Wednesday, April 13, 2016

(38) ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් - කරුණාරත්න දිවුල්ගනේ


50,60 දශකය ආසන්නයේ එක්තර තරුන කොලු ගැටයෙක් එවකට පැවති එස්.එස්.සී විබාගයෙන් අනතුරුව ලැබෙන නිවාඩුව ගත කිරීම සඳහා තම මවගේ සහෝදරියගේ නිවසට යනව. මේ නිවස පිහිටා තිබෙන්නෙ අප්ම්පාර දිස්තේක්කයෙ ඉතා ඈත ගම්මනයක්, මේ නිවසෙ දින කිහිපයක් නතර වෙලා ඉන්න තරුනයට දකින්නට ලැබෙනව ඉස්සරහ ගෙදර බොහොම ලස්සන තරුනියක්, මේ තරුනයට මේ තරුනිය පිලිබඳව ප්රේම සිතක් පහල වෙනව. ඉතින් කොහොම කොහොම හරි ටික දවසක් යනකොට මේ තරුනියයි, තරුනයයි ටිකක් හඳුනගෙන දෙන්න සුහද මිතුරන් බවට පත් වෙනව. මේක බොහෝම අපූරු මිතු දමක් උනා. තරුනියට සින්හල බැහැ දෙමල විතරය් දන්නෙ, මේ තරුනයට දෙමල බැහැ සින්හල විතරය් දන්නෙ, මේ දෙන්න කතා කරන්නෙ අබිනයනයෙන් ඒ කියන්නෙ අත පය වලින් අන්ග චලන වලින්, ටික කාලයක් මෙහෙම යනකොට මේ තරුනියත් මේ තරුනයාට සිතින් ආදරය කරන්න ගන්නවා, දැන් දෙන්නට දෙන්නට ආදරෙයි, නමුත් ප්රකාශ කරගන්න විදියක් නැතුව දෙන්නම හිතේ තද කරගෙන ඉන්නවා. 

කාලය ටිකෙන් ටික ගෙවිල මේ තරුනයට ආපහු නැවතත් ගම් රට බලා යන්න සිද්ද වෙනවා. ඒ යන්න කලින් දවසෙ මේ තරුනයගෙ නැන්දලගෙ ගෙදර පොඩි උත්සවයක් තියනව එකට මේ තරුනියලගෙ පවුලෙ උදවියත් සහභාගී වෙනව. උත්සවය අවසානයේ මෙ තරුනිය දුවගෙන ඇවිත් මේ තරුනය බදාගෙන මහ හය්යෙන් අඬන්න පටන් ගන්නව. ඒ වෙලවේ තමයි හැමොටම මේ ආදරය තේරුම් ගියේ නමුත් ඊ කාලෙ වෙනකොට තිබුනු ජාතිවාදී මති මතාන්තරත් එක්ක මේ දෙදෙනගෙ එක්වීමට හොඳ ප්රතිචාරයක් නම් ලැබුනෙ නෑ. කොහොම නමුත් පසුදා මේ තරුනය මේ නිවසින් ආපහු ගම රට බලා යන්න පිටත් වෙනව





තරුනය ආපහු ගමට ඇවිත් තමාගෙ පෙම්වතිය ගැනත් සිහියේ තබා ගෙන රැකියාවක නිරත වෙන්න පටන් ගන්නව. මාසයක් වත් ගත වුනේ නැහැ, සින්හල දෙමල ජාතිවාදී ගැටලු ආරම්බ උනා, සින්හල මිනිස්සු දෙමල මිනිස්සුන්ට ගහන්න පටන් ගත්ත, අපෙ තරුන කතකයාගේ හිස ගිනිගන වගේ දැනුන. ඔහු ඉක්මනින්ම අම්පාර බල පිටත් උනා, අවාසනවක මාත ඇයගේ නිවසේ සලකුනක්වත් නැහැ, ඇය ගැන කවුරුවත් දන්නෙත් නෑ. ඇය කොහේ හරි ඉඳන් තමන්ට ලියුමක් එවයි කියන බලාපොරොත්තුව ඇතිව මේ තරුනය ආපසු ගමට යනව. ඔහු නැවතත් අද්යපනයට හිත යොමු කරල ඉගෙන ගෙන ගාල්ල රිච්මන් විද්යාලයේ උප ගුරුවරයෙකු විදියට සේවයට එකතු වෙලා මේ සිද්දිය පිලිබඳ අපූරු සටහනක් තබනව, මේ සිද්දිය සිදුවෙල හරියටම වසර දහයකට පස්සෙ.


සටහනට පෙර. ඔබ දන්නවද මේ තරුනිය තමයි ශාන්තිනී රාමලින්ගම්, මේ තරුනය වෙන කවුරුත් නෙවෙයි ශ්රී ලන්කා ගීය රචනා ක්ශෙරත්යේ රන් සලකුන රත්නශ්රී විජේසින්හ ශූරීන්,,
හැබයි අර බලාපොරොත්තු වෙච්ච ලියුමනම් තවමත අපේ රචකයට ලැබිල නැහැ



ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං //

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්...

සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්... /
කතාව දන නිසා දැන් ගීතයේ අරුත ඔබට හොඳින් වැටහෙයැයි මගේ හැන්ගීමයි

"ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්"



දමිල කාන්තාවන් නලලෙ කුන්කුමන් අලේප කරන්න හරි ආසයි, ගීය කියනව ශාන්තිනීගෙ නලලෙ තියන කුන්කුමන් තෙමිල දියවෙල වැටෙනවලු, මොනවටද මේ දිය්වෙලා වැටෙන්නෙ අහසෙ චන්ද්රය අඬන නිසා, හන්දේ කඳුලු ශාන්තිනීගෙ නලලට වැටිල මේ කුන්කුමන් දිය වෙලා බිමට වැටෙනව, මේ ජාතිවාදී ප්රශ්න වලට ස්වබාදහම පවා කම්පා වෙනව කියල මේ ගීතයෙන් ව්යන්ගව අදහස් කරනවා


,
පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං



මෙතනදී පහන් පැල කියල අදහස් කරන්නෙ දෙවියන් උදේසා වන්දනා කරන ස්තානයට, මේ රන්ඩුව නිසා දේවාල පවා කඩා දාල පුච්චල. ඒ පිලිස්සුම් මැද් දුම් නගිනවා වේ දනාවට පත් රචකයා ශාන්තිනීට කියනව, ශාන්තිනී අපි දෙවියන් නැති තැනකට යමු කියල.

උදෙ ඉඳන් රෑ වෙනකන් බන අහන රටක් මේක, ඉහේ කෙස් ගානකට පන්සල් පල්ලි කෝවිල් තියන රටක් මේක, කෝටි 35ක් විතර දෙවියො අදහන රටක් මේක. මේ සියලුම ආගම් වලින් කියල දෙන්නෙ, හැම දෙවියෙක්ම කියල දෙන්නෙ, රඬු සරුවල් නොවී ඉන්න කියල, නමුත් මේ ලෝකෙ වැඩිපුර වෙන්නෙ සඬු සරුවල් වෙලා මරා ගන්න එක, රචකය කියනව, මේ දෙවියො ඉන්න නිසා තමයි මිනිස්සු මේ රන්ඩු වෙන්නෙ, දෙවියො නැති තැනකට අපි යමු ඒ වගේ තැනක රඬු නැතුව ඇති කියලා



සම්මාජයේ ඇදහීම් හා මිනිසුන්ගේ මිත්යා දුශ්ටික ශ්රද්දාව ඉතා සියුම් ලෙස හාස්යයට ලක් කරල තියනව රචකයා



කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්



ශේකී බර වෙච්ච් ශාන්තිනීගෙ මුහුන හිතින් මවා ගන්න කවිය අහනව බියේ සැලෙන ඔය දෑතේ වලලු ඔය තරම් බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්, මේ අහන්නෙ ශාන්තිනීගෙන් නෙවෙයි, මේ අහන්නෙ සමාජයෙන්, අහනවා මේ රටේ ජාතීන් දෙකක් ජීවත් වෙන එක රටට බරක්ද, මේ රටෙ එකමුතුවට සන්හිඳියාවට බරක්ද කියලා



සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න



අන්තිමට ගීයේ අවසානයේ කවිය ඉල්ලීමක් කරනව
හරි මේ ජාතිවාදය , ආගම්වාදය, කුලගෝත්ර ප්රශ්න හැම දෙයක්ම ඔබලා තියාගන්න, ඒත් මේ හැම මනුස්සයගෙම ඇඟේ දුවන්නේ රතු පැහැති ලේ, එක නිසා මේ ශාන්තිනී විතරක් මට දෙන්න, ඒ කියන්නෙ මේ ජනවාර්ගික ප්රශ්න අමතක කරල අපි ඔක්කොම එක වගේ මේ රටේ ජීවත් වෙමු කියන අර්තය සඟවා ප්රකාශ කරනවා යැයි මට හැඟේ.



තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න



දමිල විවාහයන් සිදුවන්නේ මම දන්නා ආකාරයට තිරුක්කරන් ස්ත්රෝත්ර ගායන කරන අතරතුර, රචකය අවසාන වශයෙන් ඉල්ලනව, අපිට විවාහ වෙන්න අපේ ජීවිතේ ගත කරන්න අපිට අවස්තාව දෙන කියල. ඒ වගේම යටි අරුතක් දේනව. සියලුම මිනිස්සුන්ට තමන්ට කැමති ආගමක්,ඇදහීම අදියට මේ රට තුල නිදහස තිබිය යුතුයි කියලත්.රත්න ශ්රී විජෙසින්හ ශූරීන්ගේ ඉතාමත් ඉහල ගනයේ නිර්මානය්ක් තමයි මෙම ගීය මොකද ගීතයේ මතුපිටින් අරුත හොයා ගන්න ටිකක් අපහසුයි, නමුත් ගීතයට ගැඹුරු අර්තයන් දෙකක් හා නිදාන කතාවක් අන්තර්ගත්වෙනවා






2 comments:

  1. මහාචාර්‍ය තොම්සන් මම වෙමි. මෙවැනි පෝස්ට් බලෙන් පල කිරීම දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු

    ReplyDelete
  2. හැඳින්වීම වැරදියි. කරුනු හොඳට හොයලා බලලා පල කලානම් හරි

    ReplyDelete