිලාදෝ
හසුන් මුස වෙලා
සිහින ලොවක පා...වේ...
සඳුන් සිහිල යාමේ


මධුවිතින් මත් වූ කල ඔවුන්ව පෙනෙනුයේ සුර අඟනන් ලෙසටය. මත්වී රංගනයේ යෙදෙන අතරතුර කතුන් පැමිණ වරෙක ඔහුට මුව ලං කර සිප ගැනීමට සැරසෙයි. එවිට ඔහු වෙත පැමිණෙන හැඟීම්වලින් මත් වී ඇගේ මුසාවට හසු වෙයි. මතින් හා රාගයෙන් අතරමං වූ ඔහු සිතන්නේ ඔහු සිහන ලොවක සිටින බවය.


රැයක් නිදි වරා සරාගී
ලවන් වෙහෙසිලා
යලිත් එන තුරා සුරංගී
හිඳිමි මඟ බලා
හෙටත් සඳ උදා වේ
රැයක් පැමිණිලා
සිහින ලොවට යා...වී...
සුරඟ මා සොයා එයි


රැය පුරාම ඇගේ සිහින ලොවේ අතරමං වන ඔහු ඇගේ බන්ධනයට හසු වෙයි. ඇත්තෙන්ම කිවතොත් ඇබ්බැහි වෙයි. නැවතත් සමාජ ශාලාව වෙත ඔහු පැමිණෙයි. ඔහු බලා සිටින්නේ ඇය එන තුරුය. නමුත් ඇය තවම නැත. ඔහු ඇය එන තුරු රැය පුරාම බලා සිටී. අවසානයේ ඔහු යන්නට පිටත් වන්නේ හෙටත් එන සිතිවිල්ලෙනි. හෙටවත් සඳ උදා වීමත් සමඟ ඇය මා සොයා ඒවී යන බලාපොරොත්තුව ඇතිව ඔහු නික්මෙයි. ඇත්තටම ඇය හෙට පැමිණෙයිද?




(12) හන්තානට පායන සඳ - අමරසිරි පීරිස්


පෞද්ගලික උපකාරක පංතියක සුපුරුදු ප්රේමණීය සිදුවීමක් සිදු විය. පෙම්වතුන් යුවලක් එකට හිඳ බත් මුලක් ලිහා ගෙන කන අයුරු පංතියේ ගුරුවරයා දකියි. නිතරම මොවුන්ගේ පෙම දකින ගුරුවරයාටද දෙදෙනාව හොඳින් මතකය. කාලය කෙමෙන් ගත විය. විභාගයද අවසන් වී වසර කිහිපයක් ගත විය. දිනක් හදිසියේම තරුණයෙකු මෙම ගුරුවරයා හමු වීමට පැමිණෙයි. මේ වන විට ගුරුවරයාට මොහුව තරමක් අමතක වී තිබුණි. හඬ අවදි කළ තරුණයා තම ගුරුවරයාට අතීතය මතක් කරන්නට විය. නමුත් තරුණයා තනිව පැමිණ ඇති බැවින් ගුරුවරයාට තරමක ගැටළුවක් පැන නගියි. ඔහු තරුණිය පිළිබඳ විමසයි. ටික මොහොතක් නිහඬව සිටි තරුණයා තම දුක්බර කතාව ගුරුවරයාට පවසයි. 




“සර්, එයා විභාගෙ හොඳට පාස් වෙලා කැම්පස් ගියා. ඒත් මම...”

ඔහුගේ මුහුණේ ගැබ් වී තිබුණු කතාව ගුරුවරයාට අවබෝධ වෙයි.

“ඔහොම තමයි ජීවිතේ. එක් වීම්. වෙන් වීම්. ජය. පරාජය. පුතා දැන් මොකද කරන්නේ?” යනුවෙන් ගුරුවරයා ඔහු සනසයි.

“මම සර් ප්රයිවට් කම්පැණි එකක වැඩ.” යනුවෙන් ඔහු පිළිතුරු දෙයි.
පසු කලෙක මෙම සිදුවීම ඉතා ජනප්රිය ගීතයක් බවට පත් වයි. ඒ ප්රවීණ ගායක අමරසිරි පීරිස් විසින් ගයනු ලබන හන්තානට පායන සඳ ගීතයයි.



හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න



තම පෙම්වතිය සරසවි වරම් ලැබුවද තමා විභාගය අසමත් බැවින් ඇය තමන්ගෙන් ඈත් වීමට වෙර දරයි. කාරණාව වටහා ගත් ඔහු තම ආදරිය වෙත ලිපියක් ලියයි. ඇය වෙසෙන පේරාදෙණිය සරසවියේ ලස්සන ගැන විමසන ඔහු ඇයට ලැබුණු වරම පිළිබඳ ඇයට සුභ පතයි. අතීතයේ තමා සමඟ පෙමින් වෙලී තුරුළු වී පාරේ ගිය හැටි මතක් කරයි.



අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න


නමුත් ඔහු සත්ය තත්ත්වය දනියි. ඇය තමාගෙන් ඈත් වී ඇති බව තේරෙයි. එහිදී ඔබට සුදුසු පෙම්වතෙක් ඔබ වෙත එයි. එසේ එන කල මා අමතක කර ඔහු සමඟ සදාකාලික පෙමින් සිටන සේ කියා සිටියි.






(11) වියෝවු පසුවයි දැනෙන්නේ - සුනිල් එදිරිසිංහ


වියෝවු පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන්
හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...//

ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි,
දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි,චන්ඩයි...

වියෝවු පසුවයි....

හදක් නැතිදා අහස්තලයට තරුවදේ සැනසුම්,
පුන්පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...

වියෝවු පසුවයි...





හමාගෙන එන සුලන් රැල්ලේ දැවටිලා ආපු මේ ගිතයේ හඩට මම දැහැන් ගතව උන් කල්පනාවෙන් මොහොතෙන් මිදුනා. සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ ගිතය ඇත්තටම මොහතකට් මා ඈත ඉසව්වකට ගෙනගියා.

ඉස්සරම දවසක ඉර බැහැගෙන යන හැන්දෑවකදි ඔයා මගෙන් සමුගෙන ගියා. හරියටම කියනවා නම් නුවර ස්ටැන්ඩ් එකේ ඒ කියන්නේ ගුඩ් ශෙඩ් එකේ පුජාපිටිය බස් හොල්ට් එකේදි. මතකද එදා ඔයා ඇදගෙන හිටියේ සුදු පාට රෙද්දේ රතු පාට මල් වැටුන ගවුමක්.

" අහන්න මට ඔයාව දාලා යන්නම වෙනවා අයියේ.. දන්නවනේ අපේ ලොකේ කොච්චර අමාරුවෙන් අපි හැදුවත් අපි ඒක හැදුවේ වැල්ලේ. ඔයට ඔයාගේ ජිවිතේ මියුසික් උනාට ඔය මියුසික් වලට අපි දෙන්න බැන්දම අපට කන්න දෙන්නේ නෑ. ඔයාට ජොබ් එකක් නෑ. මම ඔයාගේ ලොකෙට ඇවිත් දුක් විදින්න බෑ. මම ගොඩක් දුක් විදපු කෙල්ලෙක්. තවත් ඔයාගවට ඇවිත් දුක් විදින්න බෑ. අහන්න මමත් ආසයි අනිත් කෙල්ලො වගේ ලස්සනට අදින්න.....ඒත් දුප්පත් අපිට ඒවා දෙන්නේ නෑ. මම ඔයාගේ ගවට අවේ ඒවා මට ලබගන්න හිතගේන. එත් මාසෙකට සැරයක් ඔය කොහේ හරි ශෝඑකකට ගිහින් ගේන රුපියල් දහෙන් අපිට අපේ ලොකේ හදාගන්න බෑ "


" නදි අහන්න මේ මම පටන් ගත්ත විතරයි. ඉස්සරහට එහෙම වෙන එකක් නෑ.... ඔයා දන්නවානේ ඔ ලෙවල් විතරක් කරපු මට වෙන ජොබ් එකක් නෑ කියල....ඒත් මම පුලුවන් විදිහට හොයාගත්තු එකත් මම ඇදුමක් වත් ගන්නේ නැතුව ඔයට නේද ගෙනත් දුන්නේ නදී....."

