Saturday, July 23, 2016

(65) සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ - විශාරද නිර්මලා රණතුංග හා සෙව්වන්දි රණතුංග


“දුවේ ඔයාගේ හොඳම යාළුවා තමයි අම්මා. ඒ නිසා ජීවිතේ වෙන ඕනෑම දෙයක් අම්මට කියන්න පුළුවන්කම ඔයාට තියෙන්න ඕනැ.”
ඉස්ස ඉස්සෙල්ලම රස්සාවට යන්න පිටත් වෙච්ච දවසෙ තාත්තා එහෙම කිව්වේ ආදරයෙන් මගෙ හිස අතගාලා.
දැන් මගෙ වයස අවුරුදු විසිතුනයි. දැනුත් අම්මගෙයි තාත්තගෙයි ආදරය එදා වගේම ලැබෙනවා. එහෙම වුණත් මං කොහොමද ඒ ඇස් මඟ අරින්නේ.
අලුත් රස්සාවට ගිහිල්ලා මේ ගතවෙන්නේ දෙවැනි මාසේ. මං අලුත් රස්සාවට ගිය දවසෙ ඉඳලා ඒ ඇස් මගෙ පස්සෙන්මයි.
“ඔයා අද හරි ලස්සනයි. හරියට මගෙ හිතේ ඉන්න සිහින කුමරිය වගේ.” එයා දවසක් මගෙ මේසේ ඉස්සරහටම ඇවිල්ලා කිව්වා.



“ගෑනු ළමයෙක් වුණහම පිරිසුදුවට පිළිවෙළට අඳින්න ඕන. එතකොට තමයි දකින අයට පි‍්‍රය වෙන්නේ.” අම්මා එහෙම කිව්වේ මට අලුත් රස්සාවට පත්වීමේ ලිපිය ලැබුණු දවසෙ. මගෙ ඇඳුම් තෝරලා දුන්නේ අම්මා.
“දූට ලස්සන ඔසරිය” අම්මා සාරි ගෙනැල්ලා හැට්ට මහලා ඇඳුම් පිළියෙල කරලා දුන්නා. මං හැමදාම කන්තෝරුවට ගියේ ඔසරිය ඇඳලා දිග කොණ්ඩය තනි කරලට ගොතලා. මං ලස්සනයි කියලා මං දන්නවා.
ඉස්කෝලේ යන කාලෙත් සම වයසේ පිරිමි ළමයිගෙ ඇස් මගෙ වටේ කැරකුණා.
ඒත් මං මුල් තැන දුන්නේ ඉගෙනීමට. අම්මගෙ තාත්තගෙ හීනය වුණේ පවුලේ වැඩිමලි හැටියට මං හොඳට ඉගෙන ගන්නවා දකින්න.

අලුත් කන්තෝරුවේ හැඩකාර තරුණයෝ කිහිප දෙනෙක්ම ඉන්නවා. හැමෝම වගේ එකමුතු වුණමත් මගෙ පස්සෙන්ම එන ඒ ඇස් දෙක අමතක කරන්න මට අමාරුයි.
එයා කිහිප දවසක් ම මං තනිවෙනතුරු ඉඳලා මගෙ ළඟට ආවා.
“මං එන්න ද ඔයාගේ ගෙදරට?”
“ඒ මොකටද?” මං ඇහුවේ පුදුම වෙලා. ඔයාගේ අම්මා තාත්තා හමුවෙන්න. ඇත්තම කිව්වොත් මං ඔයා ගැන පැහැදීමෙන් ඉන්නේ.”
එයා එහෙම කිව්වේ මගෙ ඇස් දෙක දිහා කෙළින්ම බලාගෙන.

අද රටේ වෙන දේවල් බැලුවහම කොහොමද මිනිසුන්ව විශ්වාස කරන්නේ. ඒත් එයා එහෙම නෑ... හරිම වැදගත්... මන්දන්නෑ මගෙ හිත අතරමං වෙලා වගේ.
රාත්‍රියෙ නිදිවරාගෙන මං කල්පනා කළා. අම්මට මගෙ වෙනස තේරෙන්න ඇති.
“ඊයේ රෑ මං බලාගෙන අවදියෙන් ඉන්නවා. මුකුත් ප්‍රශ්නයක් ද දූ”
අම්මා උදේ පාන්දරම මගෙ ළඟින් වාඩිවෙලා අහනවා.
“අම්මට කොහොම කියන්න ද? ඒත් අම්මට ඇරෙන්න වෙන කියන්න කෙනකුත් නෑ. මං හිත හදාගෙන අම්මට කන්තෝරුවෙදි මගෙ වටේ කැරකෙන ඒ ඇස් දෙක ගැන කිව්වා.
“මං හිතුවා... අපි තාත්තටත් කියමු.”

අම්මා ඊට පස්සේ ඒ විස්තරේ තාත්තටත් කිව්වා. අපි ඒ දරුවට ගෙදර එන්න කියමු බලන්න. දූගෙ හිතෙත් කැමැත්තක් තියෙනවනම් මේ ගැන හොඳට හොයමු. අද කාලේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැ. බාහිරින් බලලා හොඳ නරක කියලා මිනිස්සු වෙන්කරන්න බැහැ. ඒ දරුව ගැන එයාගේ දෙමවුපියෝ ගැන හොයලා බලමු.”
අම්මත් තාත්තත් එකම තීරණයකට ආවා. මගෙ හිතට දැනුණේ පුදුම සැහැල්ලුවක්. හැම දෙයක්ම හිතේ තියාගෙන ඉන්නවට වඩා ඒක කියන්න ඉන්න සුදුසුම කෙනාට කිව්වට පස්සේ හිතට දැනෙන සහනය පුදුමාකාරයි.
අපේ අම්මයි තාත්තයි කවදාවත් මගෙ හිත අවුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ. අපේ අම්මා හැම තිස්සෙම අපි ගැන අවධානයෙන් හිටියේ. ඒ නිසා අපේ හිතේ තිබුණ පුංචිම වෙනසත් අම්මාට දැනුණා.

