Wednesday, April 13, 2016

(37) කන්ද පිරිමැද - සේනානායක වේර ලියද්ද


කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට 
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නන්ගියේ අපි දැන්ම මග බැහැලා //

අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින්//
ගෙවා අටවක වැඩෙයි අවසඳ නොවී ඉමු ඉක්මන්

කන්ද පිරිමැද .............

ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් //
පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්..

කන්ද පිරිමැද.......//





සියඹලන් ගමුවේ අමරදාස ශූරීන් විසින් පද වැල් පබඳ ලද මෙම ගීතය පිලිබඳ බොහෝ අරුත් විචාර ඇති අතර එයින් මා වඩා යොග්ය යැයි, ගීතයට වඩා උචිත් යැයි හැඟෙන්නවූ විචාරයක් මෙසේ පෙල ගස්වන්නෙමු..

"කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට ඒවි හඳ පායලා"
හඳ පායන හැටි බලන් ඉන්න අපි ගොඩක් ආසයිනෙ ඒ වුනාට මේ හඳ පායන්නෙ හරි හෙමින් හෙමින්.ගේ කතකයාට මේ හෙමින් හඳ පායන එක පේන්නෙ කන්ද පිරිර්මැදගෙන හෙමීට හෙමීට ලන්ද මුදුන හඳ පායගෙන එනව. ඒ කියන්නේ

ආදරය කියන එකත් ටිකෙන් ටිකා ආදරය කරල කරල දැන් අවිල්ල තියනව පොඩි සන්දිස්තාය්නයකට. මොකක්ඩ මේ සන්දිස්තානය විවාහය කියන සන්දිස්තානයට. මේ පෙම් යුවලගෙන් පෙම්වතියගෙ ගෙදරින් මේ විවාහයට අකමැති වෙලා පෙම්වතියට බල කරනව මේ සම්බන්දය නවත්වන්න කියල, ඒත් මේ පෙම්වතිය මේ සම්බන්දය නවත්වන්න කැමති නැහැ. තවත් පොඩි ප්රශ්නයක් තියනව ඒ තමයි මේ පෙම්වතිය බොහො පොඩි ලමයෙක් ත්වම වැඩි වියටවත් පත් නොවූ දැරිවියක්. එක නිසා මේ පෙම්වතාට මේ පෙම්වතීව විවාහ කරගන්නත් බෑ. ඒ දුකින් පෙලෙන කතකයා පෙම්වතියට මෙහෙම කියනවා.

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නන්ගියේ අපි දැන්ම මග බැහැලා //

අපේ මේ ආදරය හඳ පායනව වගේ ලස්සනාට බොහෝ කාලයක් ගෙවිල ඇවිත් තියනව
"වන්දනාවක යන්නෙ කොහොමද නන්ගියේ අපි දැන්ම මග බැහැලා'
විවාහය නැත්නම් විවාහ ජීවිතය කියන වඳනාව අපිකොහොමද ගෙවන්නේ අපි, විවාහා කියන්නෙ මුල් කාලෙ බොහෝම රාගිකව ගත කරන කාලයක්. මේ තරුනය අහනව මේ වැඩි වියට පත් නොවෙච්ච් ඔයත් එක්ක කොහොමද මම එහෙම හැසිරෙන්නෙ, ඇය තාම කුඩා දැරිවියක්


අරලියා මල් ඔහේ පිපුන පෝය නෑ ඇවිදින්
විවාහ වෙන්න තරම් ප්රශ්න ආවට අපිට තවම විවාහ වෙන්න නිසි කලවයස ඇවිත් නැහැ,
පෝය ආවම මලුත් අරගෙන අපිත් යමු පන්සල්


නිසි කල වයස ආවම අපිත් විවාහ වෙල හොඳට ලස්සනට ජීවිතෙ ගත කරමු කියල පොඩි ඉල්ලීමකුත් ඒ එක්කම කරනව.


ගෙවා අටවක වැඩෙයි අවසඳ නොවී ඉමු ඉක්මන්

අටවක සඳෙන් පස්සෙ එන්නෙ පොය සඳ එහෙමත් නැත්නම් පුර හඳ. ඒ කියන්නෙ පුර හඬ ලබන්න බොහොම ලඟයි, මේ ප්රශ්න ඔක්කොම ඉක්මන්ට ඉවර වෙයි, ඒ වෙනකන් අපි ඉක්මන් නොවී ඉමු, බලන්න මේ පෙම්වතියගෙ හිත හඩන්න කතකය යොදා ගෙන තියන ගීතමය උපමාවන්

ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් //
පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්..

අවසානයට කියනව ගෙදර බුදුන් එහෙම නැත්නම් අම්ම තාත්ත ලඟ අම්ම තාත්තගෙ ආශිරව්වදය යටතෙ මේ පොඩි කාලයත් නැත්නම් නිසි කල වයස යනකන් ඔයා ඉන්න, පෝය ආවම නැත්නම් නිසි වෙලාව ආවම මම ඇවිත් ඔයාව විවාහ කරගන්නම්
උපමා හා උපමේය යොදා ගෙන සමාජයේ හා ආදරය කියන දෙහි සියුම් තැනක් සඟවා රචිත ඉතාමත් ඉහල ගනයේ නිර්මානයක් ලෙස මා දකින ගීතය සේනානායක වේර ලියද්ද මහත්මයගෙ මියුරු තනුවෙන් හා මියුරු හඬින් තවත් වර්නවත් වෙනව.






No comments:

Post a Comment