Tuesday, November 17, 2015

(19) නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ


ප්ර්ථම ප්රේ මයේ සිහිනයට අපි සැවොම කඳුළු සලා ඇති. ජීවිතයේ අත්දකින්න පුළුවන් අති විශේෂ අත්දැකීම් වලින් එකක් ලෙස ප්ර්ථම ප්රේ මය හදුන් වන්නට පුළුවන්. අන්තිම හුස්ම පොද දක්වාම අපේ සිත් තුල මේ ප්රිථම ප්රේඑමයේ මිහිර රැඳී තිබේ.

මේ ගීතයේ කියවෙන්නෙත් ප්ර‍ථම ප්රේනමයේ විරහව හිතින් දරා ගෙන දුක් වන ප්රේ මවන්තයින් දෙදෙනෙක් ගැන බවය් මගේ හැගීම. මේ ගීතයට විවිද අර්ථකතන විවිද පුද්ගලයන් විසින් ලබාදී ඇති නමුත්, මේ ගීය රසාස්වාදනය කරන විට මට දැනුනු තේරුම මෙහි ලියන්නට මා උත්සහ කරමි.





සැබෑ ජීවිතයේදි එකතු වෙන්න බැරි පෙම්වතුන් දෙන්නෙක් රාත්රීල යහනේ සිහිනෙන් හෝ එකතු වෙන්නර වෙර දරන ආකාරය කියවේ.
මේ දෙදෙනා එකතු වීමට තිබුණු සියලු බලාපොරොත්තු අද සුන් වෙලා ගිහින්. රාත්රීන අහසේ සඳත් නැහැ, අඩුම තරමින් තාරුකා වත් අහසේ දකින්නට නැහැ.


තරුකාවන් කඳුළු ගංගාවේ ගිලි ඒවගේ එළියත් නිවී ගිහින්. වැහි බින්දු වැටි රෝස පෙති කඩා හැලී, ඔවුන්ගේ ආදරය රෝස මලක් නම්, වැහි බින්දු වැටුනම රෝස මලේ පෙති ගැලවිලා බිමට වැටෙනවා වගේ, සමාජයෙන් මේ ආදරයට උණු බදාවන් නිසා ඒ ආදරයේ පැවැත්ම නැති වෙලා ගිහින්.



නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඩන්නේ අයද ප්රාථම ප්රේුමයේ
තරුක දියේ ගිලේ නිල එලිය නිවෙ
වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලී



රාත්රීි යහනේ, පෙම්වතා/පෙම්වති ගැන සිහි කරමින් සිහින මවන විට, ඒ සීතල දැනෙන්නේ නැහැ. පියවි සිහියට අපු සැනින් රාත්රිියේ ඒ මුසල සීතල දැනෙන්නේ ගන්නවා. එවිට තදින් ඇස වසාගෙන පෙම්වතා/පෙම්වති ගැන සිහි කරමින්, ඔහුට තුරුළු වෙනවා සිහිනෙන්. නමුත් මේ සියල්ල සිහිනයක් පමනය්. සිහිනයෙන් හෝ මේ ප්රේයමවන්තයන් දෙදෙනා එකතු වෙනවා. නමුත් දෙදෙනාම දන්නවා මේ දකින්නේ කවමදක වත් සබැ නොවන සිහිනයක් බව.
මේ සුන්දර සිහිනයට හෙට උදේම සමු දෙන්නට වන්නේ ඒ නිසය්.



කිලි පොලා සාලි යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ



මේ විදිහට දෙදෙනා නිදි නැතිව රය පහන් කරනවා. හිරු පායන්නට තව තියෙන්නේ සුවල්ප වෙලාවක්.රය ගෙවී ගිහින්. සදත් බස ගිහින්. ඉතින් අවසරය් මගේ පුංචි කුමරියේ. දැන් ඒ සුන්දර සිහිනයට සමු දෙන්නට වෙලාව ඇවිත්.

ඒ සිහිනය කිසිදා සබැ නොවේ, ඒ සිහිනය සිතේ දරාගෙන ජීවත් වීමත් අපහසුය්. මලක් නැති ගසේ, කියල කියන්නේ සිහිනය සබැ නොවන බව දක්වීමටය්.
නමුත් යථාර්තය පසෙකින් තබා ඒ සිහිනයට ඔවුන් ආදරේ කරනවා. යථාර්තය පිළිගනිම කටු වගේ. නමුත් සිහිනයක් පමනය් කියා දන දැනම ඒ කටුවලට දෙතොල් තිය හාදුවක් දෙනවා. මේ ප්රතථම ප්රේපමය ඔවුන්ට කවදාවත් අමතක කරන්න බ. කටු කියා එවත දමන්න බ.



රය ගෙවෙ සදත් නිවෙ දුරය් ජීවිතේ
ඉතින් අවසරය් මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිබිමි එකම හාදුවය් සොඳුර ඒ මගේ.



මගේ හිතට දැනුනු දේ, වචන වලට පෙරලීමට මම උත්සහ කලේ. මෙම ගීතයයේ තේරුම මීට වඩා වෙනස් වෙන්නටත් පුළුවන්.






No comments:

Post a Comment