මගෙ පස්සෙ කැරකෙන ඒ ඇස් දෙකට මට දැන් කෙළින්ම මුහුණ දෙන්න පුළුවන්. සඳුදා කන්තෝරු ගියහම මට එයාට කතා කරන්න පුළුවන්. ඉරිදා දවස ගෙවිලා ගියේ හිමින් හිමින්. හැන්දෑවේ ගුවන් විදුලියෙන් ඇසුණු ගීතය මම හිමින් මිමිනුවා. ඒක අම්මෙකුයි දුවෙකුයි ගයන යුග ගීතයක්. ඒ ගීතය ලියලා තියෙන්නේ රත්මලේ බන්දුල ගුණවර්ධන සංගීතය විජේරත්න රණතුංගයන්ගේ. එය ගයන්නේ විශාරද නිර්මලා රණතුංග හා සෙව්වන්දි රණතුංග.
දුව - සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නළාගන්න හිතයි දෝතට මල්
කොහොම වඩින්නේ
අම්මා - කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙළා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ


Friday, June 17, 2016

(64) තනි වෙන්නට මගේ ලොවේ - වික්ටර් රත්නායක


සිංහල විරහ ගීත අතර නොමියෙන ගීතයක් ලෙස මෙමෙ ගීතයේ පද පෙළ රචනා කරන්නේ බුද්ධදාස ගලප්පත්ති මහතා. 1980 දශකයේ මැද භාගයේ ලියවුනු මේ ගීතය ඒ මහතාගේ අත්දැකීම් ඇසුරෙන් ලියන ලද්දක්. එය එතුමාගේ වචනයෙන්ම;
මේ ගීය ලියෑවුණේ අසූගණන්වල මැද. ප්‍රේමය ගැන අත්දැකීමක්‌. හැබැයි මගේම අත්දැකීමක්‌ කියා සම්පූර්ණයෙන්ම කියන්න බැහැ. කොටසක්‌ මගේ අත්දැකීමක්‌. සත්‍ය හා කල්පිතයන් අතර අත්දැකීම් පෙළක්‌ කියලා කිව්වොත් නිවැරැදියි.

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්




Wednesday, April 13, 2016

(63) සුළඟේ පාවී ඈ වෙත යාවී - මිල්ටන් මල්ලවාරච්චි


සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්...
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්

පාසලේ දි මා දිහා
නෙත් කොනින් බලා
ඔබ කියූ රහස් කතා
නෑ සැබෑ වුණේ

සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්

ගී පොතේ හි මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
බැලු බැලුම් පිරින්යේ

සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්

පාසැල් විය තුළ බොහෝ දෙනෙක් තුළ ප්රේනමනීය සිතුවිලි ඇතිකරයි.එනමුදු සාර්ථක වන්නේ නම් සියයට පහකටත් අඩු ප්රකමාණයක් යැයි කීම අසථ්යියක් නොවන බැව් දන්නෝ දනිති.මන්ද යත් පසැල් වියේ විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන්නා වූ අකාර්ශනය ප්රේ මයක් ලෙසින් වරදවා වටහා ගැනීමයි.එහෙයිනි පාසැල් ප්රේඅමය බොළඳ ප්රේරමයක් ලෙසින් හඳුන්වනුයේ.කෙසේ වෙතත් මෙම ගීතයද දිවයන්නේ හැබෑ නොවූ පසැල් වියේ බැඳ ප්රේ මනීය සිතුවිල්ලක් වෙතය.





(62) බිරිඳ මගේ ඔබ - විශාරද නන්දා මාලිනී ගෝකුල සමඟින් විශාරද ගුණදාස කපුගේ



බිරිඳ මගේ ඔබ
නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..

ආදරයෙන් බැඳුන පෙම්වතුන් සැමටම විවාහ වන්නට ඔවුන් ජීවත් වන සමාජයෙන් ඉඩක් නොලැබේ.ඇතම් පෙම්වතුන්ට එක නොවී සදාකාලිකව වෙන්වීමට සිදුවේ.එවිට ඔවුන්ට සිදුවනුයේ තමන් ආදරය නොකළ,අපේක්ෂා නොකළ අයෙකු හා විවාහ වන්නට සිදුවීමයි.නමුත් එසේ බලෙන් එකතු කරන ලද ඔවුන් සාර්ථක පවුල් ජීවිත ගත කරනුයේ ස්වල්ප දෙදෙනකි.බොහෝ පවුල් ජීවිත තුළ ඝට්ටනයක් ඇතිවේ.ඇතමුන් එකිනෙකාට වෛර කරගැනීමට,ඔවුනොවුන් අඩ දබර කරගැනීමට පෙළඹෙනු දැකගත හැකිය.එකී ඝට්ටනය ඇතිවනුයේ ඔවුන් එකිනෙකාගේ අදහස් සිතුම් පැතුම් ඔවුන්ට වටහාගත නොහැකි නනිසා නොවේද?




(61) හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් - වික්ටර් රත්නායක



හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...

