Wednesday, April 13, 2016

(44) පලංචියේ ලී ඉරුවේ - සුනිල් එදිරිසංහ සමඟින් එඩ්වඩ් ජයකොඩි

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද..
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොදහිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද..

පලංචියේ...//

දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...

පලංචියේ...//





ප්රේිමයද නැතිනම් මිතුදමද යන උගතෝකෝටික ගැටළුවට මැදිවූ කළණ මිතුරන් දෙදෙනකුගේ සිතුවිලි දමායන් මෙම ගීතයට විශය වී ඇත.ගීතය හා බැදුණු අත්දැකීම අපූරුවට විකාසනය කරලීමට

සමත් වීඇත.මෙම ගීතයට ගේය පද රචනය කරනු ලබන්නේ වසන්න කුමාර නොබවකය.ස්වර රචනය රෝහණ වීරසිංහනම් ප්ර තිභාපූර්ණ සංගීතවේදියාගෙනි.මෙම ගීතය ගායනා කරමින් ඊට ජීවය සලසන කලණ මිතුරන් යුගලය වන්නේ සුනිල් එදිරිසංහයන් සමඟින් එඩ්වඩ් ජයකොඩිය.


පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට



මෙම මිතුරන් දෙදෙනාම පලංචියේ එකට ලී ඉරමින් එකම ඩීවන වෘත්තියේ යෙදෙන්නන්ය.දෙදෙනාම මධුවිතින් සප්පායන් වූයේ එකටය.එකම වාඩියේ කල් ගෙවුවේද ඔවුන් දෙදෙනාගේ හොඳහිත පිළිබඳ දෙදෙනාටම අවබෝධයක් තිබුණු හෙයිනි.එතරම්ම මිතුදමින් බැඳී සිටි අප දෙදෙනා ඇයිද එකම ලියකට පෙම් බැන්දේ යන්න දෙදෙනාටම ගැටළුවකි.මස්සිනා යනුවෙන් ආමන්ත්රනණය කිරීම සාමාණ්යෙදයන් මිතුරන් අතර පොදු ස්භාවයයි.මෙකී කාරනයම උවුන්ගේ මිතුදමට තර්ජනයක් වූ සෙයකි පෙනෙන්නට ඇත්තේ.



විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද..
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොදහිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද..



ප්රේිමය නිසා සතුරන් මෙන් සටන් කරන්නද?ප්රේ මය පූජාකොට මිතුදම රැකගන්නද?එහෙත් කුළුදුල් පෙම පූජා කළ හැකිද?ප්රේරමය වෙනවෙන් මිතුදම පූජා කරලන්නද? මිතුර,ඔබගෙන් ලද තරම් හොඳ හිතක් කවරකුගෙන් ලබන්නද?මෙය වූ කලී එක් මිතුරකු දැවෙන ප්රතශ්නයි.මෙම මිතුරාගෙන් සිතුවිලි දාමය තුළින් ඔහු සතුව තම මිතුර කෙරෙහි ඇති ස්නේහය ගම්යව වේ.ප්රේදමය තරමටම මිත්රිත්වයද සවිමත් වූ බැඳීමක් මෙන් පෙනේ.මන්ද මොවුන්ගේ මිතුත්වය ලෙහෙසින් දිව යන්නක් නොවන බැව් පෙනේ.



දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...



අද වෙනදා මෙන් නොව වාඩිය නිහඬයි.කිසිදු කතිබහක් ඔවුන් අතර නැත.දෙදෙනාමට නින්ද ගොස් නැත.ඔවුන්ට අද රාත්රිසය දිගු රාත්රිඔයකි.නින්ද අහලක වත් නැත මෙම මිතුරාට ඇසුනුයේ රාත්රිතය පුරාවටම අනෙක් මිතුරා සුසුමන් හෙළනා හඬයි.මේ මඟින් ධ්වනිත වන්නේ ඔවුන්ගේ ශෝකී මනෝභාවයන්ය.මේ සියල්ලටම හේතුව ලෙසින් අනෙක් මිතුරා සිතනුයේ දෙදෙනාම හොර රහසේ එක තැනැත්තියකට පෙම් කිරීමයි.එය පවක් ලෙසින් මිතුරා දකී.එම මිතුරා බියවන්නේ තමාට සිටින එකම පුද්ගලයා වන තම මිතුරාද හෙට දිනයේ නැතිවේවි යැයි කියායි.


ප්රේපමය ගැන ඕනෑ තරම් ගී කාව්යැයන් ලියැවී තිබුනද මිත්රඑත්වය ගැන ලියැවී ඇති ගීත ඉතා අල්ප බව මගේ එැඟීමයි.එකී අඩුව පුරවාලන අගනා ගීතයක් ලෙසින් මෙම ගීතය හඳුන්වාදිය හැකිය.මෙම ගීතයේ පද රචනාව වසන්ත කුමාර කොබවකගෙනි.නාදරටාවන් විශාරද රෝහණ වීරසිංහයන්ගෙනි.මෙහිදී ලී ඉරනා විට නැගෙන ශබ්දය සංගීතය සඳහා යොදාගෙන තිබීම හේතුවෙන් ගීතය තේමාව හා සංගීතය මැනවින්බද්ධ වේ.මෙම ගීතයට කලණ මිතුරන් ලෙසින් හඬ මුසු කරනුයේ සුනිල් එදිරිසංහයන් සමඟින්,එඩ්වඩ් ජයකොඩිය.






No comments:

Post a Comment