බොහෝ දෙනෙක් ආස කරන, බොහෝ දෙනෙක් ඉල්ලපු ගීතයක් අද මේ විදියට ගෙන එන්න තීරනය කලා, මේ ගීතයේ ඇත්ත කතාව මොකක්ද කියල මට තවම හොයා ගන්න බැරි උනා. ඒ උනාට මේ පද පෙලි අස්සෙ හිත ඇවිදගෙන යනකොට හමු වුන සරල යතාර්තය මේ විදියට අකුරු කරන්න හිතුනා
"වියෝ වූ පසුවයි දැනෙන්නේ"
ගීත සාහිත්යය ශේත්රයට අනගි බවනීය නිර්මාන ඉදිරිපහ් කර බන්දුල නානායක්කාරවසම් මහත්මයගේ මේ අපූරු නිබැඳියාවට රන්සප්තස්වරය එකතු කරන්නේ රෝහන වීරසින්හ ශූරීන්. හඬ පෞරුශත්වය විශාරද සුනිල් එදිරිසින්හ ශූරීන්ගෙන්
මේ පෙම්වතා පෙම්වතියක් හොයා ගන්නව මොවුන් දෙදෙනා බොහොම ආදරයෙන් ඉන්නව . මේ පෙම්වතියට කලින් පෙම්වතෙක් ඉඳල ඔහු මැයව අතහැරල යනව. ටික කාලයකට පසුව මේ පෙම්වතා ආපහු අර පෙම්වතිය හොයාගෙන එනවෑතකොට මේ දෙන ආදරයෙන් බැඳිල ඉන්නව. කොහොම උනත් පෙම්වතිය ඇත්තටම අදරය කරල තියෙන්නේ අර පරන පෙවතාට නිසා ඇය නැවතත් අර පරන පෙම්වතා සමග යනවා අපෙ ආදරනීය කතිකය තනිවෙනව.
ජීවිතයේදී බලපවත්නා වූ ද්විත්ව ස්වරූපය පිලිබඳ ප්රේක්ශකයාට ඉතාමත් සන්වේදී අර්තකතනයක් දෙන්න උත්සාහ කරන හා වියෝව හෙවත් වියෝවේ විප්රලම්බය සන්වේදී ස්වරයකින් හදවත හඬ්වන ගීයක් ලෙස මා මෙය දකිනවා. මොකක්ද මේ ද්විත්ව ස්වරූපය කියන්නෙ
දුක-සැප
සිනහව-කඳුල
නින්දා-ප්රශන්සා
ඇත්තටම ඇත්තම කියනවනම් බුදු දහමේ එන අට ලෝ දහම පිලිබඳව බොහෝම අපූරු විවරනයක් සරල සුගම උපමා උපමේය තුලින් විග්රහ කර ඇති ආකාරය හරි පුදුමයි
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...//
ආදරයෙන් වෙලිල ඉන්න වෙලාවක අපි කවදාවත් විරහව ගැන හිතන්නේ නෑ විරහව මොන තරම් වේදනාවක් වෙනවද එය කොහොම දරාගත හැකිවේදැයි කිසිම විටෙක පෙම්වතුන් සිතන්නෙ නෑ. පෙම් හදවත සිදී ගිය පෙම්වතෙක් මේ ජීවිතයේ ද්විත්ව ස්වබාවය දකින විදියයි මේ.
වියෝවූ පසුවයි දැනෙන්නේ ප්රේමයේ අබිමන්
ආදරය කරන දෙදෙනෙක් අතරෙ පොඩි පොඩි රන්ඩු සිත් අමනාපකම් ඇති වෙනව. නමුත් එව ටික දවසයි, ගෙදරක නම් බත ඉදෙනකන් විතරය් නමුත් ආදරයෙන් හැර ගියාට පස්සෙ තමය් ආදරයක තියන වටිනාකම හදවතකට දැනෙන්නේ.
හැඬූ දා කඳුලයි දකින්නේ සිනහවේඅ සරදම්. අපි කොයි තරම් සිනහ වුනත් අපිට සිනහව සරදමක් විදියට පේන්නී නෑ,නමුත් හඳන දවසට තමයි සිනහවක තියන සරදම නැත්නම් නපුරුකම හදවතට දැනෙන්නෙ
සරලවම කියනව නම් ආදරයේ වටිනාකම හොඳටම දැනෙන්නේ අහිමි වුනාට පස්සෙ
ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි..
දියට වන් විට එවන් ගගුලම
බිහිසුනුයි චණ්ඩයි..