ප්රේමමයක් දළු ලන්නට ස්භාවධර්මය ලැබෙනුයේ පුදුමාකර සහයෝගයකි.ගහ කොළ,අහස,නිල් පැහැ වළාකුළු,ගං ඉවුරු,වැව්,සඳ ,සීතල සුළඟ මේ හමදෙයක්ම ප්රේමමනීය හැඟුම් උද්දීපනය කරලීමට බලපායි.එනයින් බෑලූ කල ප්රේ්මය හා ස්භාවධර්මයා අතර ඇත්තේ අවියෝජනීය බැඳීමක්.ප්රේැමයේ අත්උදව් කරුවා ස්භාවධර්මයාය.ප්රේරමයට උදව් උපකාර කරන්නට ස්භාවධර්මයා සැදී පහැදී සිටී.එවැනි අවස්ථාවක් කාලිදාස විසින් විරචිත මේඝදූතයේ දැකගන්න පුළුවන්අලුත විවිහ වුණු යක් සෙනවියකු තම සේවය පැහැරහැරීම හේතුවෙන් කුවේරයාගෙන් දඩුවම් ලබවා.ඒ තඒ හේතුවෙන් ඹහුට තම බිරිඳගෙන් වෙන්ව සිටින්නට සිදුවේ.ඒ මොහෝතේ දුකින් පෙළෙන තම ප්රිවයම්බිකාව සනහා ලන්නට වළාකුළක් අතේ පණිවිඩයක් යවයි.





(60) සිනා පොදක් වී ඔබගේ දෑසේ - විශාරද දීපිකා ප්රියදරශනී



සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කදුළැල්ලක් වී ඔබගේ දෑසින්
ගිළිහී යන්නට උරුම කළේ ඇයි

සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කරදා සැගව ගියේ ඇයි

මල් කැකුළක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා පියවර අවුරා
අසරණ කරදා ඉවත ගියේ ඇයි



අහිමි වීම දරාගත නොහැකි වූ අවිහින්සක යුවතියක්ක් පාදක කරගෙන නිර්මානය වූ සින්හල ගීතාවලියේ අපූර්වතම නිර්මානයක් තමයි අද ගීයක අරුතක මුල් වෙන්නෙ. කුලරත්න ආරියවන්ශා ශූරීන් විසින් රචිත ඒ වගේම සන්ගීතවෙදී රෝහන වීරසින්හයන් විසින් සන්ගීතවත් කරන විශාරද දීපිකා ප්රියදරශනී ගායිකාව ගීතවත් කරන ඔබ අප ගොඩාක් ආස කරන මෙන්ම අද දක්වා ජනප්රියතාව බිඳුවකුදු අඩු නොවේඅ එන ගීතයක් තමයි " සිනා පොද වී" ගීතය





(59) දුරස් වන්නට මේ ලෙසින් - ආචාර්ය දයාරත්න රණතුංග



දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//

අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද...

දුරස් වන්නට මේ ලෙසින්...

අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද...


ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් සංගීතවත් කොට ගායනා කරන මෙම ගීතය ප්රේ.මය විරහ වේදනාව තේමාකරගත්තකි.මෙම ගීතයේ ගේය පද රචනාව ආචාර්ය අංන්තා රණසිංහයන්ගෙනි.මෙහි කථක පෙව්වතා ප්රේ මයේ සොඳුරු බව මෙන්ම රුදුරු බවද අත්විඳ ඇති බැව් පෙනේ.




(58) මා ඉතින් යන්න යනවා - විශාරද සුනිල් එදිරිසිංහ



මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි //

ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි

මා ඉතින් යන්න යනවා...

සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා...



මහැදුරු හදිරිවීර සරච්චන්ච්රුයන්ගේ සුරතින් රචිත මළගිය ඇත්තෝ නවකතාව බොහෝ ගේය පද රචකයන්ට වස්තු බීජ සපයන්නක් විය.එය වස්තු විෂය කරගනිමින් වැඩිම ගීත ප්රිමාණයක් රචිත ගීත රචකයා ලෙසින් රත්න ශ්රීබ විජේසිංහ හැඳින්වීම වඩාත් නිරවද්යර බැව් මගේ හැඟීමයි.දෙවෙංදොරා සං නොරිකොගෙන් සමුගෙන කියෝතෝ බලා යෑමට සූදානම් වන මොහොතේ ඔහු හා නොරිකො සං අතර කෙරුණු පහත සංවාදය මෙම ගීතයට පමණක් නොව බොහොමයක් ගීත සඳහා වස්තු විෂය විය.



(57) කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී - විශාරද නන්දාමාලිනි



කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී



පෙම්වතුන් යුවලක් ප්රේමයෙන්බැඳුණු පමණින් ඔවුන්ට එක්වීමට ඉඩදීමට තරම් සාජයකාරුනික නැතුව සේම ඊට සූදානම්ද නැත.සමාජය විසින් ඔවුන් එකිනෙකා නොයෙකුත්තහංචි හා බාධකයන් පමුනුවති.කුල මල ආගසම්ජාති භේදය ,කන්යාභාවය,ධකයයනාදිය එයින් සමහරකි.මෙකී තහංචි බිඳගෙන ගොසික් සාර්ථකත්වය ලබකුවේසවිමත් ප්රේම බන්ධනයන් කිහිපයක් පමණි.මෙම ගීතය තුළින් ද නිනරනය වනුයේඑකී සමාජ බන්ධනයන් හ්තුවෙන් එක් වීමට නොහැකිව ලතවෙන ප්රේමයක දුක්මුසුහැගුම් සමුදායයි.



