Wednesday, April 13, 2016

(51) සඳ එළිය මමයි නම් සඳ සාවි මගෙ මැනික - ශශිකා නිසන්සලා



ගොඩාක අය මේක සමලින්ගික අර්තයක් ගැන කියනව, මට නම් මේකෙ එහෙම අර්තයක් හොයාගන්න ඇත්තටම අමාරු වුනා. ඇත්තටම එහෙම අරුත එන හැටි අවුරු හරි දන්නවනම් මට කියල දෙන්න තරම් කාරුනික වෙන්න කියල ඉල්ලා සිටිනව පලමුවෙන්ම.

ප්රවීන ගීත රචක වසන්ත ලියනගේ මහත්මයා රචනා කරපු ශශිකා නිසන්සලා ගායනා කරන සඳ එලිය මම නම් ගීතය දිහාට අපි පොඩ්ඩක් හැරෙමු. එක්තරා තරුනයෙ හා තරුනියක් ආදරයෙන් බැඳිලා කාලයක් හොඳින් ජීවත් වෙනවා පස්සෙ මේ දෙන්නට අකමැත්තෙන් උනත් වෙන් වෙන්න වෙනව, දුඉන් දොම්නසෙන් කාලය වේගයෙන් ගිහින් එක්තර දිනයක් මේ යුවතියට මේ පෙම්වතා එවපු පෙම් ලිපියක් හමු වෙනවා. ඒක තමයි මේ ගීතයට ප්රස්තූතය වෙන්නෙ.



සඳ එළිය මමයි නම් සඳ සාවි මගෙ මැනික
තරු එළිය මමයිනම් කුමුදුනිය මගෙ මැනික
ලස්සනට ඔබ ලීව
පෙම් වදන් දකින සඳ
සියොළඟම දැවේවී
අවුලුවා හද ගින්න
සාගරේ තරමටම
උණු කඳුලු සලාලා
ආදරේ දුක තරම
මම කියමි හදාලා
සඳ එලිය මමයිනම්......
මල් පිපෙන තරමටම
හද පැතුම් පිපේවා
තරු දිලෙන තරමටම
ආදරේ දැනේවා
සඳ එලිය...



සඳ එලිය මම නම් සඳ සාවි මගෙ මැනික
සඳ එලිය කියන්නෙ ගතට සිසිලසක් දැනෙන විඩාව නිවන හිත නිවන බොහෝම සෞම්ය දෙයක් හැටියට තමයි අපි දකින්නෙ. එතකොට සඳ කිරන නැත්නම් සඳ එලිය එන්න නම් සඳක් තියෙන්න එපැයි. සඳ නිසා තමයි මේ තරම් සිසිලසක් සුපසන් බවක් පරිසරයේ ඇති වෙන්නෙ. මේ පෙම්වතා කියනව ඔබ සඳ එලියෙන් ආලෝකය දුනව වගේ ඔබේ ආදරයෙන් මගේ ජීවිතය සිසිල් කලා, මගේ විඩාව දුරු කරා ඉතාමත් මදුර උපමේයක් බවිතා කරල තියනව අදහස සඟවන්නට

තරු එලිය මම නම් කුමුදුනිය මගෙ මැනික
සාමාන්ය ජන වහරෙ කියනව තරු ගොඩාක් පායල තියන රාත්රියකින් පස්සෙ ඕලු නෙලුම් මානෙල් මල් පිපෙනව කියල, අපේ ගැමියො එහෙම විස්වාස කරනව, කුමුදු කියන්නේ මානෙල් මල් වලට එතකොට මේ පෙම්වතා පෙම්වතීට කියනව මගේ ආදරය නිසා ඔයත් හරියට නෙලුම් මලත් විකසිත වෙනව වගේ ඔයාත් විකසිත උනා නැත්නම් අලෝකය ලැබුවා කියල. ඉතින් මේ තරුනියට මේ වගේ ආදරබර පෙම් ලිවුමක් දකින ව්ට හදවත කොනක පුන්චි දුක් ගින්නක් ඇවිලෙන එක එතරම් ලොකුදෙයක් නෙවෙයි කියල විරහ වේදනාව විඳ ඇති ඔබත් මමත් අපි හැමෝම දන්නවා.

වියෝව විරහව හිතට දැනුනාම කඩා වැටෙන කඳුලු කැට ගැන අමුතුවෙන් විචාර කරන එක කිසිම තේරුමක් නැති දෙයක් මේ පෙම්වතියත් වැටිච්ච කඳුලක් ගානෙ තමන්ගෙ දුක කඳුලුවලට කියල අවසන් පේලි දෙකේ මෙහෙම පුන්චි ප්රාර්තනයක් කරනවා

මලි පිපේ තරමටම හද පැතුම් පිපෙවා
මල් කියන්නෙ ඉඳල හිට පිපෙන ජාතියක් නෙවෙයි හැමදාම පිපෙන දෙයක් ඉතින් මල් පිපෙනව වගේම දිනයෙන් දිනය ඔබගේඅ ඇතිවන සියලුම ප්රාතනාවන් විකසිත් වේවා 

තරු දිලෙන තරමටම ආදරේ දැනේවා තරු කියන්නේ හැමදාම අහසෙ පායල තියන දෙයක් ඒ වුනාට හඳ හැමදාම පායන්නේ නෑ ඒක නිසා තරු බැබලෙනවවගේ හැමදාම ආදරේ දැනේවා





1 comment:

  1. ගීතය පුරාම ශශිකා.....ඔයාගේ මනරම් හැගීම්බර හඩ මා දෙසවන් වලට ඇසෙද්දී....ගීත කෝකිලාවියේ ඇයි මේ ගැයූ ගීත වලින් සෑහිමකට පත්වී හත අරින්නේ කියා මට අසන්න සිතෙනවා තවත් පරපුරක් ඔබේ ගී රසය විදීමට නෙත් දල්වා බලා සිටින බව අමතක නොකරන්න.....එත් ඔබ ගැන මා පුදුම වෙමි. හතු පිපිඑන්නක් මෙන් ගී ලොවට ගී ගැයෙද්දී, ඔබ තෝරා බේරා ගත් වියන්ගාර්ත්යක් ඇති මනරම් ගී ගැයීම ගැන..ගී පද වලට චමත්කාරයක් දෙන රසික සිත් රූ මවන හඩක් හිමි ඔයාගේ මේ ගීතයට ලියවී ඇති අපුරුම සත්‍යයේ විචාරය මම " ස්වර වර්ණ ගී මිහිර වෙත යොමු කරමි.

    ReplyDelete