" අහන්න අයියේ ඔයා දැන් අවුරුදු තුනක් ම කීවේ පටන් ගත්තා විතරයි කියලා. තවත් ඉස්සරහටත් ඔයිට වඩා දෙයක් කියන්නේ නෑ.... ඒක නිසා තවත් කතාකරලා වැඩක් නෑ බස් එක යන්න හදන්නේ මම යන්වා "


සිව් වසරක ආදර කතාවක් නිමා කරපු නදීට ඒක සාමාන්ය දෙයක් වගේ කිසි දුකක් නැතිව සමුගෙන යන්න හදද්දි මට අදහා ගන්න බැරිවයි උන්නේ. ඇත්තටම මේ මම ආදරය කරපු නදීද......

" නදී මාව දාලා යන්න එපා... මම පුලුවන් විදිහට බස් එකක සින්දු කියලා හරි ඔයාට කන්න දෙන්නම්. අනේ ප්ලීස් මාව අසරන කරලා මාව දාලා යන්න එපා නදී.... "


මම ආදරේ වෙනුවෙන් ඇගේ දෙපාලග වැද වැටුනෙමි. පලක් උනේ නෑත. ඇය නැවතුනේද නැත, ඇය සමුගෙන ගියාය. මම ගුඩ්ශෙඩ් එකේ බස් අතරින් පුජාපිටිය බස් එක නොපෙනී යනකල් බලාගෙන උන්නේමි. මම මටම ශාප කර ගතිමි. මට මෙහෙම උනේ මගේ නැතිබැරි කම නිසා. මම ඉගෙන ගත්තේ නැති නිසා. ඉගෙන ගන්න පන්ති යන්න තියා පොත් ටික ගන්නවත් සල්ලි දෙන්න පුලුවන් කමක් අපේ තාත්තට නොතිබුනාට එයාට බොන්න කාලේ ගාන හොයාගන්න එයාට පුලුවන් උනා. 


ජිව්තේ එන්න එන්නම කටුක වෙන්න ගත්තා. ගෙදර තත්වේ දරුනු උනා. ඒ නිසාමද කොහෙද මම තිරනය කරා මගේ ගිටාර්ය ඇරගෙන බස් එකේ සින්දු කියන්න යන්න. මාස ගානකට පස්සේ ඔයා මාව දාලා ගියපු පුජාපිටිය හොල්ට් එක මැදින් කොලඹ බස් හොල්ට් එකට ඇවිදන් ගියා. මගේ නෙත් ඔයාව පොඩ්ඩක් හරි පෙනේවි කියල හෙව්වත් ඔයා උන්නේ නෑ. මම කොලබ යන්න සුදානම් බස් එකකට නැගලා රියදුරු මහතාගෙන් අවසර ගත්තා. මහ සෙනගක් නොවුනත් සීට් ගානට සෙනග උන්නා.


සැමට දළදා හමුදුරුවන්ගේ පිහිටයි රැකවරනයි. රිය පදවන ඒ දැත්ටත් ටිකට් කඩන ඒ දැතටත් ඒ වගේම මේ රතයේ ගමන් ගන්න ඔබටත් මේ ගමන අවසාන වෙනතුරු කරදර අනතුරු ඇතිනොවී යන ගමන සතුටින් යන්න ලැබෙන්න කියලා පාර්තනා කරන ගමන් මටත් දෙන්න පොඩි සහයොගයක්. මම මේ බස් එකට නැග්ගේ ඔයාලා මේ යන ගමනේ නිදස නැති කරන්න නෙමේ. මම දන්නා විදිහට ගිතයක් ගායනා කරල කීයක් හරි හොයගන්න.එහෙනම් මේ ගිත කිපය අහලා හොදයි කියල හිතෙනව නම් දෙන්න ඔනි කියලා හිතෙනවා නම් කියක් හරි දීලා යන්න. 


අපි මේ ඉන්නේ දළදා හමුදුරුවන්ගේ අඩවිය. එහෙනම් අපි දළදා හමුදුරුවන්ගේ පිහිට ලබාගමු. ඒ පිහිටෙන් ඔබ යන ගමන බිමන බලපොරොත්තු සර්වප්රකාරයෙන් සාර්තක වෙන්න කියලා මම මුල්ම ගිතය විදිහට මම ගායනා කරනවා මේ ගිතය

මගේ රටට දළදා හිමි සරනයි ........... මගේ දැයට දළදා හිමි සෙවනයි ........ සතුටින් සපිරුනු නිවහල් දෙරනයි ..... උපතින් මා හට මේ හැම උරුමයි .....