(56) අතීතය සිහිනයක් පමණයි - කරුණාරත්න දිවුල්ගනේ



අතීතය සිහිනයක් පමණයි
සෑබ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබෑදුනා නම්
මෙදා වියොවක් නෑ
තෑනූ මන්දිර බිදී වෑටුනට
නේතේ කදුලක් නෑ
සිනාසෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ
සොබා දහාමට නොවාන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවෙ පෑරදුම මිසක කිසිදා
ලෑබු දිනුමක් නෑ
පද රචනය පල්ලේගම හේමරතන හිමි
***************************

පූජ්ය පල්ලෙගම හේමරතන ස්වාමීන් වහන්සේ විසින් රචිත අතීතය සිහිනයක් පමයි ගීතය අර්ත රසයෙන් පරිපූර්න වූ ගීතයක් ලෙස සැලකිය හැකිය. මෙහි ඇති විශේශත්වය වන්නේ බුදුන් වහන්සේ දේශනා කල ධර්මයේ හරය ඉතා ශන්ශිප්ත කර අප වෙත ඉදිරිපත් කර ඇති නිසාය

(55) අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - ටී.එම්.ජයරත්න



අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.
ගෙදර බුදුන් අම්මා කියල හැමෝම කියද්දි තාත්ත කියන කෙනාට කවුරුවත් ගෙදර බුදුන් නොකියන්නෙ ඇයි. මොන දේ වුනත් මොන ප්රවශ්නෙ ආවත් මට නම් මගෙ අම්මයි තාත්තයි දෙන්නම එක හා සමානව වටිනා. මගේ ගෙදර බුදුන්ල දෙන්නයි. ඒ මගේ අම්ම තාත්තා

මේ ගීතය අද ඉදිරිපත් කරන්න හිතුනේ ඊයෙ දවසෙ සමාජ ජාල වෙබ් අඩවිය පරික්ශා කරන කොට හම්බු උන ඉතා සන්වේදී රූප දෙකක් නිසා. මේ ලිපිය සමග අමුනා ඇති ඒ රූප දෙක ටිකක් බලන. තම පුතුට රොටි කවන පිය තුමාගේ ඇස් වලි වැටෙන කඳුලු කැට. මුහුනේ ඉරියව් වලින් ඒ උත්තම පුරුශයගෙ හදවතේ තියන ශෝකය වේදනාව අපේ හදවත් වලට කොච්චර දැනෙනවද. අපේ තාත්තලත් අපි නිසා කොච්චර දුක් විඳල ඇත්ඩ.
සමස්ත පියවරුන්ටම මේ ගීතය මෙන්ම විචාරයද උපහරයක් වේව

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් ඔබේ ලෝකය එලිය වුනී
රැකුමට පූතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලිය වුනා මදී

(54) හන්තානේ කඳු මුදුන සිසාරා - පණ්ඩිත් අමරදේවයන්



හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //
තුන්මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැඟුනු සතුටු රළ
මිරිඟු සයුර විනි අතීතයේ //
පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳුනු ඇසේ

පේරාදෙණි සරසවිය ස්භාව සෞන්දරත්වයෙන් අගතැන්පත් සරසවියකි.හන්තාන කඳුවැටිය,මහවැලි ගඟ තුරු ලතා,මහල් මේ සියල්ලම එහි සුන්දරත්වය අද්දීපනය කරයි.එකී සුන්දර්්වය,රමණීය බව ආදරවන්තයින්ට කදිම තෝතැන්නක් සපයයි.එකී පරිසරය තරුණ තරුණියන්ට ප්රේරමනීය හැඟුම් දනවයි.එකී පරසරය සොඳුරු පෙම් බැඳුමකට අත වනයි.කෙසේ නමුත් සරසවිය පෙම්වතුන් එක්කිරීමට පමණක් නොව පෙම්වතුන් වෙන් කරලීමට හැකි බැව් නොරහසකි.මෙම ගීතයට විෂය වනුයේද සරසවිය තුළ අහිමි වී ගිය පෙම පිළිබඳ ශෝකයෙන් පසුවන පෙම්වතුගේ විරහ වේදනාවයි.


(53) මින්දදයෝ ඇවිදින් - නිරෝෂා විරාජිනි



මින්දදයෝ ඇවිදින් අහපන්
රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ


බක් මී මල් පිපිලා සුවදට
සඳ ගෙට පායනවා
වැවේ නෙළුම් පිරිලා නිල් දිය
දොළේ හිනා වෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා


නා දළුවල හැපිලා මඳ නල
වැට ළඟ කැරකෙනවා
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා





නිසි කල වසයට එළඹි කල යුගදිවියට එළඹීම ඕනෑම තරුණ තරුණියකගේ සිහිනයකි.එකී සිහිනය සැබෑවක් කරගත නොහැකි වූවොත් සිතෙහි හටගන්නා වූ දුක්මුසු සිතුවිලි කොපමණදැයි අමුතුවෙන් කියයුතු නොවන්නේය. තම සිත් ගත් තරුණයකු සමඟින් විවාහ දිවියට ඇතුළත් වීමේ සොඳුරු අපේක්ෂාවන් පසුවන යුවතියකගේ සිතට පිවිස තිබෙන්නා වූ සොඳුරු ආළ මෙම ගීතයට වස්තු විෂය වී ඇති බැව් පෙනේ.ඈ මඟබලා සිටිනුයේ තම ආල හැඟුම් සමඟින් තමා වැළදගන්නට ,තම දෑත ගන්නට පෙම්බරයකු පැමිණෙන තෙක්ය. එහෙත් ඇගේ එකී පැතුම තවමත් සඵල වූ බවක් නොපෙනේ.එහෙත් ඈ සිටින්නේ එනී බලාපොරොත්තුව සඵලවේ යන දැඩි උපේක්ෂාවෙන් යුතුය.

