Wednesday, April 13, 2016

(53) මින්දදයෝ ඇවිදින් - නිරෝෂා විරාජිනි



මින්දදයෝ ඇවිදින් අහපන්
රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ


බක් මී මල් පිපිලා සුවදට
සඳ ගෙට පායනවා
වැවේ නෙළුම් පිරිලා නිල් දිය
දොළේ හිනා වෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා


නා දළුවල හැපිලා මඳ නල
වැට ළඟ කැරකෙනවා
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා





නිසි කල වසයට එළඹි කල යුගදිවියට එළඹීම ඕනෑම තරුණ තරුණියකගේ සිහිනයකි.එකී සිහිනය සැබෑවක් කරගත නොහැකි වූවොත් සිතෙහි හටගන්නා වූ දුක්මුසු සිතුවිලි කොපමණදැයි අමුතුවෙන් කියයුතු නොවන්නේය. තම සිත් ගත් තරුණයකු සමඟින් විවාහ දිවියට ඇතුළත් වීමේ සොඳුරු අපේක්ෂාවන් පසුවන යුවතියකගේ සිතට පිවිස තිබෙන්නා වූ සොඳුරු ආළ මෙම ගීතයට වස්තු විෂය වී ඇති බැව් පෙනේ.ඈ මඟබලා සිටිනුයේ තම ආල හැඟුම් සමඟින් තමා වැළදගන්නට ,තම දෑත ගන්නට පෙම්බරයකු පැමිණෙන තෙක්ය. එහෙත් ඇගේ එකී පැතුම තවමත් සඵල වූ බවක් නොපෙනේ.එහෙත් ඈ සිටින්නේ එනී බලාපොරොත්තුව සඵලවේ යන දැඩි උපේක්ෂාවෙන් යුතුය.



මින්දදයෝ ඇවිදින් අහපන්
රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ

මින්දදයා යනු කවි සමයට අනුව ආලයට අධිපති දෙවියායය. මල්සර,අනංගයා ලෙසින්ද හඳුන්වනු ලබන මොහු තමා දුන්නෙන් තිසියම් අයෙකුට විඳිකළ ඒ පුද්ගයලා තුළ ආල හැඟිම් එසේත් නැතිනම් අනුරාගහැඟුම් දැනවෙන බව කියයි.ඔහුගේ දුන්න වනාහි උක්දඬු දුන්නයි.ඔහු විඳිනුයේ මල් හීය ලෙසින් යොදාගෙනය.ඔහුගෙන් හී සර පහර වැදුනු කළ කිසිවකුට ගැලවුමක් නම් නැත්තේය.මෙම තරුණියට නම් තවමත් අනංගයාගේ හී සර වැඳුනු බවන් නම් නොපෙනේ.ඈ බලාපොරොත්තුවෙන් සිටිනුයේද තමාට අනංගයාගේ හී සර පහර වඳින තුරුය.ඇය තමාට අනංගයාගේ බැල්ම වැටෙන බැව් තඳින්ම විශ්වාස කරයි.ඈ ඒ වෙනුවෙන් නොඉවසිල්ලෙන්ද බලාලොරොත්තුවෙන් දෑස් දල්වාගෙන බලාසිටී.අනංගයා මඟින් කවියා බලාපොරොත්තුවනු ඇත්තේ ඇය සිතු තුළ පැවතියා වූ ආල හැඟුම් සංකේතවත් කරලීම විය හැකිය.ඇය කොතරම්ම අනංගයාගේ සම්ප්රාතප්තිය බලිපොරොත්තුවෙන් සිටින්නේද යැයි කිවතොත් ඈ ඔහුගේ පැමිණීම නිවසට ද කියා ඇත.තම දුවණියගේ අනාගත සුබසිද්ධිය පිළිබඳ සැක සංකා පල කරගෙන සියින ඇගේ මා පියන්ට නම් මෙය සවනට මී පැණි වක් කරාක් බඳු වන්නට ඇත.ඇය අනංගයාට එන්නට යැයි අරාධනා කැනුයේ හිස අතින් නම් නොව මල් දුන්නද රැගෙනය.රැක් අත්තන මල ඈ සිතහි මතුව තිබෙන්නා වූ ආල හැඟුම් සංකේතවත් කරන්නකි.ඈ තමා වෙනුවෙන් සාක්ෂී දෙන්නට සොදාගන්නේද රුක් අත්තන මලයි.අද හෙටම එනවාදැයි මින්දදයාගෙන් ඈ විමසීමෙන් ඈ සිතේ හටගෙන තිබෙන්නා වූ නොඉවසිල්ල කොපමණදැයි ධ්වනිත වේ.