මම ගිතය අවසාන කරා ම්ලගට තොර ගත්තේ අම්මා ගැන ගිතයක්

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා....

යස ඉසුරට ලොබ බැද ලංවුන
අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ
ලෙඩ දුක් කරදර මා වටකරගෙන
ඒත්මගේ අම්මා මගේ ලගම උන්නා....

මහළු මඩම් මොකටද මගෙ අම්මට
මමම සුවය දෙන්නම්
ඔබගෙ ලඟම ඉන්නම්
මේ භවයෙදි පැතුම් පතන්නේ
මතු භවයේ අම්මේ ඔබේම පුතු වෙන්නයි....

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා
මේ සසරෙදිත් ඔබයි මගෙ අම්මා
මතු සසරේදිත් ඔබයි මගෙ අම්මා....

ඇත්තටම මම හොදට ගායනා කරන්න ඇති. මොකද සැවොම අසනා බවක් පෙනුනේ . මිලගට මම තොර ගත්තා ආදර ගිතයක්. මේක විරහ ගීතයක්.

ඔබ මා හමු උන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගෙ ලඟ තනියට හිනු මැනවි...
මේ ගිතය අවසාන වෙද්දි මගේ ඇස් ලාවට තෙමී ගියේ අහේතුකවයි. ඒ වෙන කොටත් මගේ අතේ රුපියල් පනහේ කොල කිහිපයක්ම අතේ ගුලි කරලා තිබුනි. 


ගිත තුනක් ගායනා කරා මම ඉස්සරහ පේරාදෙනියෙන් බහින්න ඔනි. මම ඔයාලා ලගට එන්නම්. පුලුවන් නම් මට කීයක් හරි දෙන්න. නොදුන්නා කියා තරහක් නෑ.


නොදී උන්නු කිසිවෙක් නොවුනි. හැමොම කියක් හරි මුදලක් ලබාදුනි. මම ඇල්ලු කැප් එක පිරෙන තරමට මුදල් ලැබුනි. අන්තිම සිට් එකේ කෙලවරේ උන්නු අයට මුදල් දෙන්න මම කැප් එක දික් කලෙමි. පසු පස අසුනේ කොල්ලෙක්ගේ අත අල්ලාගෙන උන්නේ නදීය. ඈ විවාහ වී ඇති බව අත රැදි මුදුවෙන් දුටුවාය. මම ඇගේ සැමියා පර්ස් එක අදිද්දි මම හිස් වැසුම ගතිමි. මල්ලි ..... කියා මට මුදල් දෙන්න හැදුවත් මම මුදල් නොගෙන දොර ලගට ආවෙමි.
ගනන් කරලා මාරු සල්ලි ටික දීපන්... මල්ලි
කොන්දොස්තර මහතා මට කීවාය.
නරක නැත පලවෙනි ට්රිප් එකටම රුපියල් පන්සිය හැට තුන්ක් එකතුව ඇත. මම මුදල් කොන්දොස්තරට දී මාරු කර ගතිමි. මම පේරාදෙනියේ බහින්න බෙල් එක ගැහුවා පමනි. කෙනෙක් මට කතා කලේය.
" පුතේ හවසට මට මේකට කොල් කරපන්.........."
ඔහු දුරකතන අංකයක් මා අත පත්කලේය.


සැහෙන මුදලක් දවස අවසානයේ එකතු කර ගතිමි. දවසම සිංදු කියා හොදටම හෙම්බත්ය. උගුරා බැරන්ඩි වී ඇත. මම සක්කුව ඇද්දේ සල්ලි කියක් ඉතුරුද බලන්නටය. මට කොලයක් හමූවුනි. මම ඒ කොලය ගතිමි. ඒ දුරකතන අ\කයය. මම ඇමතුමක් ගත්තේ ගුඩ් ශෙඩ් එකේ මහියන්ගන හොල්ට් එකේ ට්රයිටෙල් එකෙන් පහක් දමාය. 


හෙලෝ........
කවුද .......අනෙක් පසින් ඇසීය
මම අර බස් එකේ සින්දු කිවේ මහත්තය අංකේ දුන්නේ '

හා පුතේ මම .......... හෙට කොළඹ එන්න අපේ ගෘප් එකේ සින්දු කියන්න.