(52) සැබෑ නොවෙනා හීන හරි මිහිරියි - කසුක් කල්හාර



සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුලඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//
පහන නිවුනත් පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුලඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//

ජීවිතය අපට හීන දකින්නට කියාදෙයි.නමුත් අප දකින හීන සැම එකක්ම සැබෑවක් නම් නොවේ.සැබෑ නොවුවද එම හීනයන් ගෙනඑව්නේ අපූර්ව වූ මිහිරියාවකි.මෙහි කථකයාද එලෙසින් සැබෑ නොවුනු හීනයක් දැක ඇත.ඒ හීනය කුමක්ද?තමන් පෙම් කල යුවතිය හා එක් වහළක් යටට ජීවත් වීමට යම නොවන්නෙහිද? සිතිජයක් සේ රවටලා සිත යනුනෙන් සංකේතවත් වනුයේ තාව අතහැර ගිය පේමය නොවේද?සිතිජය යනු සයුර හා අහස යන වස්තූන් දෙකම එකට එක්වූ යැයි පෙනෙන ස්ථානයයි.එය පෙනෙන මායාවක් වැනි දෙයක් මිස සැබෑවක් නොවේ.කථකයාද ප්රේටමය හමුවේ රැවටුනා වැනිය.

(51) සඳ එළිය මමයි නම් සඳ සාවි මගෙ මැනික - ශශිකා නිසන්සලා



ගොඩාක අය මේක සමලින්ගික අර්තයක් ගැන කියනව, මට නම් මේකෙ එහෙම අර්තයක් හොයාගන්න ඇත්තටම අමාරු වුනා. ඇත්තටම එහෙම අරුත එන හැටි අවුරු හරි දන්නවනම් මට කියල දෙන්න තරම් කාරුනික වෙන්න කියල ඉල්ලා සිටිනව පලමුවෙන්ම.

ප්රවීන ගීත රචක වසන්ත ලියනගේ මහත්මයා රචනා කරපු ශශිකා නිසන්සලා ගායනා කරන සඳ එලිය මම නම් ගීතය දිහාට අපි පොඩ්ඩක් හැරෙමු. එක්තරා තරුනයෙ හා තරුනියක් ආදරයෙන් බැඳිලා කාලයක් හොඳින් ජීවත් වෙනවා පස්සෙ මේ දෙන්නට අකමැත්තෙන් උනත් වෙන් වෙන්න වෙනව, දුඉන් දොම්නසෙන් කාලය වේගයෙන් ගිහින් එක්තර දිනයක් මේ යුවතියට මේ පෙම්වතා එවපු පෙම් ලිපියක් හමු වෙනවා. ඒක තමයි මේ ගීතයට ප්රස්තූතය වෙන්නෙ.



සඳ එළිය මමයි නම් සඳ සාවි මගෙ මැනික
තරු එළිය මමයිනම් කුමුදුනිය මගෙ මැනික
ලස්සනට ඔබ ලීව
පෙම් වදන් දකින සඳ
සියොළඟම දැවේවී
අවුලුවා හද ගින්න
සාගරේ තරමටම
උණු කඳුලු සලාලා
ආදරේ දුක තරම
මම කියමි හදාලා
සඳ එලිය මමයිනම්......
මල් පිපෙන තරමටම
හද පැතුම් පිපේවා
තරු දිලෙන තරමටම
ආදරේ දැනේවා
සඳ එලිය...

(50) ඇරඹුමම කඳුලක් වෙලා - කසුන් කල්හාර ජයවර්ධන


ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...//

දුක්බරව කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා...//
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා...//
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...

ආදරය.........බොහෝ විට කෙළවර වෙන්නේ විවාහයෙන්... ඒ එදා........ ඒත් අද.... අද ආදරය කරන්නේ විවාහ වෙන්නමද.......අද අපේ සමාජ සංස්කෘතියත් ගොඩාක් දුරට බටහිර පන්නයට නැඹුරුවෙලා. ආදරය කියන්නේත් මේ සමාජ සංස්කෘතියේම කොටසක්නේ.....ඒ නිසා සමාජ සංස්කෘතියත් සමගම ආදරයන් බටහිර ක්රමයට නතුවෙලා. ඒ නිසා තමයි ආදරයේ කෙළවර විවාහය නොවන බවට බොහෝ තරුණ තරුණියන් හිතන්නේ. අද ආදරයට ඉලක්කයක් අරමුණක් නැහැ. ගමනක් තියෙනවා. ඒත් යන්න තැනක් නැහැ......ඒ වගේ තමයි ආදරයත්......ආදරයත් තියෙනවා.......ඒත් ඊට අරමුණක් හේතුවක්, ඉමක් කොනක් නැහැ......



(49) වියෝ වූ පසුවයි දැනෙන්නේ - සුනිල් එදිරිසිංහ


බොහෝ දෙනෙක් ආස කරන, බොහෝ දෙනෙක් ඉල්ලපු ගීතයක් අද මේ විදියට ගෙන එන්න තීරනය කලා, මේ ගීතයේ ඇත්ත කතාව මොකක්ද කියල මට තවම හොයා ගන්න බැරි උනා. ඒ උනාට මේ පද පෙලි අස්සෙ හිත ඇවිදගෙන යනකොට හමු වුන සරල යතාර්තය මේ විදියට අකුරු කරන්න හිතුනා

"වියෝ වූ පසුවයි දැනෙන්නේ"

