Saturday, November 21, 2015

(21) රුක් අත්තන මල මුදුනේ - නන්දා මාලනී


මෙම ගීතය තුළින් මහින්ද අල්ගමයන් සමඟින්න්නදා මාලිනිය අප සුන්දර වූ ග්රානමයකට රැගෙනයයි.එය සොඳුරුතම වූ අත්දැකීමකි.පියකු,මවක හාපුතකු අතර බැඳි අධ්යායත්මීය ප්රේරමයේ සුගන්ධය මෙම ගීතය තුළින් වහනයවන්නේයැයි කීම යුක්ති යුක්තය.මෙම ගීතය මගින් ඔවුන් අතර බැඳි සොඳුරුසෙනෙහස රසික හඳ තුළ සිතුවම් කරලයි.උදෑසනින්ම රැකියාව කරා ගිය තම ස්වාමියා එන තුරු ඔහුගේ බිරිඳ පුතු සමඟින් බලා සිටී.ඔහු එනතුරු පුතු මෙන්ම ඇයද නොඉවසිල්ලෙනි සිටින්නේ.මෙම ගීතයෙන් කියැවෙන අත්දැකීම මීට දශක් කිහිපයකට පෙරාතුව තත්වයයි.අද ඇතැම්විට පුතු සමඟ මඟබලා සිටින්නේ බිරිඳ නොව ස්වාමියාය.මන්ද නූතන ජීවන අරගලයට මුහුණ දීගත නොහැකිව අද බොහොමයක් බිරින්දෑවරන්ද රැකියාවල නිරත වන හෙයිනි.

රුක් අත්තන මල මුදුනේ
ඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...






මෙම ගීතය මඟින් අපට චිත්ර ණය කරනුයේ සොඳුරු ග්රාගමයකි.රුක් අක්තන මල් මුදුනේ ඹබරැ ගී ගයති,නටති.එහෙත් පරිසරය නිස්කලංකය.මව පුතු සමඟින් දෙනෙත් යොමාගෙන සිටිනුයේ උදෑසනින් ම පිට වී ගිය තම ස්වාමිපුරුෂයා එනතුරුය.ඔහු හනු දකිනා ඇගේ සිත ප්රීමතියෙන් පිනායයි.ඇය පුතුට ඔහු පෙන්වා

දෑස්යොමා කවුරුන්ද එන්නේ කියා බලන මෙන් කියයි.එසේම මෙම ගීතයේ රිද්මය තරමක් වේගවත් කරමින් - කවුරුද එන්නේ යන කොටස ගායනා කරයි.එමඟින් තම ස්වාමි පුරුෂයා එනු දැක බිරිඳ නොඉවසිල්ලට පක් වූ අයුරු රූපණය වේ.


මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලියේ..
පුතුසවනට රහස් කියා - පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ



තම බිරිඳ සහ පුත්රෙයා ජීවත් කරලීම සඳහා ඔහු උදෑසනින්ම පිටවී යයි.එම උදෑසන ද අතිශය මනරම් වූවකි.මුතු පිණි දැල් සැලෙන උදයකි.මෙමඟින් ඔවුන්ගේ කුටුම්භය තුළ ගිබෙන්නා වූ සතුට සංකේතවත් නොවන්නෙහිද?ඔහු රැකියාවට යනුයේ තමපුත්රටයාගේ සවනට ද රහස් කියමිනි.ඇතැම් විට ඒ රහස අද ඔහු වේලාසනින් නිවසට පැමිණෙනවා යන්න විය හැකිය.මෙහිදී ඇය තවත් වැදගත් කාරණයක් පුතුටසිහිගන්වයි.ඒ පුතුගේ පියා මෙතරම් වෙහෙසෙන්නේ කවුරුන් වෙනුවෙන්දයන්නයි.ඒ තමන් දෙදෙනා වෙනුවෙන් බව ඇය පුතුට සිහිඟන්වයි.සැබවින්ම පියාගේ අගය කුඩා කල සිට තම දරුවන්ට කියා දෙන්නී මවයි.මෙම මවද එසේමැයි.