මම පුදුම උනෙමි. මොහු ලංකවේ සන්ගිතයේ පොරකි. ජනප්රියම සංගීත කන්ඩායමේ අයිති කරයය.
එතන් සිට මගේ ලොක්ය හැදුනි. මම හොද තැනක් හදා ගතිමි. සංගිතයේ නම්ක් දිනගතිමි.
දිනක් මම මගේ ආයතනයට එන කොට පුරුදු රුවක් දුටුවෙමි. ඒ නදි අප ආයතනයේ ලොබියේ උන්නය. කතා නොකර යන්නත් හිතා මම කත කලෙමි.

මොකද නදී මෙහේ......

අයියා මගේ මහත්තය මෙහේ වැඩ කරන්නේ

එවිටම මගේ සේවකයෙක් මට සුභ උදැසනක් පැතුවාය.

සර් මේ මගේ නොනා... මට අද හොස්පිටල් යන්න ඔනි. නොනා එක්ක. නිවඩුවක් ගන්න පුලුවන්ද

හා ගන්න.......

මම ඇය දෙස බැලුවෙමි. ඇය පුදුමයෙන් මාදෙස බලා උන්නාය.
ඇගේ සැමියා ඇතුලට ගියාය.

නදී........ ඔයා ඇහුව නේද ඔයාගේ මුල අවසානේ මොකක්ද කියලා මේ අවසානේට පෙර... මම් අද මේ හැමදේම කරා. ඒකට ශක්තිය දුන්නේ ඔයා. එදා මාව අත්මගරුත්වේ බින්දුවට ඇදලා දාපු දවස්සේ අද මම ඔයාට වඩා ලස්සනට ජිවත් වෙනවා කියලා මතක තියගන්න

                                                       

(10) මිල්ටන් මල්ලවාරච්චිගේ නොකියූ ආදර කතාව


මිල්ටන් මල්ලවාරච්චිගේ නොකියූ ආදර කතාව 

සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ පැදුරු සජ්ජයක් පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...
ඔහුගේ දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු සංගීතයට අලුම්කලේ නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ අකමැත්ත ප්රකාශ කළේය.. ඒ මෙන්ම තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම් ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත් ගියේ නැත 

පැදුරු සජ්ජයක් පැවැත්වෙන දිනක ඇය .. උඩුමහලේ බැල්කනියට වී හුදකලාව සිටි අතර නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක් ව්සින් ගායනා කල මනරම් හින්දි ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්රිය කලාය.. එම ගීතයෙන් පසුව එම ගායනා කණ්ඩායමේ සමාජිකය තවත් මියුරු හින්දි ගීත කිහිපයක් ඒක දිගටම ගයනා කලේය .. ඔහුගේ මියුරු හඩ ඇගේ සිත් ගත් අතර ඇය එම හඩට ප්රිය කලාය..



එදා සිට ඇය එම හඩ ඇසෙන දින වලට . සදලුතලයට ගොස් ඔහු ගයන ගීත රස විදීමට හුරුවී සිටියේය . එහෙත් තවම ඇය ඔහුගේ රුව දැක නැත.. දිනක් ඇයට මේම ලයාන්විත කටහඩක් හිමි පුද්ගලයා කව්දැයි බැලීමට ආශාවක් ඇතිවිය.. ඔහු ගීතයක් ගයන විට උඩු මහලේ සිට සාජ්ජය දෙස බැලුවේ ඔහු කව්දැයි දැක ගැනීමේ ආශාවෙනි...

දෑස් පියාගෙන දැහැනට සමවැදුනු අයුරින් ගයනා කරන . කොණ්ඩය පොකුටු සුදු උස තරුණයෙක් ඇයට දැක ගැනීමට හැකි විය . ඔහුගේ රුවද ඇයගේ සිත් ගත්තේය .. එදා සිට ඇය එම හඩටද හඩ හිමි තරුණයාටද සිතින් පෙම් කිරීම්ට පෙලබුනි .. ඔහු ගී ගයන සැම දිනකම උඩු මහලේ සිට ඔහු දෙස බලාගෙන සිටීම ඇයගේ පුරුද්දක් වී තිබුණි .