ගීත සාහිත්යය ශේත්රයට අනගි බවනීය නිර්මාන ඉදිරිපහ් කර බන්දුල නානායක්කාරවසම් මහත්මයගේ මේ අපූරු නිබැඳියාවට රන්සප්තස්වරය එකතු කරන්නේ රෝහන වීරසින්හ ශූරීන්. හඬ පෞරුශත්වය විශාරද සුනිල් එදිරිසින්හ ශූරීන්ගෙන්
මේ පෙම්වතා පෙම්වතියක් හොයා ගන්නව මොවුන් දෙදෙනා බොහොම ආදරයෙන් ඉන්නව . මේ පෙම්වතියට කලින් පෙම්වතෙක් ඉඳල ඔහු මැයව අතහැරල යනව. ටික කාලයකට පසුව මේ පෙම්වතා ආපහු අර පෙම්වතිය හොයාගෙන එනවෑතකොට මේ දෙන ආදරයෙන් බැඳිල ඉන්නව. කොහොම උනත් පෙම්වතිය ඇත්තටම අදරය කරල තියෙන්නේ අර පරන පෙවතාට නිසා ඇය නැවතත් අර පරන පෙම්වතා සමග යනවා අපෙ ආදරනීය කතිකය තනිවෙනව.

(48) අතීතය සිහිනයක් පමණයි - කරුණාරත්න දිවුල්ගනේ


වියෝවේ ස්වප්ත්සවර වැයෙන්නාවූ අපූර්වතම නිමැවුමක් වූ මෙහි සරල සුන්දර අරුතක් වියෝව මිශ්‍රඉතව ඉදිරිපත් කර ඇත

අතීතය සිහිනයක් පමණයි
සෑබ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබෑදුනා නම්
මෙදා වියොවක් නෑ





කලක් ප්‍රේමයෙන් බැඳී සිටි යුවලක් හා ඔවුන් ආදරයෙන් සමු ගෙන පෙම්වතා මෙම ගීතය ඉදිරිපත් කරන ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. වියෝව දරාගත නොහැකි වූ පෙම්වතාට අනුව ඔහු අතීතය සිහිනයක් ලෙස දකිය්, මේ අතීතය යනුවෙන් හුවා දක්වන්නේ තම පෙම්වතිය හා ගෙවුනු සොඳුරු සමයයි, ඇය හා ඉතා සමීපව සිටිමින් ඇයගේ දෙකමුල් සිප ගනිමින් ඒ ලබන්නවවූ නිර්‍රාගී සුවඳ එදා මෙන් මේ පෙම් වතාට තවමත් දැනෙනව. නමුත්

(47) සොඬින් නෙළුම් මල ගෙනියන(ඇතින්නියේ) - අතුල අධිකාරී


සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා රැඳි විලංගුවේ
වටින් මහ සෙනඟ ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
පුතුන් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොම් දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි


ස්ත්රිය යනු දරුවන් වැදීමත්,නිවසට වී ආහාර පිස දෙමින් දරුවන්ගේ හා ස්වාමිපුරුෂයාගේ කටයුතු සොයාබලමින් සිටීම ස්ත්රිීයගේ කාර්යබාරය ලෙසින් සමාජය තුළ දෘෂ්ටිවාදයක් ගොඩනැඟී ඇත.එකී දෘෂ්ටිවාදය ගොඩනඟන ලද්දේද අතීත සමාජය විසිනි.අතීතයේ පැවති එතරම් සංකීර්ණ නොවූ සමාජය තුළ කාන්තාවට එවැනි කටයුතු කිරීමේ හැකියාවක් තිබුනද මුදලට වටිනා තැනත් හිමිවී තිබෙන සංකීර්ණ සමාජ ක්ර මය තුළ කාන්තාවට

(46) විකසිත පෙම් පොකුරු පියුම් - පණ්ඩිත් අමරදේව


ලොව හටගන්නා වූ සෑම ප්රේමයක්ම විවාහයෙන් කෙළවර වන්නේ නම් කදිමය.නමුත් එය එසේ නොවන්නේය.ඇතමුන්ට අවසානයේ හිමිවන්නේ විරහ වේදනාව පමණි.වර්ගය,කුලය,ධනය,ජාතිය,රැකියාව වැනි පොදු සතුරන් ඊට හරස් වී බිද දමයි.එසේ බිද වැටුනු ප්රේමයක් ගැන කියන්නා වූ ගීතයකි "විකසිත පෙම් පොකුරු පියුම්" නම් වූ ගීතය.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...

විකසිත වූ පොකුරු පියුම් මනරම්ය.අතිශය සුන්දරය.එම පියුම් සුනු විසුනු කොට ඈ වෙනකෙකු හා පතිකුලයට යයි.නමුත් ඔහු ඇයට තවමත් ප්රේම කරයි.ඇය තවමත් ඔහුගේය.එහෙයිනි ඔහු ඇයට ආමන්ත්රණය කරනුයේ කරනුයේ මගේ සොඳුරු ළඳුනේ ලෙසිනි.තමාව අමතක කොට විවාහ වන්නා වූ කාන්තාවකට තවමත් එලෙසින්ම ආමන්ත්රණය කළ හැකිද?එමගින් ඔහු තුළ ඈ කෙරෙහි ඇති ප්රේමය නිරෑපණය වේ.




(45) ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ - සුනිල් එදිරිසිංහ


ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ... //

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ

ශිල්ප සොඳින්...

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බමරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

ශිල්ප සොඳින්...//






තම පෙම්වතියගෙන් තාවකාලිකව හෝ වෙන්ව,එසේත් නැතිනම් ඈත්ව සිටීමට සිදු වූ කළ පෙම්වතකුතුළ කොතරම් වියෝ දුකක් හටගනීද?එකී අත්දැකීමට මුහුණ පෑ අවිහිංසක පෙම්වතකුගේ සිතට නැඟුණා වූ ශෝචනීය මනෝභාවයන් සමූහයක් මෙම ගීතය තුළින් ප්ර කාශිතය.