පතොක් වැටිය උඩින් වැදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ..
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ..



උදෑසනින් ඔවුන්ගෙන් වී ගිය පියා නැවක එන්නේ දිවයුරු මිය යනමොහොතේය.එනම් සැන්දෑ කාලයේය.දිවයුරු මිය යෑම යන්න අපූර්වකාව්යෝඑක්තියකි.ඉර බැස ගියද ඔවුන්ට අඳුරක් ඇති නොවේ.මන්ද පියා පුර හඳක්මෙන් ආලෝකය රැගෙන ඔවුන් කරා එන හෙයිනි.පුර හඳ අඩුවක් නොමැතිවආලෝකය සපයනවා මෙන් පියාද ඔවුන්ට අවශ්යත ආදරය,රැකවරණය,සෙනෙහසඅඩුවක් නොමැතිව ලබාදෙයි.මෙම ගීතය තුළින් කුටුම්භ ජීවිතයේ මිහිරියාව කරා අප සමීප නොකරන්නේද?මනුෂ්යා ෙග් ජීවිතයේ ඔහු ලැබන්නා වූ වටිනාම සම්පත වන්නේ ද ඔහුගේ බිරිඳ හා දරුවන් නොවන්නෙහිද?



මෙම ගීතයේ පද රචකයා වනුයේ ප්රූතිභාපූර්ණ ගීත රචකයකු වන මහින්දඅල්ගමයන්ය.ඔහු තම සහජ කවීත්වය උපයුක්ත කරගනිමින් අපූර්වවූද සොඳුරු වූදගීතමය අත්දැකීමක් කරා අප ගෙන යයි.ඔහු මෙහි දෘෂ්ටිකෝණය ලෙසින් මව තෝරාගැනීම උචිතය.ඒ හේතුවෙන් මෙම ගීතයෙන් කියැවෙන අත්දැකීමට අපට වඩාත්සමීප කරලීමට සමත්වේ.මෙම ගීතයේ ගායනය මෙන්ම සංගීතය ද විශාරද නන්දාමාලනීගෙනි.ඇගේ ගායනය පිළිබඳව නම් අමුතුවෙන් කීමට නුවමනාය.මන්ද ඈගේගායන කුසලතාවය ඔබ කවුරුත් මැනවින් දන්නා හෙයිනි.එහෙයින් ඇගේ සංගීත නිර්මාණය පිළිබඳව යමක් කීම උචිත යැයි හැඟේ.මෙම ගීතයේ සංගීතය තුළඅපූරත්වයක් ඇත.ජන සංගීතය ද උපයුක්ත කරගනිමින් ඉතා ප්ර ශස්ත අන්දමින් මෙමගීතය සඳහා සංගීතය සපයා ඇත.මෙම ගීතයේ තනුව සඳහා උකුසා වන්නමේ තානමදඇසුරු කොටගෙන ඇත.එහෙයින් මෙම ගීතය තුළින් අර්ථ රසයක් මෙන්ම අපූර්වශබ්ද රසයක් ද ඇතිවේ.සිංහල ගීත සාහිත්යුයට එක් වූ වටිනා ගී මිණක් ලෙසින් මෙම ගීතය හැඳින්වීම යුක්ති යුක්තය






2 comments:

  1. මගේ බොලොග් එකේ ලිපි හොරකම් කරලා දාගන්න උඹට ලැජ්ජ නැද්ද?http://sadarasyahana.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔබ සතුටු වෙන්න ...ගීත කාටවත් අයිති නෑ... මේ ගැන පැමිණීලි කරන්න ඕනේ නන්දා මාලනී ... එයාගෙන් අවසර ගෙනද ඔයාලා මේ ලිපියට ගීත ය ගත්තේ

      Delete