දිනක් ගයනා කරන විට අහම්බෙකින් ඔහුට ඇයව දැක ගැනීමට හැකිවිය . තමන් දෙස දැඩි උවමනාවෙන් බලා සිටින රුවැත්තිය දෙස ඔහුත් බැලුවේය . දෙදෙනාගේම සිව් නෙත් එකට යාවුනි . ඇය සිනාසුනි ඔහුත් පෙරලා ඇයට සිනාසුනි ඒ නෙත් වල සංසාරගත බැදීමක් ඔහු දකින්නට ඇත .. එත් ඈ කාගේ කව්දැයි ඔහු නොදනී...


“ මේ වගේ දිනක් නෑ එන්නේ - ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ...

පෑ රිදී සිනා කැන් ඒ දෑසේ - මා සිතින් මැකිලා යා නොවේ ....”




එදා සිට පැදුරු සාජ්ජ පැවැත්වෙන සැම දිනකම ඔවුන් දෙදෙනා නෙත් වලින් කථා කලෙය .සිතින් දෙදෙනාම දෙදෙනාට ආදරය කළේය . තවත් මෙය සිත තුල සිරකරගෙන සිටීමට අපොහොසත් වූ ඇය ලිපියකින් මෙය ඔහුට දැන්වූයේය.. එහෙත් තරුණයා එය පිළිගැනීමට බිය විය . එයට හේතුව මුදලාලිගේ සිතුම් පැතුම් ගැන ඔහු දැනසිටි නිසා විය යුතුය . තමා වැනි දුප්පත් තරුණයෙක්ට ඔහු තම දියණිය සරණපාවා දීමට කිසි දිනෙක කැමැති නොවන වග ඔහු දැන සිටියා විය හැක.
එහෙත් අවසානයේ ඇය ජය ගත්තාය .. ඇයගේ බලවත් පෙරැත්තය මත ඇගේ ආදරය පිලි ගැනීමට ඔහුට සිදු විය . කිසි දිනෙක ඔහුව අතහැර නොයන බවට ඇය පොරොන්දු විය.. කෙදිනක හෝ ඇයව විවාහ කර ගන්නා බවට ඔහු පොරොන්දු විය..


“දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් ....
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ......................”



දෙදෙනාගේ ප්රේමය කාටත් රහසේ බොහෝ කාලයක් දළුලා වැඩුනි.. එහෙත් වැඩි කාලයක් ලොවට රහසේ මෙම පෙම් පලහිලව්ව පවත්වාගෙන යාමට දෙදෙනාට හැකියාවක් ලැබුනේ නැත.. ආදරයත් කැස්සත් වසන් කල නොහැකියි යන කියමන සනාථ කරමින් ඔවුන්ගේ රහස පියාට දැනගැනීමට ලැබුණි ..

මෙය දැනගත් විට මුදලාලි යක්ෂාවේශ විය.. ඔහු දෙදෙනාටම නවත්වන ලෙස තදින් අවවාද කළේය.. මෙය නතර කිරීමට ඔහු නොගත් උත්සහයක් නැත.. ඔහු දියණියට නිවසින් එලියට යාම පවා තහනම් කළේය.. එහෙත් ඔවුන් දෙදෙනාගේ සිත් වල ඇති ප්රේමය තහනම් කිරීමට පියා අපොහොසත්ය..


“මගේ පාලු ලෝකයේ තනිවූ මේම ... සක්විති රජුන් හමුවේ නැත හිසනම ..
සිතුවිලි මගේ හසුරා ගතහැක නමා .. මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා ..”




මේ සම්බන්දයෙන් මුදලාලි ගත් සියළු පියවර අසාර්ථක විය . තරුණයාට කොයි තරම් අවවාද කලත් තර්ජනය කලත් පලක් නොවුනි .. අවසානයේ දියණිය කාමරයේ සිරකළ අතර .. පැදුරු සාජ්ජ කණ්ඩායම සමග නිවසට එන මේම තරුණයාට නැවත නිවසට ඒම තහනම් විය.. එදා සිට ඔහුට සුවිසල් මැදුරේ දොර වැසුනි..


“ මැදුරේ දොරගුළු ලු නියා ... අදුරේ මා තනිවූ නියා...
මට සිහිවෙනවා .. මේ දැන් වාගේ නෑ මා හැඩුවේ එදා...
රන්මසු නැහැ කියා මා දිලිදුයි කියා කිවා....මට තව මතකයි ඒවා ...”




