ලොව හටගන්නා වූ සෑම ප්රේමයක්ම විවාහයෙන් කෙළවර වන්නේ නම් කදිමය.නමුත් එය එසේ නොවන්නේය.ඇතමුන්ට අවසානයේ හිමිවන්නේ විරහ වේදනාව පමණි.වර්ගය,කුලය,ධනය,ජාතිය,
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...
විකසිත වූ පොකුරු පියුම් මනරම්ය.අතිශය සුන්දරය.එම පියුම් සුනු විසුනු කොට ඈ වෙනකෙකු හා පතිකුලයට යයි.නමුත් ඔහු ඇයට තවමත් ප්රේම කරයි.ඇය තවමත් ඔහුගේය.එහෙයිනි ඔහු ඇයට ආමන්ත්රණය කරනුයේ කරනුයේ මගේ සොඳුරු ළඳුනේ ලෙසිනි.තමාව අමතක කොට විවාහ වන්නා වූ කාන්තාවකට තවමත් එලෙසින්ම ආමන්ත්රණය කළ හැකිද?එමගින් ඔහු තුළ ඈ කෙරෙහි ඇති ප්රේමය නිරෑපණය වේ.
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ.
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...
ඇය විවාහපත් වුවද ඈ සිටින්නේ තනි යහනකය.මන්ද ඇය ප්රේම කළේ ඔහුට බැවිනි.ඹවුන්ගේ අතීත ප්රේම සැමරුන් සිහිපත් වී ඇය ඉහ ඉද්දර කදුළු සලයි.ඇයට විරහ ගිනි නොදැනේවා යැයි ඔහු පතයි.සැබෑ ප්රේමයේ ස්වරූපය එයයි.තමාගෙන් වෙන්ව ගියද තමාගේ ආදරවන්නයාට හෝ ආදරවන්තියට වෛර කිරීමට සෑබවටම ප්රේම කළ තැනැත්තකුට කළ නොහැක.මෙම කතාකයාද ප්රාර්ථනා කරන්නේ ඇගේ සතුටයි.
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...
තමා ඇයට පෙම් කළාක් මෙන්ම ඇයද ඔහුට පෙම් කළ බව ඹහු දනී.එනිසාම ඇයට තනිකමක් හා පාලුවක් දැනෙන බව ඔහු දනී.කළුවර ඇයගේ ශෝකය සංකේතවත් කරයි. ඔබ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා යනුවෙන් ඔහු පතයි.නමුත් එසේ වන්නේ කෙසේද ?ඈ හදවතින් වැළපෙන කල!ප්රේමයේ විරහ වේදනාව මේ යැයි කියන අගනා ගී මිණකි මේ.
මෙම අගනා ගීතයේ ස්වරරචනය ආචාර්ය ප්රේමසිරි කේමදාසයන්ගෙන්ද,පදවැල් ආචාර්ය අජන්තා රණසිංහගෙන් වන අතරය ගායනය පණ්ඩිත් අමරදේවයන්ගෙනි.ශ්රී ලාංකීය ගීත සාහිත්යය තුළ බිහි වූ අගනා ගී මිණක් ලෙසින් මෙය හැඳින්විය හැක
විකසිත පෙම්...
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...//
හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...//
විකසිත පෙම්......
තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...//
විකසිත පෙම්.
No comments:
Post a Comment