(44) පලංචියේ ලී ඉරුවේ - සුනිල් එදිරිසංහ සමඟින් එඩ්වඩ් ජයකොඩි

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද..
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොදහිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද..

පලංචියේ...//

දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...

පලංචියේ...//





ප්රේිමයද නැතිනම් මිතුදමද යන උගතෝකෝටික ගැටළුවට මැදිවූ කළණ මිතුරන් දෙදෙනකුගේ සිතුවිලි දමායන් මෙම ගීතයට විශය වී ඇත.ගීතය හා බැදුණු අත්දැකීම අපූරුවට විකාසනය කරලීමට

(43) කවුළු පියන් පත් වහන්න - කසුන් කල්හාර

කවුළු පියන් පත් වහන්න 
සඳළු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා 
ළවැලි තලාවේ

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
සඳළුතලාවට පැල්පත දුරනම් බෝමැයි

කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරණ තරු කැළුම් අහසට නොම පෙනුනාවේ 
සිත ඈත අරන් යන විමනේ සඳළුතලාවේ 
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ






සැබෑ නොවූ ප්රෙමයන් සිතට ඇති කරලන්නේ දොම්නසකි.එය කොතරම් වේදනාත්මකදැයි එය විඳ ඇත්තෝ හොඳින්ම දනිති.එහෙයින් එය කෙබඳුදැයි හඳුන්වා දීමට අටුවා ටීකා ටිප්පණි අවශ්ය නොවේ.ප්රේමයන් විවාහයෙන් ඛෙළවර නොවී කඳුලකින් හමාර වීමට හේතු කුමක් විය හැකිද?එය හුදෙක් දෛනාගේ අදහස් නොගැළපීම මත් පමණක්

(40) ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක



දස මසක් කුසේ හොවා හිද මෙලොවට බිහිකර මා වඩන්නට නොවිදි දුකක් නැත. දිවිකතරේ පියමනින මා හට සොදුරු ඉම් සොයා දෙන්නට ඇය නොකළ කැප කිරීමක් නැත. මහමෙරක් වන් බර දිවිය පුරා උසුලමින් සිය කඳුල හද ගැස්ම, සුසුම් පොද මා වෙනුවෙන් ස්නේහයෙන් කැප කළ ඇයට මම ණයගැති වෙමි. රජුන් විරුවන් වී නෙක ඉසව් හී ජයකෙළි නංවන්නට පෙර මං බැලූ සිය දූ පුතුන්ගේ ගමනට සවිබල දෙමින් තම නිවන් මග පමා කළ ජාතියේ බෝසත් අම්මාවරුන් ගැන ඒ උණුසුමේ වැඩුනා වූ දූ පුතුන්ගේ හඬිනි කියවන හෝරාව .ආදරණීය අම්මා.

ලෝකයේ තිබෙන්නා වටිනාම වස්තුව වන්නේ මව යැයි කීම අතිශෝක්තියක් නොවන්නේය. එකී මවකගේ ආදරයට සමකළ හැකි අන් කිසිවක් මිහිපිට නොමැත.එම දාරක පෙම ගැන කියන්නා වූ අතිශය රමණීය ගීතයකි මෙය.තම මව මතු බුදුවන බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.ඒ විශ්වාසයම මෙහි කථකයා තුළත් දැඩිව තිබේ.අද තමා ඇයගේ සුළැගිල්ලේ එල්ලී එන්නාක් මෙන් ඇය මතු බුදුවන දිනයේදීද එලෙසින්ම එනබව ඔහු කියමින් ඉඟි කරනුයේ එයයි.


ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිලේ එල්ලී

(39) අන්දරයායේ වැව් තාවුල්ලේ - කරුණාරත්න දිවුල්ගනේ


දිනේ පටන් මා උපන්න
ඔබ විඳි දුක් බැහැ කියන්න
දොහොත් මුදුනෙ තබා මෙන්න
ව්න්දිමි පියෙනි පින් ලබන්න

තාත්තා කියන වචනයට මගේ අරුතක් දෙනවට වඩා මගේ මිත්රියෙක් ඒ වචනෙට අපූරු අරුතක් එක් කරල තිබුන මේ බුකියෙ. ඔක්කොටම කලින් ඒක චුට්ටක් කියවල ඉන්න, මේ අපූර්වතම මගේ ඔන්ලයින් මිත්රය තමයි Saar Chanuka

("තාත්තා.....මොන තරම් බරක් හිතට දැනෙන වචනයක් ද...ජිවිතේ මම දන්නා විදිහට අම්මා කියන්න කලින් තමා අපි තාත්තා කියන්නේ...එහෙම කියන්නේ මගේ අම්මා...මම මුලින්ම කිවුවේ තාත්තා කියලලු...සමහර විට ඒ නිසා වෙන්න ඇති තාත්තගේ ආදරේ බරට දැනෙන්නේ...මගේ තාත්තා මට මිල කරන්න බැරි අමිල වස්තුවක්...තාත්තා අපේ ලෝකේ රජෙක් ඒ වගේම වීරයෙක්...තාත්තෙක් ගේ ආදරේ බර අපේ පපුවට දැනෙන්නේ කවදාහරි ඒ පුතා තාත්තා කෙනෙක් උනාම...ඒ දුව දීගෙක යනකොට...අම්මා වගේ ලේ කිරි කරලා නොපෙව්වට...තාත්තගේ දහඩිය ලේ වලට සමයි.....අපි අද යම්

(38) ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් - කරුණාරත්න දිවුල්ගනේ


