Wednesday, April 13, 2016

(57) කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී - විශාරද නන්දාමාලිනි



කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී



පෙම්වතුන් යුවලක් ප්රේමයෙන්බැඳුණු පමණින් ඔවුන්ට එක්වීමට ඉඩදීමට තරම් සාජයකාරුනික නැතුව සේම ඊට සූදානම්ද නැත.සමාජය විසින් ඔවුන් එකිනෙකා නොයෙකුත්තහංචි හා බාධකයන් පමුනුවති.කුල මල ආගසම්ජාති භේදය ,කන්යාභාවය,ධකයයනාදිය එයින් සමහරකි.මෙකී තහංචි බිඳගෙන ගොසික් සාර්ථකත්වය ලබකුවේසවිමත් ප්රේම බන්ධනයන් කිහිපයක් පමණි.මෙම ගීතය තුළින් ද නිනරනය වනුයේඑකී සමාජ බන්ධනයන් හ්තුවෙන් එක් වීමට නොහැකිව ලතවෙන ප්රේමයක දුක්මුසුහැගුම් සමුදායයි.







කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී



රසවින්දනය කිරීමේ පහසුව සඳහා මෙම ගීතයේ කථකයා පෙම්වතුකු රසවින්දනය කරමි. කඩ මණ්ඩියේ දොළ අයින ැනි හැම තැනකදීම ඔහුගේ නෙතුගැටෙන්නේ ඇඟේ රුව වෙතටයි.නමුත් ඒ රුව සිතු සේ දැකගන්නට ඔහුට හැකියාවක්නැත.එයට බෝහෝ බාධකයන් ඔවුනට හරස් වේ. නැවතී බලනවා මොහොතක්කොහොම හරී යන්නෙන් ත සිත බැඳි තරුණියගේ රුව දැකගැනීමට තිබෙන්නා වූඅසීරුතාවය කොතරම් දැයි සිතාගත නොහැකිද?පෙව්වතුන්ට කතාබස් කිරීමට දහසක්දේ ඇත.මොවුන්ටද එසේමය.නමුත් ඔවුන් එයට ඔවුන් ජීවත් වනසමාජයෙන් ඉඩක්නැත.එහෙයින් හඳ තුළ තෙරපෛන හැඟුම් සමුදාය කියාගත නොහැකිව ඔවුන් ලතැවේ.



ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා



ඔවුනට කිසිදා එක්වීමට නොදෙන සමාජ බලවේගයන් කොතෙකුත් ඇත.ඔවුන්දෙදෙනා දෙස දහසක් දෙදෙනා බලා සිටින හෙයින් ඔවුන්ට නිදහසේ වචනයක් දෙකක්වත් කතාකිරීමට සුළු හෝ අවසරයක් ඇත.ගහ කොළට ඇස් දහසක් ද,සුළඟට කන්දහසක් දඇත යන්නේ ඔවුන් වට කොතරම් බාධකයන් ඇත්ධ?කොතරම් දෙනා ඔවුන්දෙස උකුසු ඇස හෙළමින් සිටින්නේද යන්න ගම්යමාන නොවන්නෙහිද?අවට ඇත්තේදඉතා සියුම් කන් හෙයින් රහසින් වත් කතාබස් කරන්නට ඔවුනට ඉඩක් නැත.මේබාධකයන් මැද්දේ ඔහුට ඇය කිසි දිනක නොලැබෙන බැව් ඔහු හොඳින්ම දනී.එහෙයින්දෙදෙනා කතාබස් කිරීමෙන් සිදුවන්නේ දුක් වැඩිවීම පමණක්මැයිධ,එයට වඩා කිසිත්නොදොඩා සිටීම යෙහෙකැයි ඔහුට සිතේ.

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී

තම අදහස ප්රකිශ කිරීමට ජනකවියකු මෙන් විවිධ උපහඅරණ ගෙන දක්වයි.කොතරම්විශාල සයුරක් තිබුනද පලක් නැත.පිපායස සංසිඳුවාගැනීමට දිය දොතක් බොන්නටනොහැකි නම්.කොතරම් ළඳුන් සිටියද පලක් නනොමැත තමන් ආලය බැඳි ලඳ ලබාගතනොහැකිනම් යන්න එමගින් ව්යංග්යාර්ථවත් වේ.ඔරුවක් තිබුනද එය පැද යන්නටනොහැකි නම් ඉන් පලක් ඇද්දැයි ඔහු විමසයි.එයින් ඔහු ඉඟ කරනුයේ ලබාගතනොහැකි කායික ඇසුර නොවේද?දෑසක් තිබුන දතමන් දැකුමට ප්රිය ලද සිතුසේ දැකගත නොහකි නම් ඉන් ඵලක් ඇත්දැයි ඔහු විමසයි.කුසුමක් පිපී සුවඳ හැමුවට පලක්නොමැත.ඉන් රොන් ගත නොහැකිනම් ‘මොහු ඉන් ඉඟි කරනුයේද ලිංගික ඇසරනොවේද?කෙසේ නමුත් මෙම පෙම්වතාගේ ආලය රාගයෙන් විනිර්මුක්ත නොවූවක්බවනම් පෙනේ.තමාට ලබාගත නොහැකි සම්භෝග සුවය පිළබඳ ඔහු දුක්වන බැව් පෙනේ.

මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ අති විශිෂ්ට ගේය පද රචනාවෙන්ද ,විශාරද නන්දාමාලිනියගේ භාවපූර්ණ හඬින්ද ගැයෙනාමෙම ගීතය සංගීතවත් කරන ලද්දේ සංගීතවේදීඑච්.එම්.ජයවර්ධනයන් විසිනි.ඔහු සිතාරය උයෝගී කරගනිමින් මවන නාද රටා තුළින්මෙම ගීතයෙන් ප්රකාශිත ශෝකී රසය තීව්ර කරලයි.න්නා මාලිනියගේ හඬද මෙමගීතයෙන් ප්රකාශිත ශෝකය මුසු හැඟුම් දනවන්නට මැනවින් ගැළපේ.

උපුටා ගැනීමකි



No comments:

Post a Comment