ආදරයෙන් පැරදුනු මේ තරුනයා ආදරය පිලිබඳ අපූරු විග්රහයක් කරනව, ගඟක අයිනට වෙලා ඉන්න අපිට ගඟ හරිම සිත නිවෙන දර්ශනයක්, බලන් ඉන්න බලන් ඉන්න ආස හිතෙනව. ආදරයත් එහෙමයි ආදරය කරන යුවලක් දිහා බලන් ඉන්න කොට තනිකඩ ඔනෙ කෙනෙකුට ආදරය පිලිබඳ ආසාවක් කැමැත්තක් ඇති වෙනව. ඒ වුනාට ගඟට බැස්සහම තමයි ගඟේ තියන චන්ඩත්වය අවබෝද වෙන්නෙ මතු පිටින් සුමට පෙනුනට ගඟේ සුලියකට හෙම අහු වුනොත් මරනයට පත් වෙන්නත් පුලුවන්
ආදරෙත් මේ වගේ තමයි මතුපිටින් පෙනුනට හරිම ආදරනීය දෙයක් විදියට ආදරය කරද්දි දෙදෙනා අතර මත ගැටුම් ඇති වෙද්දි, දෙදෙනා අතර තමන්ගේ රුචි අරුචිකම් වලට ප්රශන මතුවෙද්ඩි, තමන්ගේ නිදහස අවන්ම වෙද්දි ගෙවල් වලින් ප්රශ්න එද්දි තමයි ආදරයේ තියන චන්ඩකම වේදනාව දැනෙන්නෙ, එහෙමත් වෙලා වෙන් වෙන්න උනහම තමයි ප්රෙමයේ අබිමන් හොඳටම දැනෙන්නෙ
ජීවත්වෙන සමාජයේ වුනත් සමහර දේවල් වලට අපේ හිත් වල ආශාවන් ඇති වෙනව නමුත් ඒ දේවල් කරන්න ගියාම තමයි අමාරුව අපහසුකම දැනෙන්නේ
හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්..
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්..
අවසන් පද පේලියට මම මේ වගේ අරුතක් එකතු කරන්නම් මට දැනෙන විදියට මේ ගීතය තුල එන කතාව මෙහෙමයි මේ පෙම්වතා පෙම්වතියක් හොයා ගන්නව මොවුන් දෙදෙනා බොහොම ආදරයෙන් ඉන්නව . මේ පෙම්වතියට කලින් පෙම්වතෙක් ඉඳල ඔහු මැයව අතහැරල යනව. ටික කාලයකට පසුව මේ පෙම්වතා ආපහු අර පෙම්වතිය හොයාගෙන එනවෑතකොට මේ දෙන ආදරයෙන් බැඳිල ඉන්නව. කොහොම උනත් පෙම්වතිය ඇත්තටම අදරය කරල තියෙන්නේ අර පරන පෙවතාට නිසා ඇය නැවතත් අර පරන පෙම්වතා සමග යනවා අපෙ ආදරනීය කතිකය තනිවෙනව. මේ අදහස මේ අවසන් පෙලි අතර බොහොම හොඳට බන්දුල ශූරුඉන් හන්ගල තියෙනව
මෙතන සඳ කියල කියන්නේ ආදරයට, මේ තරුනියට ආදරය නැතිවෙච්ච වෙලාවෙ මේ තරුනයා මේ තරුනියට ආදරය කරනවා. එත කවිය තුල ඔහු තමන්ව සඳක් කියලා ආමන්ත්රනය කරන්න කැමති නෑ. මොකද ඔහු දන්නවා තමන් ඇයට කොයි තරම් ආදරය කලත් ඇය ඇයගේ ලෝකය තුල තමන් සඳක් විදියට නොපිලිගත්තු බව. එක නිසා කතිකායා විසින්ම තමන්ව අහසෙ තරුවක් විදියට උපමා කරගන්ව
සඳ නැති අහසක් එලිය කරන්නෙ තරු උනාට ඇත්තටම තරුවකින් ලෝකයක් බබලවන්න බෑ. ඒ වුනාට මිනිස්සු තරු ගැන කතා කරන්නෙ හඳ නැති දවසට් විතරය්. ඒත් සඳ පායපු දවසට මේ තරු උනත් නිඳා ලබන්න පුලුවන්. හරියට මේ තරුනයාය්ට ආදරය අහිමි වූවා වගේ
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...//
ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි..
දියට වන් විට එවන් ගගුලම
බිහිසුනුයි චණ්ඩයි..
වියෝ වූ පසුවයි...
හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්..
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්..
වියෝ වූ පසුවයි...
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ
No comments:
Post a Comment