Tuesday, November 17, 2015

(17) සෙනහසක අරුතක් පුරවන්නට - අසංක ප්රියමන්ත පිරිස්


අපි කාලාන්තරයක් පුරාවට අත් විදි සෙනහසේ අර්ථය ගැන මට තේරුම් ගන්නට තවමත් අපහසුය. මම අහසේ තරු ගැනීමෙන් වෙරළේ රල පෙළ දිහා දෑස දල්වාගෙන මේ සෙනහස තේරුම් ගැනීමට දරු උහ්සහයෙන් අද පලක් වී නොමැත. ඒ කෙසේ වෙතත් මට කියන්න ඔබ එදා පැවසු පරිදි ආදරයේ ආදරයේ සීමාවක් නොමැති නම් අය අද අපි මෙලෙස දෙතැනක තනිවී වෙන්වී සිටින්නේ.




මල් පඳුරක සිඟිති මල් කකුලක් සිඳී ගියවිට එහි නටු මත ඇතිවන විස වගේම, මගේ හදවතේ පිපුණු ඒ සෙනෙහසේ මල් කකුල සිඳී ගියෙන් මගේ හදවතෙන් විස තිබුනා. ඔබ දන්නවද බිඳුණු බඳුනක් කොපමණ පිළියම් යෙදුවත් එහි කැළලක් මතුවේ පෙනෙනවා, ඒ හා සමානව ඔබ මගේ සෙනෙහස සිඳී බිඳ දමා මගේ හදවතෙන් කැළලක් ඇති කරනු ලැබුවා.



පෙර අත් බවයකදී මා කරන ලද අකුසල කර්මයක් නිසා අද මගේ ජීවිතය දුකෙන් පිරුනා, මා ඔබට මගේ දෑත දිගු කර සෙනෙහස ඉල්ලු හැමවිටකම ඔබ ඉවත බලාගෙන දුරකින් දුරකටම ඇදුනා. මේ සියල්ල සිදුඋයේ මා පෙර අර් බවයකදී කරන ලද අකුසලයක් නිසා බව මට දැන් වැටහේ. නමුත් ඔබෙන් මා සෙනෙහස ඉල්ලු හැම විටකම ඔබ ඉවත බැලුව වගේ දෙයක් වෙන කිසිම කෙනෙකුට වෙන්න එපා කියා මා ප්රර්ථනා කරනවා.




සෙනහසක අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මා ඉමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුලක් සිදුලින් හදවත පිපුණූ
කඳූලෙත් කටුමත විස තිබුනා
බිදුනොත් බදුනක පිළියම් කරනට
බැරි කැලලක් මතුවී පෙනෙනා

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා...

ගායනය : අසංක ප්රියමන්ත පිරිස්






No comments:

Post a Comment