Sunday, November 22, 2015

(27) වැහිදිය මහ බිම තෙමුවට - දීපිකා පියදර්ශනී


ප්රේපමය මගින් ඇතිකරනු ලබන්නේ සොම්නස පමණක් නොව,දොමනසද ඇති කරලයි.එය වූ කලී ප්රේ‍මයේ ස්භාවයයි.ප්රේ මය නිසාම දොම්නසට පත්වූ තරුණියකගේ මනොභාවයන් මෙම ගීතය තුළින් විවරණය වේ.මෙම ගීතය ගායනා කරනු ලබන්නේ විශාරද දීපිකා පියදර්ශනී පීරිස් මහත්මය විසිනි.සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙනි.පද රචනාව නුවන් ලියනගේ ගෙනි.

වැහිදිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද
රැ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රැ විතරද
විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද...........


තමාගේ දුක කියාපෑමට ඇය ස්භාවදහමේ සිද්ධාන්තයන්ද උපයෝගී කරගනී.වැහිදිය මහපොළව තෙමුවද මහපොළව තෙමන්නේ වැහිදිය පමණක්ද?ඇයි කදුළු වලට පොළොව තෙමිය නොහැකිද?ඇගෙන් වැටෙනා කඳුලු බිංදු වලින් ද ධරණී තලය නැහැවෙයි.රෑ අහසේ තරු තිබුනද තරු තිබෙනුයේ
රාත්රිහයට පමණක්මද?ඇගේ ඇසෙන් ගලනා කඳුළු කැට ද කරුමෙන් දිලිසෙයි.එයයි මෙමගින් ව්යං්ග්යාමර්තවත් කරලයි.විහඟුන් පෙම් ගී කියන බැව් සැබෑය.එහෙත් පෙම්ගීත ගයනුයේ විහඟුන් පමණක්මද?මැයද ගයන්නේ පෙම් ගීතයක් නොවන්නෙහිද?අවසාන පාදයෙනි මෙම ගීතයේ ප්රඟධානාර්ථය හෙළිවන්නේ.එනම් ඇයට සිටින්නේ ඔහු පමණක් වුවද,ඔහුට සිටින්නේ ඇය පමණක්ද?නැත.ඔහුට තවත් පෙම්වතියන් සිවී.මැයගේ දුකට හේතුවද එයමය.කෙසේ වුවත් මැය එය දරාගෙන සිටින බැව්පෙනේ.ඒ ප්රේවමයේ නාමයෙනි.

රෝස පතක කවී ලිව්වේ
සුවඳ දිදි තියාගන්න
මේ විදියට ගී ගැයුවේ
ඉන්න තැනකදී ඇහෙන්න.......
උස අත්තක මලක් උනේ
ගවු ගනනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න..........

රෝස පතක ඇය කවි ලීවේ ප්රේමයේ සුගන්ධය නිරතුරුවම ඇය තුළ රදවා ගැනීමටය.රෝස පාරිශුද්ධ ප්රේමයේ සංකේතයක් බඳුය.ඇය මෙලෙසින් ගී ගැයීමට හේතුව කුමක්ද?ඒ ඔහුට තම දුක ඇසෙන්නටය.අඩුම තරමේ එවිටවත් ඔහු තමාගේ දුක තේරුම් ගනීවි යැයි ඇය සිතයි.ඇය ඔහුට පෙම් කරමින් සිතන්නට ඇත්තේ ඔහුගේ ප්රේමය උපරිමෙන්ම භුක්ති විදීමටය.ප්රේමයෙන් ඉහළින්ම වැජඹෙන්නටය.එසේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම අරමුණ වන්නට ඇත.නමුත් අවසානයේ ඇයට සිදුවූයේ ඔහුගේ පෙම්වතියන් රෑනෙන් කෙනෙකු වීමටය.තමන්ට දහසක් දේ බලාපොරොත්තු විය හැක.එහි වරදක් නැත.නමුත් එපමණින් බලාපොරොත්තු වූ සියල්ල අනිවාර්යයෙන්ම සිදුවෙතැයි අපට සිතීමට අයිතියක් ඇද්ද? මැය තම පෙම්වතාගේ ප්රේමය අංශු මාත්රයක හෝ වෙනකකුට නොයා යුතුය යන තිර අදිටනින් සිටි කරුණියකි.නමුත් ඇයට එම වාසනාව නම් උදා වී නැත
එසේම මෙම ගීතයේ පද රචනාව,සංගීතය හා ගායනය යන ත්රිලක්ෂණයම මැනවින් ඒකාබද්ධ වී ඇතඑය මෙම ගීතයේ සාර්ථකත්වයට හේතුභූත වී ඇත.විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක්ද ඇත.මෙහි වැසි ජලය වැටෙන රිද්මය පවා සංගීතය තුළින් නිර්මාණය කොට ඇත.





1 comment:

  1. ලැජ්ජා නැද්ද හොරකන්න මගේ ලිපි ටිකමගේ බබොලොග් අඩවියේsadarasyahana.blogspot.com මා විසින් පළ කර තිබූ ලිපි සියල්ලම නීච,පල් හොරකු විසින් සොරකම් කර ඔහුගේ බොලොග් අඩවියේ පළ කර ඇත්තේ ඔහුගේ ලිපි ලෙසිනි.මහාචාර්ය තොම්සන් ලෙසින් පෙනී සිටින මෙම සොරා පවත්වාගෙන යන බොලොග් අඩවි ලිපිනය මෙන්න.
    geerasawindana.blogspot.com

    ReplyDelete