Tuesday, November 17, 2015

(20) කුමරියක පා සළඔ සැලුනා - පණ්ඩිත අමරදේව


මෙම ගීතයේ අර්ථය පිලිබඳ මා ගෙනෙන අර්ථය ඇතැම් විට නිවැරදි නොවෙන්නට පුළුවන.
සමස්තයක් වශයෙන් මෙහි කියවෙන්නේ, සැමියකු තවත් ගැහැනියක ගැන කල්පනා ලෝකයක නිමග්නව සිටිනවිට ඔහුගේ බිරිඳ ඔහු සිටින ස්ථානයට පැමිනෙනේ විට ඔහුගේ සිතේ ඇතිවන දුක මුසුවූ වරදක් කල යන සිතිවිල්ල ගැන යයි මට සිතේ.


මෙහි මුල්ම පද කීයෙන් කියන්නේ, ඔහු දෙනෙත් වසාගෙන කල්පනාවේ නිමග්නව සිටින විට කුමරියකගේ පා සළඔක ශබ්දයෙන් ඒ කල්පනාව බිදුණු ආකාරය ගැනය.
මනසෙන් නරැබූ ඒ කාන්තාවගේ විචිත්රත්වය මෙම කවියා දෙවන පද පේලියෙන් විස්තර කර තිබේ. ඔහු මේ මනසින් ගත කරන සඳ කාලය ඔහුට තව්තිසා දෙව්ලොව හා සමනය. තුන්වන පද පේලියෙන් ඔහු කවිය විග්රහ කරන්නේ, ඔහුගේ සිතුම් යදම් වලින් බැඳ තබා ඇති බවකි. ඔහු දැන් විවාහක පුරුෂයෙකි. ඔහුට තව දුරටත් වෙනත් ගැහැනියක ගැන සිතන්නට නොහැක. නමුත් ඔහු හිතින් දුක් වේදනා විඳින බවක් මේ ගීතය පුරාවටම කියය.






මේ ගීතයෙන් කියැවෙන්නේ විවාහක පුරුෂයකුට වෙනත් කෙල්ලකගේ පහස ලබන්නට තියන ආශාවන් නිසා දුකට පත් වන ආකාරයකි. ඔහු විටෙක මේ ගැන සිතන්නට පවා බය වේ. ඔහුගේ නිසල ජීවන තපෝ වනය විනාස වේ යය ඔහු විටෙක කල්පනා

කරය.

අද කාලයේත්, මෙවැනි පුරුෂයන්, කාන්තාවන් සමාජයේ දැකගත හැක. ඔවුන්ගේ යොවුන් කාලයේ ඔවුන් ගන්නා විවිද තීරණ ඔවුන්ට පසු ජීවිතයේදී කම්පා ඇති කරවය්. වෙනත් ගැහැණුන පිරිමින් ගැන හිතමින් දුක් වේවි ජීවිතය ගත කරනු ලබය්.



කුමරියක පා සළඔ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය
සුරන් නැලවු සුයාමය

නිසල ජීවන තපෝ වන මැද
හැගුම් ගජසෙන් යදම් බිද වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුලු මල් පෙති
මා හඩවයි බිදුනු තුසිතය
සුරන් නැලවු සුයාමය

පද රචනය : K D K ධර්මවර්දන
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: පණ්ඩිත අමරදේව




                                     



No comments:

Post a Comment