Saturday, November 21, 2015

(25) පුන්සඳ රෑට - නිරෝෂා විරාජිනි


පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට..

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගැමියෙකු තම බිරිඳ නිවසෙහි තනිකර දමා යෑම හේතුවෙන් තනිවී සිටින බිරිඳ තමන්ට නැගෙන සිතුවිලි දාමය මෙම ගීතයට විෂය වී ඇති බැව් පෙනේ.ස්වාමිපුරුෂයා හේනේ සිටිනුයේ තනිවමය.ඔහුගේ තනි නොතනියට පැමිණෙන්නේ පුන් සඳයි.රන්වන් ඉරිඟු සිඹිනවද යනු ශෘංගාරවත් යෙදුමකි.ඇය තම ස්වාමුපුරුෂයාට ආමන්ත්රයණය කරනුයේ රන්කද ලෙසිනි.සැබවින්ම බිරිඳකට තම ස්වාමියා රත්තරන් නොවන්නෙහිද?ඒ තුළින් ඇය තම ස්වාමියාට දක්වන අසීමිත වූ සෙනෙහසයි.





තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
ඇය නිවසට වී මුළු රඅය පුරාම සිහින දකී.නමුත් එසේ සිහිනයන් දැකීමෙන්

පලක් ඇද්දැයි ඈටම සිතේ.මේ තුළින් ඇය තුළ ඇති පාළුව,තනිකම හාපශ්චාත්තාපය මැනවින් නිරූපණය නොවන්නෙහිද?

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට..

මෙම ගීතයට දෙරන ඩෙල් ස්ටුඩියෝ වැඩ සටහනේ ප්‍රවීන සන්ගීත වේදී මහෙශ් දෙනිපිටියයන් නව තාල රටාවක් යොදා ඇත, එම වීඩියෝ පටය නැරඹීමට පහත ලින්කුව උපයෝගී කර ගන්නනිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..යන්න අතිශයින්ම අලංකාරවත්වූද,කාව්යාවත්මක වූද යෙදුමකි.චිත්ත රූප දනවන්නකි.නිල් පැහැයෙන් දිදුලන තාරාකා අහසේ දිදුළන අයුරු අප මනසෙහි මැවී නොපෙනෙන්නේද?පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට යන්නෙන් ඇය සම්භෝග සුවය විදීමට ඇය තුළ ඇති කැමැත්ත සංකේතවත් වේ.ඇය තරුණියකි.ඇතැම් විට ඔවුන් අලුත විවාහපත් වූ ජෝඩුවක් විය හැකිය.ඇය තුළ දඅනෙකුත් කාන්තාවන්ට තිබෙන්නා වූ ආශාවන් ඇ තුළ ද නොමැතිද?කෙසේ වුවත් ඒ භාග්යෙය ඇයට නැත.ඇගේ ස්වාමිපුරුෂයාය ඇයට තනි රැකීමට නොව හේනට තනි රැකීමට යාමට සිදුව ඇත.ඊට හේතුව ඔවුන්ට මුහුණ පෑමට ඇති ආර්ථික පීඩාවන් නිසා නොවන්නෙහිද?කෙසේ නමුත් එය ඔවුන් අකර පවතිනා වූ ප්රේපමයට නම් බාධාවක් වී නැති බැව් පෙනේ. මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට..යන්න ව්යංාග්යාබර්ථවත් යෙදුමකි.එයින් කවියා සංකේතවත් කරනුයේ විවාහ සිටියද ඔවුන්ට තවමත් දරුභල නොමැති බවයි.සැබවින්ම ඇයගේ සිතෙහි ඇති වික්ශෝපයට පධාන හේතුවක් වන්නේද එයයි.මන්ද ස්වාමියා හේනට ගියපසු ඇයට තනිකමින් පීඩාවිඳිමට සිදුවන බැවිනි.එසේම තරුණ බිරිඳක් තනියම සිටිනා කල ඇය තලාලෙීමට විෂ බඹරුන් නෑවිත් සිටීද?

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...

තමනුත් තම ස්වාමියාත් කිරි කැටියාත් සමඟන් එකට යහනේ නිදන්න කවදා නම් වරම් ලැබේවිද?කවදානම් ඒ සුබ සිහිනය දකින්නට දැයි සිතමින් ඇය සෝසුසුම් හෙළයි.ඇතු යන්නෙන් ඇය ආමන්තුණය කරනුයේ තම පුතුටය. රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...යන්නෙන් ඇය සංකේතවත් කරනුයේ ද තවමත් ඇයට දරු සුරතල් බැලීමට වරම් නොලැබී ඇතිබවයි.
නිරෝෂනා විරාජිනිගේ ලයාන්විත එඬ මෙම ගීතය සඳහා අතිශයින් උචිතය.විශේෂයෙන් මෙම ගීතය පුරාවටම දක්නට ලැබෙන ශෘංගාරය ධ්වනිත කිරීම සඳහා ඇගේ එඬ ප්ර භල ලෙසින් දායක වී ඇත.එසේම මෙම ගීතය සඳහා මනරම් සංගීයක් නිර්මාණය කිරීමට ඔස්ටින් මුණසිංහ සංගීතවේදියා සමත් වී ඇති බැව් පෙනේ.එසේම මෙම ගීතය සඳහා ඔහු ජන සංගීතයෙද ආභාසය ලබා ඇතිබැව් පෙනේ.මෙම අගනා ලීතයේ ගේය පද රචකයා වනුයේ රත්න ශ්රීන විජේසිංහයන්ය.එහු සතු ප්රමතිභාය මැනවින් මෙම ගීතය තුළින් විශද වේ.

මෙම ගීතය රචනා කිරීමේදී ජන ගී වල ඇභාසය ලබා ඇත.මෙම ගීතය නිාරා්ෂා විරාජිනිගේ සංගීත දිවියේ නොමැකෙන සටහන් තැබූවකි.





No comments:

Post a Comment