Wednesday, April 13, 2016

(47) සොඬින් නෙළුම් මල ගෙනියන(ඇතින්නියේ) - අතුල අධිකාරී


සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා රැඳි විලංගුවේ
වටින් මහ සෙනඟ ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
පුතුන් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොම් දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි


ස්ත්රිය යනු දරුවන් වැදීමත්,නිවසට වී ආහාර පිස දෙමින් දරුවන්ගේ හා ස්වාමිපුරුෂයාගේ කටයුතු සොයාබලමින් සිටීම ස්ත්රිීයගේ කාර්යබාරය ලෙසින් සමාජය තුළ දෘෂ්ටිවාදයක් ගොඩනැඟී ඇත.එකී දෘෂ්ටිවාදය ගොඩනඟන ලද්දේද අතීත සමාජය විසිනි.අතීතයේ පැවති එතරම් සංකීර්ණ නොවූ සමාජය තුළ කාන්තාවට එවැනි කටයුතු කිරීමේ හැකියාවක් තිබුනද මුදලට වටිනා තැනත් හිමිවී තිබෙන සංකීර්ණ සමාජ ක්ර මය තුළ කාන්තාවට
එලෙසින් නිවසට වී සිටීමට ඇත්තේ අල්ප අවස්ථාවකි.ඇයටද නූතන ජීවන අරගලය හමුවේ ආර්ථිකය නම් වූ ගොරහැඩි යුද්ධය ජයගැනීමට හරි හරියට සටන් වැදීමට සිදුවේ.එහෙයිනි කම්හල්වලට බඩගාන්නට ,මැදපෙරදිග රටවල්වලට මෙහෙකරුවන් ලෙසින් යාමට සිදුව ඇත්තේ.
එසේ විවිධ රැකියාවන් කරා ගොසින් මුදල් හරිහම්බ කිරීම තුළ ගෞරවයක් හා බලයක් අත්පත්කරගැනීමට ඔවුන් සමත් වේ.එයයි සොඬින් නෙළුම් මල ගෙනියන බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ යනුවෙන් පවසන විට සිහිවනුයේ පෙරහැරක අලංකාර වස්තුයන්ගෙන් සැරසී තේජවන්තව ගමන් ගන්නා ඇතින්නියකයි.මෙමගින් ධ්වනිත වනුයේ ස්ත්රියය විසින් අත්පත්තරගෙක තිබෙන්නා වූ ධනය හා බලයයි.නමුත් එලෙස බලයක් අත්කරගෙන ඇත්තේ ස්ත්රිසයකට මෙන්ම මවකට උරුම වන්නා යුතුකම් හා වගකීම් නමැති බැම්ම අමතක කිරීමෙන් නොවේද ? යදම් අමතක ද පා රැඳි විලංගුවේ යනුවෙන් කතකයා විමසනුයේ එයයි.ඇගේ විලංගු වනුයේ මා කලින් සඳහන් කළ දෑ විනා අන් කවරක්ද?

සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා රැඳි විලංගුවේ

.මවවරුන් එසේ විවිධ වෘත්තියන් සඳහා ගිය කළ දරුවන්ට ලැබිය යුතු මව් සෙනෙහස නිසි පරිදි නොලැබී යයි.මෙය නූතනයේ බරපතල ඛේදවාචකයක් නොවන්නෙහිද?මවුවරුන් මෙලෙසින් රැකියාවන්ට ගිය කල්හි දරුවන්ට සිදුවනුයේ දිවාසුරකුම් මධ්ය්ස්ථනයන්හි නෙත් ස්ථනයන්හි මව් සෙනෙහස නොලබමින් ඇති දැඩිවන්නටයි.එය එම දරුවන්හට සිදුවන අසාධාරණයක් නොවන්නෙහිද? කථකයා විමසයි දරු සෙනෙහස ගාල් කලේමන්දැයි කියා ඊට මවුවරුන්ට දිය හැක්කේ ඒත් දරුවන් වෙනුවෙන්මයැයි කියායි.මවුවරුන් දරුවන් වෙනුවෙන් මුදල් සෙවීමට ගිය බව හැබෑය.නමුත් ජීවිතය යනු මුදල්ම නොවේ.දව විසෙස්ගතව පැලමෙහෙවර කරමින් එවනා මුදල්වලින් මත්පැන් බී තම ලෙයින් ජාතක වූ දියණිය දූෂණය කළ පියවරුන් ගැන අසන්නට ලැබේ.විශේෂයෙන් දියණියන්ට අවශ්යා ආදරය රැකවරණය හොඳින් සැපයිය හැක්කේ මවටයි.එසේම මවුවරුන් එලෙසින් දරුවන්ගෙන් ඈත් වූ කල ඔවුන්ට මවුකිරි බොනුයේ කෙසේද?කථකයා විමසයි.සැබවින්ම මෙය වූ කලී ඛේදනීය තත්වයකි. ඇයට ගෞරව දක්වනුයේ ඇය උපයාගත් ඹනය බලය නිසැයැයි ඇය වරදවා වටහාගෙන ඇතනමුත් සමාජය ඇයට ගරුබුහුමන් දක්වනුයේ ඇය මවක් නිසා මිස අන් කිසිවක් නිසා නොව.

වටින් මහ සෙනඟ ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
පුතුන් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොම් දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි

මෙම විශිෂ්ට ගේය කාව්ය යයේ ගේය පද රචනාව රත්න ශ්රී විජේසිංහයන්ගෙනි.සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙනි.ගායනය අතුල අධිකාරිගෙනි.මෙම ගීතය සමාකලීන සමාජ ප්රරශ්නයක් තේමා කරගෙන නිර්මාණය කරන ලද්දක් බැවින් සමාජ වටිනාකමකින් යුක්තය.එසේම මෙම ගීතයේ සංගීතය මනරම් ලෙසින් නිර්මාණය කොට ඇතරෝහණ වීරසිංහයන් මෙම ගීතයට නිර්මාණය කර ඇති සංගීතයට කුඤ්චනාදය පවා මුසුකොට ඇත.එසේම අතුල අධිකාරීගේ මනරම් හඬ මෙම ගීතයට සැබෑ ජීවයක් සපයයි



No comments:

Post a Comment