සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
සිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුලඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුලඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
පහන නිවුනත් පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුලඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුලඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
ජීවිතය අපට හීන දකින්නට කියාදෙයි.නමුත් අප දකින හීන සැම එකක්ම සැබෑවක් නම් නොවේ.සැබෑ නොවුවද එම හීනයන් ගෙනඑව්නේ අපූර්ව වූ මිහිරියාවකි.මෙහි කථකයාද එලෙසින් සැබෑ නොවුනු හීනයක් දැක ඇත.ඒ හීනය කුමක්ද?තමන් පෙම් කල යුවතිය හා එක් වහළක් යටට ජීවත් වීමට යම නොවන්නෙහිද? සිතිජයක් සේ රවටලා සිත යනුනෙන් සංකේතවත් වනුයේ තාව අතහැර ගිය පේමය නොවේද?සිතිජය යනු සයුර හා අහස යන වස්තූන් දෙකම එකට එක්වූ යැයි පෙනෙන ස්ථානයයි.එය පෙනෙන මායාවක් වැනි දෙයක් මිස සැබෑවක් නොවේ.කථකයාද ප්රේටමය හමුවේ රැවටුනා වැනිය.
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
පෙම්වතුන්ව සිටියදී ඔවුන් දෙදෙනා එකම මඟෙහි එකට පියවර නඟන්නට ඇත.වැස්සට එකම කුඩය යට පියවර නඟන්නට ඇත.ඒ අතීතය සොඳුරු මෙන්ම මිහිරි වූවකි.එනමුදු අද ඔහුට සිදුව ඇත්තේ විරහ ගී ගැයීමටය.අද ඔහු ළඟ ඈ නැත ඇත්තේ මතකයන් පමණි.සුළඟට එම මතකයන් රැගෙන නොයන ලෙසින් ඔහු අයදියි.ඔහු තවමත් හම මතකයන් තදින් පෙම් බඳයි.ඔහේ තිබුනාදෙන් යන්න ගැමි වහරෙන් ගත් අපූර්ව යෙදුමකි.ඇය හා බැඳි පෙම විවාහ බැඳුමකින් කෙළවර වීමට තරම් ඔවුන් දෙදෙනාට පින් කර නැත.ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට කුමන් කරණය බලපා තිබුනද,ඔහු ඇගේ වියෝව උපේක්ෂාවෙන් යුතුව දරාගැනීමට සමත්ව ඇත.
එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුලඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුලඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
පහන නිවී ගිය කළ උදාවනුයේ අඳුරකි.ඔහුගේ දිවියට ආලෝකයය සැපයූ පහන නිවී ඇත.ඒ වනාහි ඇගෙන් ඔහු ලැබූ ප්රේවමය නොවන්නෙහිද?දැන් ඔහුට එකී පහනෙන් ලද ආලෝකය ගිලීහී ගිය ඔහුට ශේෂ වනුයේ අඳුර හා ශෝකය පමණකි.පහන් පැල යනු කුමක්ද ඒ කථකයාගේ දිවියයි.ඊට ආලෝකයන් සැපයූ පහන වනාහි ඇගේ ප්රේහමයයි.ඈ ඔහුගෙන් වෙන්වී ඈතට ගියද ඇගේ සුවඳ තවමත් ඔහු තුළ ශේෂ වී ඇත.ඒ සුවඳ වනහා ඈ පිළිබඳ වූ සොඳුරු මතකයන් විනා අන් කවරක්ද?එම මතකයන් රැගෙන නොයන ලෙසින් ඔහු සුළඟින් අයදියි.
පහන නිවුනත් පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුලඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුලඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
මෙම ගීතයේ ගේය පදරචකයා වනාහි, නයනසේන වන්නිනායකයන් නම් ප්රනතිභාන්විත ගේය පදරචකයාය.වියැකී ගිය සුභාවිත ගීතයට යළි දිය දෝතක් ඉසින්නට වෙර දරන ඔහු ප්රිවීණ මෙන්ම නවක ගායන තරු උදෙසා පද රචනා කොට ඇත.ඔහු විසින් ලියා ඇත්තේ ගීත කිහිපයක් වුවද ඒ ගීත කිහිපය තුළින් ඔහු සතු ප්රාතිභාව ඉස්මතු වේ.මෙහි ස්වර රචනාව නාලක අංජන කුමාරගෙනි.ඔහු මෙම ගීතය සඳහා මනරම් සංගීතයක් සපයා ඇත.විරහ වේදනාව කැටිකොට ගත් ශෝකී රිද්මයක් මෙම ගීතයේ සංගීතතය තුළින් වහනය වේ.කසුක් කල්හාරයන්ගේ මධුර මනෝහර හඬ තුළින් අපට විරහ ගී ගයනා පෙම්වතා දර්ශනය වේ.ඔහුගේ හඬ විරහ ගීතය උදෙසා මැනවින් ගැළපී ඇත.
This is so lovely. Thank you!
ReplyDelete