තමන්ගේ දුප්පත් කම නිසා මුදලාලි මෙම සම්බන්දයට කැමැති නොවන බව ඔහුට වැටහුනි.. එහෙත් කිසි දිනෙක ඇයව අමතක කිරීමේ හැකියාවක් ඔහුට නැත..

මේ අතර පියා ඔහුට හැකි උපරිමයෙන් ක්රියා කලත් දෙදෙනාගේ සිත් වෙනස් කිරීමට ඔහුට නොහැකි වීය.. සියලු වෑයම් අසාර්ථකවී හෙම්බත්වී සිටි මොහුට .. අමුතුම උපායක් කල්පනාවිය. එතැන් පටන් ඔහු ක්රියා කලේ වෙනස් ආකාරයකටය . මෙතුවක් ක්රියා කල ආකාරය සහමුලින්ම කණපිට පෙරලුනා වැනිය.. නැවතත් සංගීත කණ්ඩායම සමග තරුණයාට නිවසට ඒමට අවසර ලැබුණි .. මෙතෙක් නිවාස අඩස්සියේ සිටි තරුණියට ද ක්රම ක්රමයෙන් තම සුපුරුදු නිදහස බුක්ති විදිමටද අවකාශය ලැබුණි..

මෙයින් උපරිම ප්රයෝජන ගත් පෙම්වතුන් නැවතත් ප්රේමයෙන් වෙලුනි මෙතෙක් ඔවුන්ට තිබු එකම බාදකයත් තුරන්වී ඇති බැවින් දැන් ඔවුන්ට බිය වීමට කිසිම හේතුවක් නැත .. මේ අතර පියා මොවුන් දෙපලට ගේ එක්වීමට තමන්ගේ අකමැත්තක් නැති බව ප්රකාශ කලේය ..

එහෙත් තරුණයාට පියාගේ පොරොන්දුවකට යටත් වීමට සිදුවිය . තරුණයත් ඔවුන්ගේ මට්ටමට සමාන තරමක පොහොසතෙකු වීය යුතු බවත් පැවසූ පියා එතෙර රටක රැකියාවක් ඔහුට සොයාදී එහි පිටත් කළේය .. නැවතත් වසර කිහිපයකින් සිය රටට පැමිණි පසු විවාහය සිදු කර දෙන බව පැවසුවේය .. දෙමාපිය අසිර්වාදය ඇතිව එක් වීමට ලැබීම බග්යක් ලෙස සිතු දෙදෙනා එයට කැමැති වීය .. නැවත සිය රටට පැමිණ ඇයගේ අත ගැනීමේ බලාපොරොත්තුව ඔහු වෙනත් රටකට යාමට ගුවන්තොටුපොළ බලා පිටත්විය ...


“ඒදා රැ ගුවන්තොටු පොලේදි මා ...
වෙන්වී ගියේ..... සිතකින් නොවේ ......’




දුරු රටක තනිවී සිටියත් ඔහු එය සතුටින් විද ගත්තේ . සියලු දුක් දොම්නස් විදින්නේ ඇය නිසා බව සිතමිනි.. එම කාලයේ පණිවිඩ යැවීමේ ප්රධානම ක්රමය වුයේ ලිපි මාර්ගයෙනි ඔහු ඉඩ ලැබෙන සැම විටම ඇයට ලිපි ලීවේය .. ඇයගෙන් ලිපි එනතුරු මග බැලුවේය .. එහිදී ඔහුගේ එකම සතුට වුයේ ඇය සිහි කරමින් ලිපි ලිවීමයි..


“ මධු මල ලෙස මුදු මගේ ප්රියදර මිහිරාවිය වෙතටයි ...
ඔබ සිහි කර කර ..ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි ....




එහෙත් වැඩි කාලයක් දෙදෙනාට ලිපි ගනුදෙනුව කිරීමට ඉඩ ලැබුනේ නැත . පියා ඒ වන විට ඔහුගේ සැලැස්ම ක්රියාවට නංවමින් සිටියේය .. ඔහු දියණියගේ නමට එන ලිපි ඇයට ලැබෙන ඒක වැළකුවේය.. එමෙන්ම ඇය විසින් තැපැල් කරන ලිපි ඔහුට නොයන ලෙස ඔහුගේ බලපුලුවන් කාරකම් ප්රයෝජනයට ගනිමින් වැළකුවේය..

කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව අසරණව සිටින දියණියගේ සිතට විසබීජ දැමීමට පියා පටන් ගත්තේ එතැන් සිටය.. ඔහු වෙනත් තරුණියක හා හාද බව පවසමින් දියණියගේ සිත වෙනස් කිරීමට උත්සහ කල පියා අවසානයේ ජය ගත්තේය .දියණියගේ සිත වෙනස්වූ විගස එයින් ප්රයෝජන ගන්න සිතු . පියා තම පවුලට ගැලපෙන තරුනයෙක්ව ඇයට යෝජනා කළේය .. දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින තරුණිය එම යෝජනාවට කැමැති වීය... බලන්න පිවිතුරු ආදරයක් දෙකඩ කරමින් මුලාව ජයගත් අපුරුව...
මේ අතර කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටි තරුණයාට අවසානයේ දැනගැනීමට ලැබෙන්නේ ඔහු පනමෙන් ආදරය කල තරුණිය පොහොසත් තරුණයෙකු හා ලගදි විවාහවීමට යන බවයි .. මෙයින් දැඩි දුකට පත් තරුණයාට කල හැකි කිසි දෙයක් නැත .. ගිවිසුම් කාලය අවසාන වනතුරු නැවත සිය රට බල යාමටද ඔහුට හැකියාවක් නොමැත .. ඉතාමත් දුක්බිත වූ තරුණයාට කළහැකි එකමදේ සිතින් ඇයට සුභ පැතීම පමණි....


“අදහෙට ඔබ මා අතහැර යනබව දැනගන්නට ලැබුනා - රහසින් මට ඇසුණා..
ඔබ රවටා නැත .. ඔබ හඩවා නැත ...
දැන දැන මා නම් වැරදිකරේ නැත ...
ඔබ ගැන මට පුදුමයි .....
වෙනසක තතු නොහැගෙයි....


එයිට කාලයකට පසු ඔහු නැවත මව් රටට පැමිණියත් ඒ වනවිට ඔහුගේ පෙම්වතිය විවාහවී අවසානය... එහෙත් දිනක් දෙදෙනා අහම්බෙන් මුණ ගැසී කතා කරනවිට තමයි ඔවුන් දෙදෙනාටම වැටහෙන්නේ පියා තමන්ව මුලා කර ඔහුගේ අදහස ඉටු කරගත් වහ... එහෙත් දැන් ඔවුන්ට කල හැකි යමක් නැත දුක දරාගෙන වෙන්වීම හැරෙන්නට ඇය දැන් විවාහකය ..


“අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැද ඇත ලොව සතර දෙසින් ...
එනමුදු උපදින හැම බවයකදිම මම ඔබ හිමිකර ගනිමි ලදේ ...




පසුව ඔහු ඉතාමත් ජනප්රිය ගායකයෙක් බවට පත් වෙනවා .. ඔහුගේ ලයාන්විත කට හඩට දහස් ගනන් ජනතාව ආදරය කරනවා .. එහෙත් ප්රථම ප්රේමයෙන් පරාජයවී ලැබූ අත්දැකීම මනසින් මැකීමට ඔහු අපොහොසත් එම නිසාමදෝ ඔහු මත්පැන් පානය කිරීමට පෙලබෙනවා... ඒ මෙන්ම ඔහු ගයනා කල ගීතවල ඔහු විදි විරහව කැටිවී තිබෙනවා හරිම අපුරුවට..
අවසානයේ මේ අග්රගණයේ පුද්ගයා අසනීපවී මිය යනවා.. එයත් හරි අපුරු සිදුවීමක් විදියට මක්නිසාදයත් ඔහු මියයන්නේ ඔහු පනමෙන් ආදරය කර ඔහුට හිමිකර ගැනීමට නොහැකිවූ පෙම්වතියට අයිති නවලෝක රෝහලේ රෝහල් කාමරයක් තුල ඇයගේ ඇස් ඉදිරි පිටදීම වීමයි ..

මරු කතරේ මිනිස් පුරේ
කොතැනක වේවා
මෙතේ බුදුන් පාමුල ඔබ
නෙළුමක් වේවා.....