Wednesday, April 13, 2016

(58) මා ඉතින් යන්න යනවා - විශාරද සුනිල් එදිරිසිංහ



මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි //

ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි

මා ඉතින් යන්න යනවා...

සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා...



මහැදුරු හදිරිවීර සරච්චන්ච්රුයන්ගේ සුරතින් රචිත මළගිය ඇත්තෝ නවකතාව බොහෝ ගේය පද රචකයන්ට වස්තු බීජ සපයන්නක් විය.එය වස්තු විෂය කරගනිමින් වැඩිම ගීත ප්රිමාණයක් රචිත ගීත රචකයා ලෙසින් රත්න ශ්රීබ විජේසිංහ හැඳින්වීම වඩාත් නිරවද්යර බැව් මගේ හැඟීමයි.දෙවෙංදොරා සං නොරිකොගෙන් සමුගෙන කියෝතෝ බලා යෑමට සූදානම් වන මොහොතේ ඔහු හා නොරිකො සං අතර කෙරුණු පහත සංවාදය මෙම ගීතයට පමණක් නොව බොහොමයක් ගීත සඳහා වස්තු විෂය විය.





“යන්න එපා දෙවොංදරා සං”
“කොහොමද නොගිහින්?මං ඉඳල පලක් නෑනෙ........”
“යනව නම් දෙවෙංදොරා සංගෙ සිරුරෙ සුවඳ-මේ ඇඳුම් වල සුවඳ තියල යන්න....”
ප්රේයමයේ වියෝ දුක සිත් සතන්හි ජනිත කරවන මේ දුක්දුසු මොහොත ගේය කාව්යඳයන් සඳහා මහැඟි වස්තු විෂයක් වන බව හඳුනාගැනීමට තරම් අප ගේ ගේය පද රචකයින් ප්රයතිභාන්විත විය.මෙම ගීතය එයට කදිම නිද්ර්ශනයකි.


මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි



ලෝකයේ සියල්ල අනිත්යරය.ප්රේ මයටද තත්වය එසේමැයි.ආදරවන්තයින්ගේ හඳවත්හි ඇතිවන්නා වූ යප්රේ්ම නමැති බන්ධනය බිඳීගිය කළ ඇතිවන්නේ මහත් ශෝකයකි.නමුත් සාහිත්යායයේ එයද රසයකි.බොහො දෙනෙකු විරහ ගීතවලට වුවද පෙම්බඳුනුයේ එහි රසයක් ඇති හෙයිනි.එසේම එවැනි ගීතයන්ට විරහ වේදනාවෙන් පීඩිත හදවත් සනහාලන්නට හැකියායක්ද ඇත්තේය.උක්ත ගීතයද එකී හැකියාවෙන් පිරිණු ගීතයකි.මෙම ගීතයෙන් ප්රකකාශිත වන්නේ පරාජිත ප්රේේමවන්තයෙකු ගේ මනොභායන්ය.ඔහුටද තමා පෙම් කල පෙම්වතිය ගෙන් සමුගැනීමට සිදුව ඇත.ඒ වූ කලී තාවකාලික සමුගැනීමක් නොව සදාකාලින සමුගැනීමකි.ඔහු ඇගෙන් වෙන්වයාමට අවසර පතයි.මින් මතුවට ඔහුට ශේෂ වනුයේ අතීත මතකයන් පමණකි.එම මතකයන් ඔහුට කදුළක් විනා සිනහවක් උරුම කරවයිද?එසේ නමුත් ඔහු ඇගෙන් වෙන්ම යනුයේ එම මතකයන්ද කැටුවය.



ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි



ඇගේ ප්රේපමයෙන් ඔහු ලද ආලෝකය අපමණය.ඇය පුර හඳක් මෙන් පායා විත් ඔහුගේ දිවිය ඒකාලෝක කළේය.එනමුදු ඇය ඔහුගේ දිවියෙන් පිටව යන්නේද එම ආලෝකය රැගෙනය.එකී ආලෝකය ඇගේ ප්රේයමයෙන් ඔහු ලද්දා වූ ප්රීපතිජනක සිතුවිලි ධ්වනිත කරයි.ඔහුගේ දිවියට නැවතත් උදාවනුයේ අඳුර පමණකි.මෙතැන් සිට ඔහුගේ දිවියට අමාවක උදාවනු ඇත.ඔහුගේ මතකයේ ඇත්තේද එපමණකි.අඳුර ඔහුගේ දුක්මුසු මනෝභාවයන් සංකේතවත් කරයි.මින් මතුවට ඔහු ප්රේේමයෙන් පරාජිත අසරණයකු වනු ඇත.ඔහුට දුක්බර දතකයන් පමණක් හඳට තුරුලු කොටගෙන සිටින්නට වනු ඇත.ඔහු ලද්දාවූ ප්රේතමයෙන් අවසානයේ ඔහුට උරුම වනුයේ එය නොවන්නෙහිද?



සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි



සිත ශෝකයෙන් පීඩිත වූ කල සිත සනසා ගැනීම පිණිස අප විවිධ අයුරින් සිතයි.මොහුද එසේමැයි.සඳ එළිය අයිති ලොවට නොවන්නෙහිද?සඳ අයිති අහසට නොවන්නේදැයි? ඔහු අසයි.එයින් ඔහු කියන්නට උත්සාහ දරනුයේ තමාට ඇය අයිති නොවන බැව් නොවේද?කෙසේ වුවත් පරාජිත පෙමවතුන්ට අවසානයේ උරුම කඳුළු පමණක් ඔහුටද උරුමය.

රත්න ශ්රීජ විජේසිංහයන් විසින් ලියා ආචාර්ය රෝහණ වීරසිජහයන් විසින් සංගීතවත් කරන මෙම ගීතයට පරාජිත ප්රේජමවන්තයා ලෙසින් තම මධුර හඬින් ජීවය කවනුයේ විශාරද සුනිල් එදිරිසිංහයන්ය.ප්රේ‍මයේ දුක්ඛිත ස්වරය නිරූපිත මෙම ගීතය එක් නිර්මාණයක් තවත් නිර්මාණයක් බිහි කරලීමට වස්තු විෂය සපයමින් දායන වන අන්දමට කදිම කිදසුනකි.






No comments:

Post a Comment