බක් මී මල් පිපිලා සුවදට
සඳ ගෙට පායනවා
වැවේ නෙළුම් පිරිලා නිල් දිය
දොළේ හිනා වෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා

ගේය පද රචකයා තමා සතුව තිබෙන්නා වූ කව් හැකියාව එසේත් නැතිනම් තමා සතු ප්රොතිභාව මැනවින් විදහා දක්වන අවස්ථා මෙම ගීතය තුළින් මැනවින් ප්රතතීයමාන වේ.ඔහු තම පද මාලාව මඟින් ප්රවකාශ කිරීමට අපේක්ෂිත දෑ ස්භාවධර්මයාද මැනවින් උපයුක්ත කොට ගනිමින්,සහජ කවිත්වය මැනවින් ඉස්මතු වන ආකරයේ බස් වහරක් යොදාගෙන ඇති බැව්පෙනේ.බක් මී මල් පිපී ඇත.එහි සුවඳට ගෙට පායයි.බක් මී මල් තුළින් හමනුයේ ප්රේේමයේ නැවුම් සුගන්ධය විය නොහැකිද?වැවේ නෙළුම් මල් පිපී වැව සුගන්ධවත් කරයි.නිල් දිය දොළට වී සිනාසෙයි. නිල් දිය දොළේ හිනා වෙනවා යන අපූර්වතම යෙදුමකි.ස්භාව සෞන්දර්යය චිත්රදයට නඟා ඇති අයුරු නම් මනරම්ය.කවියා මෙමඟින් මවනුයේ ආල හඟුම් පිබිදෙන මනෝරම්යා පරිසරයක් නොවන්නෙහිද?මේ තුළින් අනාගත සහකරුවකු බලාපොරොත්ුවෙන් සිටින්නා ඇය තුළ හටගත්තා වූ සොම්නස ධ්වනිත වේ.ඇය සොඳුරු රුවැත්තියක වි යුතුය.එහෙයිනි ඈ පිළිබඳ තරුණ බඹරුන් කසු කුසු ගානුයේ.

නා දළුවල හැපිලා මඳ නල
වැට ළඟ කැරකෙනවා
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා

නා දළුවල හැපෙමින් මඳ නල වැට ළඟ කරක් ගසයි.ගොයමට පින්න වැටුණු කල මුතු පටක් සේ ඉර එළියට දිලිසෙයි.කවියා මෙහිදී සොඳුරු ග්රාගමයක සිතුවම් අප හඳෙහි සිතුවම් කරයි.ඈ යනෙන කල් බලා ඈ පිළිබඳ කසු කුසුවේ යෙදෙන්නට බඹරුන් කොතෙකුත් සිටියද ඇගේ අත ගන්නට නම් තවමත් එකඳු ඹබරකු හෝ ඉස්සර වූ බවක් නම් නොපෙනේ.ඒ ඇගේ දෛවයද?එසේතු නැතිනම් ඈ රුවැති වුවත් ධනය වැනි භෞතික සම්පත් අතින් පොහොසත් නොවනා නිසා විය හැකිද?

කෙසේ නමුත් ඈට ලබා ඇති මේ දසාව පිළිබඳව නම් අප හඳ කම්පා නොකරයිද?නූතන ස්ත්රිේයට මුහුණ පෑමට සිදුව ඇති මෙම ඛේදවාචකය අරඹයා අප හද කම්පා නොකරයිද?ධනය වැනි බාහිර වස්තූන්ට සමාජය තුළ වැඩි අගයක් හිමි වූ කල ස්ත්රිහයකගේ සමාජ අවශ්යනතාවය පහළට බැසීම විය යුක්තක්ද?කෙසේ නමුත් ඈ තවමත් සිටිනුයේ සොඳුර් ප්රේ මවන්තයකු තම අතපතාලෙන කුමන මොහොතක හෝ තම නෙත් අභියසට පැමිණේවි යැයි බලාබොරොත්තුවෙනි.එහෙයින් ඈ හඳෙහි බාහිරෙන් තවම නම් සෝතැවුලක් පෙන්නට නැත.කෙසේ නමුත් ඈ හඳ අභ්යඑන්තරයෙන් නම් කිසියම් තැවිල්ලක සිටින්නට පුළුවනි.කෙසේ නමුත් ඈ හදෙහි පවතින්නා වූ ප්රේතමනීය සිතුවිලි මෙම ගීතය පුරාවටම මුසු වඇත.කවියා ඊට ස්භාව සෞන්දර්යයද ඈදා ගනු ලබනුයේ ශූර සිත්තරකු තම සිතුවමක් වර්ණ නැංවීමට තම සිතුවමට වර්ණ එක්කරගන්නා සේය.එහෙයින් මෙම ගීතයේ තේමාව,ස්භාදහම හා මැනවින් මැනවින් බද්ධ වී ඇති බැව් පෙනේ.

මෙම ගීතයේ ගේය පද රචකයා වනාහි ප්ර වීණ කිවිවර කුමාර ලියනගේ මහතාය.ඔහු අන්දර යායේ,කොබෙයියනේ වැනි මනරම් ගී කාව්යවයන් රචිත ගේය පද රචකයෙකි.මෙම ගීතයේ ස්වර රචනාව ආනන්ද පෙරේරාගෙනි.ගායනය නිරෝෂා විරාජිනි සිරිමතියගෙනි.ප්රේමමනීය හැඟම් තම සිත්හි දරාගෙන සිටින යුවතයකගේ මනරම් සිතුම් පැතුම් මෙම ගීතය තුළින් අපූරුවට නිරූපණය නොවන්නේද?






No comments:

Post a Comment