Wednesday, April 13, 2016

(36) සියක් ආයු ලැබ - ටී.එම්.ජයරත්න


ගත රුහිරු කිරි කර රජ පුතුන් තනන
දිව රෑ වෙහෙසවී
තම සුඛවිහරනය නොපතන
තම දූ දරුවන්ගේ
මතු දිවියම පතන
සුව හසක් වූ
ගෙදර බුදුන් වූ
මවු සෙනෙහසට කරෙන ගීතමය විචාරවත් උපහාරයයි මේ

තම මව වෙනුවෙන් පුත්රෙොයකුට කළ හැකි උසස්ම උපකාරය කුමක්ද?ඒ තම මව තවත් චිරාත් කාලයක් වැජඹෙන ලෙස ප්රාරර්ථනය කිරීම නොවේද?මෙහි කථකයාද තම මව එලෙසින් දීර්ඝායුෂ පතයි.ඔහු පතන්නේ තමාගේ ආයුෂද ගෙන ඇය දිගුකල් වැජබේවා ලෙසයි.මෙය වූ කලී කථකයාගේ හදවතින් උතුරා යන මවු සෙනෙහස නොවන්නෙහිද?තමාට ජීවිතය දුන් මවට නැවත එම ජීවිතය පරිත්යා ග කිරීමට තරම් ඔහු තම මව කෙරෙහි මහත් සෙනෙහසින් බැඳී ඇත.
තම පෙව්වතියට ඇඳුම් මිළඳී ගැනීමට මුදල් නොදුන් නිසා තම මව ඝාතනය කරන පුතුන් සිටිනා රටක මෙවැන්නන් සිටීදැයි ඔබට කුකුසක් පැන නඟින්නද පුළුවනි.නමුත් මවකගේ සෙනෙහස තේරුම් ගන්නා පුතුයින් ඉඳහිට හෝ සිටී.විශාකාව යනු බුද්ධ සාසනයේ අග්ර දායිකාවයි.බෞද්ධ සාහිත්යටයට අනුව ඇය බුදු සමයේ සිටි උතුම්ම කාන්තා රත්නයයි.තම මවද විශාඛාව වේවා මොහු යැයි පතන්නේ තම මව කෙරෙහි පැවතියා වූ අසීමිත භක්තිය පෙරදැරිකොටගෙනය.



සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවන් වේවා
මෙතේ බුදුන් කළ ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා ...

අතොරක් නොමැතිව දුත් කදර,නින්දා අපහාස ලැබුනද,ඒ සියල්ල සම සිතින් විඳදරා ගැනීමට තරම් මවකගේ හදවත දැඩිය.එසේම තොතරම් දුක් පීාවන්ට ගොදුරු වුවද මවක් ධරණී තලය මෙන් නිහඬව නිසලව ඒ දෙස බලා සිටී.මවකට තරම් දයාබරිත එදවතක් ලොවේ අන් කිසිවකුටත් නැත.ඇගේ එම නිරායාසයෙන් ගලාඑන අව්යාරජ ආදර ගීතය මුළු නොව සනසන්නක් වොවේද?කථකයා පතනුයේද තම මවගේ හදෙන් ගලා එන ආදර ගීතයට මුළු ලොවම සනහාලන්නට හැකිවේවා!කියායි.අපිද එලෙසින්ම පතන්නෙමු.

මහ පොළව සේ නිහඩ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා

දස මසක් කුසෙහි දරාගෙන මෙලොවට බිහිකර ඉන් නොනැවතී,උණුසුම් ලේ කිරිකොට පොවා ආදරයෙන් බලාගන්නී මවයි.ඇය මියයනතුරුම සිතනුයේ දරුවන් ගැන විනා තමන් ගැන නොවේ.සැබවින්ම ඇයට ඒ පිළිබඳ සිතන්නට වෙලාවක්ද නැත.බොහෝ මව්වරුන් තම මුළු ජීවිතයම කැප කරන්නේ තම දරුවා වෙනුවෙනි.ඇයගේ හදෙන් ගලාඑන සෙනහසට සමාන කළ හැකි අන් කිසිවක්ද මේ දෙරණේ නැත.එතරම් ආදරයක් සෙනෙහසෙහි සුවඳක් ගලා එන මවු හදවත නිවන් මඟහෙළිකරන පහන් කණුවක් නොවන්නෙහිද?නිවන් මඟ යනු බෙීද්දයකුගේ ඒකායන ප්රා්ර්ථනාවයි.මවකගේ හදවත නිවන් මඟට හෙළිකරනා පහන් ටැඹකට සමානකිරීමෙන් මව උත්තරීතර මෙන්ම පරමාදර්ශී දරිතයක් බවට පත් කරයි.මෙමගින් හෙළිවන්නේ කථකයා සතුව .ම මව පිළිබඳව පැවතියා වූ අසීමිත කරුණාව හා දයාවයි.

ගතේ රුහිරු ලේ කිරිපෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මවු හදවත
නිවන්පුරයට යන මංපෙත හෙලිකළ
පහන් ටැඹක් වේවා ...

මෙම ගීතය ඇසෙන මොහොතක් පාසා හද ශාන්තිදායක කරවයි.එසේම අප තුළ පහන් හැඟීමක් ඇති කරලයි.මෙම ගීතය රසවිඳීමෙන් පසුව එක් අයකු තුළ හෝ තමවම පිළිබඳ ආදරයක් සෙනෙහසක් ඇතිවෙවායි!යන්න අපේ පැතුමයි.එවිටය අප කළාවූ මෙම ප්රබයන්තය මල්ඵල ගැන්වෙනුයේ.තවද මෙම ගීතය සඳහාසපයා ඇති ශාන්තිදායකමෙන්ම සිත පහන් කරන සංගීතය වෙනුවට වර්තමානයේ ඇතමුන් ඉවක් බවක් නැතුව එකතු කරන ලද සංගීතය සංයෝජනය කළහොත් මෙමගීතටයන් ලද එැකි ශාන්තිදායී වූ හැඟීම ලද හැකිද?එසේම රඹුක්කන හිමියන්ම ලියා දීපිකා පියදර්ශනී පිරිස් ගයන මෙම මව් ගුණ ගීතයද සමස්ත මව්වරුන්ට පිදෙන උපහාරයක් ලෙසින් මෙසේ සටහන් කරමි.

”කඳුළු හෙළා නෑඹිලියට සහල් ගරන අම්මා
සුසුම් හෙළා ගිනි දළු ගෙන ලිප මොළවන අම්මා
වෙල් දෙණිවල ඇවිද ගොසින් වෙරළු ගෙනත් අම්මා
ඉණි වැට ළඟ බලා හිඳී අප එනතුරු අම්මා................”

රඹුක්කන සිද්ධාර්ථ හිමියන් ලියා එච්.එම්.ජයවර්ධනයන් සංගීතවත්කොට ටී.එම් .ජයරත්නයන්ගේ හඬින් ගැයෙන මෙම ගී කාව්ය්ය සමස්ත මව්වරුන් වෙනුවෙන් පිදෙණ අති රමණීය නිර්මාණයකි.එසේම මෙම ගීතය ලාංකීය මව් ගුණ ගීතාවලියේ ඉහළින්ම වැජඹෙන ගීතයක් ලෙසින් හඳුන්වා දිය හැකිය.





No comments:

Post a Comment