50,60 දශකය ආසන්නයේ එක්තර තරුන කොලු ගැටයෙක් එවකට පැවති එස්.එස්.සී විබාගයෙන් අනතුරුව ලැබෙන නිවාඩුව ගත කිරීම සඳහා තම මවගේ සහෝදරියගේ නිවසට යනව. මේ නිවස පිහිටා තිබෙන්නෙ අප්ම්පාර දිස්තේක්කයෙ ඉතා ඈත ගම්මනයක්, මේ නිවසෙ දින කිහිපයක් නතර වෙලා ඉන්න තරුනයට දකින්නට ලැබෙනව ඉස්සරහ ගෙදර බොහොම ලස්සන තරුනියක්, මේ තරුනයට මේ තරුනිය පිලිබඳව ප්රේම සිතක් පහල වෙනව. ඉතින් කොහොම කොහොම හරි ටික දවසක් යනකොට මේ තරුනියයි, තරුනයයි ටිකක් හඳුනගෙන දෙන්න සුහද මිතුරන් බවට පත් වෙනව. මේක බොහෝම අපූරු මිතු දමක් උනා. තරුනියට සින්හල බැහැ දෙමල විතරය් දන්නෙ, මේ තරුනයට දෙමල බැහැ සින්හල විතරය් දන්නෙ, මේ දෙන්න කතා කරන්නෙ අබිනයනයෙන් ඒ කියන්නෙ අත පය වලින් අන්ග චලන වලින්, ටික කාලයක් මෙහෙම යනකොට මේ තරුනියත් මේ තරුනයාට සිතින් ආදරය කරන්න ගන්නවා, දැන් දෙන්නට දෙන්නට ආදරෙයි, නමුත් ප්රකාශ කරගන්න විදියක් නැතුව දෙන්නම හිතේ තද කරගෙන ඉන්නවා. 

කාලය ටිකෙන් ටික ගෙවිල මේ තරුනයට ආපහු නැවතත් ගම් රට බලා යන්න සිද්ද වෙනවා. ඒ යන්න කලින් දවසෙ මේ තරුනයගෙ නැන්දලගෙ ගෙදර පොඩි උත්සවයක් තියනව එකට මේ තරුනියලගෙ පවුලෙ උදවියත් සහභාගී වෙනව. උත්සවය අවසානයේ මෙ තරුනිය දුවගෙන ඇවිත් මේ තරුනය බදාගෙන මහ හය්යෙන් අඬන්න පටන් ගන්නව. ඒ වෙලවේ තමයි හැමොටම මේ ආදරය තේරුම් ගියේ නමුත් ඊ කාලෙ වෙනකොට තිබුනු ජාතිවාදී මති මතාන්තරත් එක්ක මේ දෙදෙනගෙ එක්වීමට හොඳ ප්රතිචාරයක් නම් ලැබුනෙ නෑ. කොහොම නමුත් පසුදා මේ තරුනය මේ නිවසින් ආපහු ගම රට බලා යන්න පිටත් වෙනව


(37) කන්ද පිරිමැද - සේනානායක වේර ලියද්ද


කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට 
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නන්ගියේ අපි දැන්ම මග බැහැලා //

අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින්//
ගෙවා අටවක වැඩෙයි අවසඳ නොවී ඉමු ඉක්මන්

කන්ද පිරිමැද .............

ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් //
පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්..

කන්ද පිරිමැද.......//





සියඹලන් ගමුවේ අමරදාස ශූරීන් විසින් පද වැල් පබඳ ලද මෙම ගීතය පිලිබඳ බොහෝ අරුත් විචාර ඇති අතර එයින් මා වඩා යොග්ය යැයි, ගීතයට වඩා උචිත් යැයි හැඟෙන්නවූ විචාරයක් මෙසේ පෙල ගස්වන්නෙමු..

"කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට ඒවි හඳ පායලා"
හඳ පායන හැටි බලන් ඉන්න අපි ගොඩක් ආසයිනෙ ඒ වුනාට මේ හඳ පායන්නෙ හරි හෙමින් හෙමින්.ගේ කතකයාට මේ හෙමින් හඳ පායන එක පේන්නෙ කන්ද පිරිර්මැදගෙන හෙමීට හෙමීට ලන්ද මුදුන හඳ පායගෙන එනව. ඒ කියන්නේ

(36) සියක් ආයු ලැබ - ටී.එම්.ජයරත්න


ගත රුහිරු කිරි කර රජ පුතුන් තනන
දිව රෑ වෙහෙසවී
තම සුඛවිහරනය නොපතන
තම දූ දරුවන්ගේ
මතු දිවියම පතන
සුව හසක් වූ
ගෙදර බුදුන් වූ
මවු සෙනෙහසට කරෙන ගීතමය විචාරවත් උපහාරයයි මේ

තම මව වෙනුවෙන් පුත්රෙොයකුට කළ හැකි උසස්ම උපකාරය කුමක්ද?ඒ තම මව තවත් චිරාත් කාලයක් වැජඹෙන ලෙස ප්රාරර්ථනය කිරීම නොවේද?මෙහි කථකයාද තම මව එලෙසින් දීර්ඝායුෂ පතයි.ඔහු පතන්නේ තමාගේ ආයුෂද ගෙන ඇය දිගුකල් වැජබේවා ලෙසයි.මෙය වූ කලී කථකයාගේ හදවතින් උතුරා යන මවු සෙනෙහස නොවන්නෙහිද?තමාට ජීවිතය දුන් මවට නැවත එම ජීවිතය පරිත්යා ග කිරීමට තරම් ඔහු තම මව කෙරෙහි මහත් සෙනෙහසින් බැඳී ඇත.