Tuesday, November 17, 2015

(18) දවසක් පැල නැති හේනේ - ගුණදාස කපුගේ


තාත්ත නැති ගෙයත් හරියට පැලක් නැති හේනක් වගේ ඒ තරම් වටින කියන දෙයක්
අද මට රජරට මිතුරියක් හමු වුන නිසා හිතුන මේ ගැන පොඩි අදහසක් සහිත ගීයක් තෝරගන්න,

ඈත එපිට රජරට පොඩි ගමක් පොඩි පෞලක් හිටිය ගොඩක් දුප්පත් මේ ගෙදර තාත්ත නෑ, අම්මයි පුතයි හිටියෙ, අම්ම මේ පුතාට හරි ආදරෙයි, අම්ම කුලී වැඩ කරන්නෙ . ඒකයි මම කිව්වෙ පිය සෙනෙහස නැති ගෙයත් හරියට පලක් නැති හේනක් වගේ කියල, මේ අම්ම බොහොම අමාරුවෙන් දරුව බලගෙන රස්සාවක් කරනව, මේ අතරතුර මේ සැමිය නැති කනවැඳුම් දිරිය ගැහෙනියට ගමෙ අනෙක් පිරිමින්ගෙන් අයුතු යෝජනාත් නොයෙනවම නෙවේයි. ඒත් දරුව ගැන හිතන අම්මා මේ කිසි දෙයක් ගැන කල්පනා නොකර තමාගෙ දරුව වෙනුවෙන්ම කට්යුතු කරනව, මේ පුන්චි දරුවත් කෙමෙන් කෙමෙන් ලොකු වෙලා පාසල් ගිහින් හොඳට විබාග එහෙම පාස් වෙල දිසාපති විබාගයත් පාස් කරල නුවරට එනව දිසාපතිකම වැඩ බාරගන්න






කාලයක් ගිහින් නුවර කුමාරි හාමිනේ කෙනෙක්ම විවාහ කරගෙන ජීවත් වෙනකොට මේ කන්තෝරුවෙ හිටපු අය බොරු ප්රශනයක් දාල මෙයාව රස්සාවෙන අයින් කරනව හැමෝම මෙයාට නින්දා අපහාස කරන්න ගතිපු නිසා බිරිඳත් මොහුට නොකියාම මොහුව දාල යනව. කර කියාගන්න දෙයක් නැතිවෙන මේ අහින්සක මනුස්සය කොලඹට ගිහින් පොඩි රස්සාවක් හොයාගෙන ජීවත් වෙනව, එක දවසක තමාගෙ බොඩිමෙ ඉන්න වෙලාවක ලොකු වැස්සක් වහිනව මේ අඳුරු පරිසරයත් මුහුදෙ සද්දයත් එකක මොහුට මතක් වෙනව තමන්ගෙ පොඩිකාලය හ ගෙවුන ජීවිතේ. මොහුට හිතෙනව

අයෙත් අම්ම ගාවට දුවගෙන ගිහින් අම්මගෙ උනුසුමේ ජීවත් වෙන්න පුලුවන්නම් කියල. ඒත් අම්ම මේ වෙනකොට ජීවතුන් අත්ර නේ, අ වෙලාවෙ අතට අහුවෙන කොල කෑල්ලක ඔහු මෙන්න මේ විදිඅයට යමක් සටහන් කරනව


දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හන්ගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගුරුනදා
බිරිඳකගේ සෙනේ ගියා
යෝඅද ඇලේ නැමෙමේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ


කොලඹ අහස කලු කරගෙන
මුහුදු හුලඟ අඬලන කොට
ඔටුන්න බිම දා සැනකින් එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ
මම එන තුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ



මේ රචකය වෙන කවුරුත් නෙවෙයි රන්බන්ඩා සෙනෙවිරත්න ශූරීන්, ගුනදාස කපුගේ මහත්තය මේ ගීතයට තමන්ගෙ මදුර ස්වරයෙන් අපූරු පනක් දෙනව

අපි බලමු මේ පදපේලි වලින් පොඩි විචාරයක කරන්න පුලුවන්ඩ කියල



දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හන්ගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ



පැල නැති හේන කියන්නෙ තාත්ත නැති ගෙදරට මේ හේනට අකාලයට වැසෙන වැටි තමයි සැමිය නැති කාන්තාවට අනිත් පිරිමින්ගෙන් එන අයුතු යෝජනා. මේ අම්ම මේ පුතාට කවදහරි නරකක් වෙයි කියල හිතල දරුව වෙනුවෙන් කිසිම දේකට කැමති නොවී ඉන්නවා, අයුතු යෝජන ගේන පිරිමින්ටම ඇතිවෙනකම් ඉන්නවා
"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ" මේ ප්රශන සියල්ල අවසන් වෙනකන් වෙනස් නොවී එකම මතයක ඇය හිටිය කියන එක



නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගුරුනදා
බිරිඳකගේ සෙනේ ගියා
යෝඅද ඇලේ නැමෙමේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ



මුලු නුවර නගරය පුරාම තම්න්ට එරෙහිව නින්දා අපහස නගන කොට තමන්ගෙ බිරිඳ තමන්ව දාල යනව හරියට යෝධ ඇලේ වතුර ගලා බහිනව වගේ. යෝද ඇල කියන්නෙ ශ්රි ලාන්කීය වරිමාර්ග ඉන්ජිනේරු විද්යාවෙ මුඩුන් මල්කඩ හා සමාන දෙයක්. මොකද පොලොන්නරුවෙ කලා වැවේ ඉඳල අනුරාදපුරය තිසා වැවට කිලෝ මීටර 87ක් උඩුගන් බලා ජලය රැගෙන (පහල සිට උස් ස්තානයකට ජලය ගෙනයාම ) යන විශ්ම කර්ම ක්රමයක්, මෙහි ආනතින සටහන් වෙන්නෙ කන්ද පැත්තට කිලෝමීටර එකක් යනකොට බෑවුම අඟල් දෙකක් විදියට, මෙහෙම වතුර කන්දක් උඩට ගලා බහින එක හිතා ගන්නවත් බැරි දෙයක්. ඒ වුනාට මේක සිද්ද වෙනව රන් බන්ඩාටත් උනේ බිරිඳ දාල යාවි කියල ඔහුට හිතාගන්නවත් බෑ ඒත් ඒ දේ සිද්ද වෙලා තියනවා.



කොලඹ අහස කලු කරගෙන
මුහුදු හුලඟ අඬලන කොට
ඔටුන්න බිම දා සැනකින් එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ
මම එන තුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ



කොලම්ම්බ අහස කලුකරගෙන ව්හින වෙලාවෙ, මුහුදෙ හෝ හෝ ගාන සද්දය ඇසෙන වෙලාවෙ ඔහුට හිතෙනව මේ සියලුම දේ අතාරල අම්ම ගාවට දුවගෙන යන්න. කොහොමදමේ අම්ම ගවට දුවගෙන යන්න හදන්නෙ. අම්ම මැරිල, එහෙනම් යන්නෙ කොහොමද කියල හිතන්න බුද්ධිමත් පාටක ඔබට බාරයි,






No comments:

Post a Comment